නිලධාරීන්ට ගන්කබර පාට් දමා ජාතික ජලගැලුම් නිම්නය එලිකරයි

මුස්ලිම් ජාතිකයන් පිරිසක් චෛත්‍ය විශාල සංක්‍යාවක් විනාශ කර ඒ මත ගව මඩු සාදා ඇති බවට සහ පුරාවිද්‍යා නටබුන් විනාශ කරමින් නීති විරෝදී ලෙස වගාවන් සිදු කරන බවට විවිධ පාර්ශවයන්හි චෝදනාවට ලක් වුනු, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී රක්ෂිතයට යාබද, පුරාවිද්‍යා වටිනාකමින් ඉහල ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය, වනජීවී නීතිය අමු අමුවේම උල්ලංඝනය කරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම විසින් මෙම විනාශය සිදුකල පුද්ගලයින්ටම වගා කිරීම සඳහා ලබා දී තිඛෙනවා.

ඇමති තෙවරප්පෙරුමගේ මෙම නීති විරෝධී සහ චාරයක් නොමැති ක්‍රියාව පිළිබඳව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ අදහස් පළකරමින් ර්‍ණතැන තැන ගොස් නිලධාරීන්ට පහත් ලෙස අසභ්‍ය වචනයෙන් බැනවදිමින් තර්ජනය කරන සහ දැඩි රක්ෂිත වනෝද්‍යාන කැබලි කර ඛෙදා දෙන වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අමාත්‍ය ධුරවලින් ඉවත් කරන්නැයි” ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ර්‍ණවනෝද්‍යාන ආරක්ෂා කළ යුතු ඇමැතිවරයා ඒවා විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් මොකද කරන්නේ. එයට එරෙහි වූ වනජීවී නිලධාරීන්ට තෙවරප්පෙරුම තිත්ත කුණුහරුපයෙන් බැනලා ගහන්නත් හදලා තිඛෙනවා” යැයිද එහිදී සඳහන් කර සිටියේය.

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් විතැන්වන වනජීවය සංරක්ෂණ කිරීම සඳහා නම්කල මහවැලිය ආශ්‍රිත සංරක්ෂිත කලාප හතරෙන් එකක් තමයි ජලගැලුම් ජාතික වනෝද්‍යානය. වර්ශාවත් සමඟ පිටාර ගලන මහවැලි ගංගාව මධ්‍ය කඳුකරයේ සිට රැගෙන එන පෝෂ්‍ය පදාර්ථ, කාබනික ද්‍රව්‍ය රඳවගන්න අවසන් ⁣ස්වාභාවක පෙරහන කිව්වොත් නිවැරිදි මේ කලාපය. පිටාර ගලන ගංගාවෙ ජලයත් සමඟ දළුලා වැඩෙන තෘණපත් මේ විල්ලු සහ දියකදුරින් ගහන කලාපය පුරා පවතිනවා. මේ තෘණපත් තමයි මේ වියලි කලාපය තුල ජීවත්වන හස්ථී ප්‍රජාව වර්ෂය පුරාවටම ලබන ආහාරවලින් පෝෂ්‍ය ගුණයෙන් වැඩිම ආහාර. වාරයකට පමණක් ලබන මේ ආහාරයෙන් කුස පුරවගන්න මේ අසරණයො අවුරුද්දෙ ඉතිරි මාසවලදි ආහාර සඳහා දරුණු අරගලයක යෙදෙනවා. සිය ස්වාභාවික නිජබිම් වලින් අතිවිශාල ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සඳහා වෙන්වන හැටි, මනුශ්‍ය වාසයන් සඳහා වෙන් වෙන හැටි අද ජීවත්වන මේ අලින්ගෙ වයසින් මුහුකුරා ගිය සත්වයන් දකින්න ඇති. ස්වාභාවික අලිමංකඩවල් අහිමිවි පෙර පැවති ගහන ඝනත්වයන් සීග්‍ර ලෙස පහත බසිද්දි සෝමාවතිය සහ වස්ගොමුව සංරක්ෂිත කලාප සම්බන්ධ කරන ප්‍රධාන අලිමංකඩ වන්නෙත් මේ ජලගැලුම් නිම්න කලාපය.

මහවැලිය මේ රටට තිබ්බ අවශ්‍යතාවක්.. සංවර්ධනයත් සමඟ පැන නැඟෙන සංරක්ෂණයේ අවශ්‍යතා තෘප්ත කිරීම සඳහා අදාල සංවර්ධන කාරයන්හී පිඹුරුපත් සැකසුවන් විසින්ම අධ්‍යනය කර නිර්දේශ කර පිහිටුවා ගන්නා ලද ජලගැලුම් සංරක්ෂිත කලාපය සංරක්ෂණයේ මුලධර්ම තුල පිහිටා මිනිස් ක්‍රියාකාරකම් වලින් තොර වන සත්වයිනට ලබා දී ඇත්තෙ ඒ නිසා.

