අවු 15 දැරිය හතර පාරක් හතර දෙනෙක් එක්ක ගණිකා සේවයේ යොදවලා

සිය බාල වයස්‌කාර දියණිය ගණිකා වෘත්තිය සඳහා කුට්‌ඨනය කරන ලදැයි මවක්‌ වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් කියා තිබේ.

තමන් වයික්‌කාල තඹරවිල රණවිරු කමලසිරි මාවත පදිංචිව සිටින බවත් නිවස අසල පදිංචි සුරාඡ් දබරේරා සහ නිලූකා යන දෙදෙනා වයස අවුරුදු 15 යි මාස 06 ක්‌ වන තම දුව ත්‍රිරෝද රථයකින් කොස්‌වත්ත හෝටලයකට රැගෙන ගොස්‌ ඇයට එහි කාමරයක්‌ ලබා දී ඇති බවත් එහිදී අවස්‌ථා හතරක දී පිරිමින් හතරදෙනකු සමඟ මුදලට ගණිකා වෘත්තියේ යොදවා තිඛෙන බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

වෙන්නප්පුව පොලිසිය සුරාඡ් දබරේරා හා නිලූකා යන දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය වෛද්‍ය පරීක්‍ෂාව සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර සිටියි.

වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

දිවයින ඇසුරෙනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.