මින් පෙර අවස්ථා කිහිපයකදිම අනවසර වගා කටයුතු සිදුකිරීම සඳහා පැමිණි පුද්ගලයන්ගෙන් අදාල කලාපය මුදවා ගෙන තිබුනෙ අතිවිශාල සටනක් සහ වෙහෙසක් දරා. මේ සියලු කතා මෙසේ තිබයදි ජලගැලුම් කලාපයට අනවසරෙන් වගා කිරීම සඳහා පැමිණි අයවලුනට සහය දී වනජීවි දෙපාර්තමේන්තුවෙ නිළධාරීන්ට

පයිය තියාගෙන ඇට දෙකෙන් හුකන්ඩ එපා හුත්තො මේ මිනිසුන්ට ගොවිතැන් කරන්න ඉඩම් ටික දීපංල

යැයි පසුගියදා තර්ජනය කල නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම  සං⁣රක්ෂනය ගැන දන්නා ඇට දෙකක් නැති බව ඔනෑම මී හරකෙකුට පැහැදිලි කරුණක්. ඔහු වනජීවී  නිලධාරීන්ගෙ ඇට දෙක ගැන කතා පවත්වා සංරක්ෂිත කලාපයක වගා කරන්ට ඉඩ දී පොර ටෝක් ඉශු කල මේ ඇමතියාම අස්වනු නෙලන කාලය තුල මිනිස්සුන්ට නෙලන්නට අලි පැමිණි විටද නිළධාරීන්ගෙ ඇට දෙක ගැන ටෝක්ස් පවත්වනු ඇත. ඇතැම්විට ඒ වන විට ඔහු වෙනත් අමාත්‍යංශයක සිටීමටද ඉඩ ඇත. නමුත් මේ අහිමි වන්නෙ අමන තකතීරු වීරයා ජවනිකා රඟපාන අටපාස් ගංකබරයෙකුගෙ පෞද්ගලික දේපොළ නොව රටේ මුලුමහත් ජනතාවගෙ සම්පතක්ය. කාලයකට ඡන්දය හිඟා පැමිණ පුද්ගලික දේපොළ මෙන් තීන්දු තීරණ ගෙන ගිය පසු අදාල කලාපවල නැහෙන්නට සිදුවන්නෙ සපත්තු දෙකක්වත් නොමැතිව කටුකොරොස් වදුල් තුල රිංගා අලි ඇල්ලීමට සිදුව වනජීවි මහත්වරුනටය. උණ්ඩ නැති තුවක්කු, පුස් අලි වෙඩි අතැතිව අලි ඇල්ලීමට යන ඔවුන්ට අලි ඇල්ලිමට සිදුවන්නෙ පයිය බිම තියා ඇට දෙකෙන් ගසා අලියා කලාන්ත වනතෙක් සිට කකුලට කඹයක් දැමීමෙනි.

ඉතුරු හරියට අනවසර වගා කරුවන් එකෙක් දෙන්නෙකු එලොව ගිය පසු මාර්ගය හරස් කර මීනී පෙට්ටිය තබා උද්ඝෝෂණය කලවිට අමාත්‍යංශ මහ පුටුවේ කලවැද්දා ජලගැලුම් නිම්නය වටා අලි වැට ගසා වෝල්ටේජ් එක ඩබල් කිරීමට තීන්දු ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත. ගිය සතියේ මුලතිව් හී අනාරක්ශිත කම්බිවල වෝල්ටේජ් එක ටක්කෙටම වැඩ කර තනි දළයා එලොව යැවු හමුදා කපිතාන් කලවැද්දාගෙ පර්යේෂණයකට සහය දැක්වුවාද යන්නත් මට සැකයක් පවතී. කෙසේවෙතත් 2019 CITES සම්මුතිය ලංකාවේදි පවත්වන විට කලවැද්දා සහ ගංකබරයා එක්ව ලංකාවේ අලින් සමුල ඝාතනය කර නොතිබ්බොත් ඒ වන විට පරිණාමය වූ අලි විශේෂ දෙකක් ලංකාවෙ සිටිනු ඇත. එකක් හයි වොල්ටේජ් කැලැ අලි සහ පයිය නැතුව ඇට දෙකෙන් හුකන සිරිකොතේ අලිය…..

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.