අයිති කරගත් හැමෝම මරණයට ගෙනගිය ලෝකේ වටිනාම අවාසනාවේ දියමන්තිය

ලෝකය පුරා විහිදී පැතිරී ඇති ශාපලත් ස්ථාන, ශාපලත් වස්තූන්, ශාපලත් පුද්ගලයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් ඔබ අසා ඇතුවාට සැක නැත. මේ එවැනි ශාපලත් නිල් දියමන්තියක් පිළිබඳ කතා පුවතකි. ලොව ඇති වටිනාම පාෂාණය ලෙස සැලකෙන්නේ දියමන්තියයි. එසේම දියමන්ති ඉතා දුර්ලභය. මේ දුර්ලභ බව නිසාම දියමන්තිවලට වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් ලැබේ. දියමන්තියක් තමන් සතු කර ගැනීමට බොහෝදෙනා දක්වන්නේ දැඩි කැමැත්තකි. නමුත් අද අප මේ කතා කරන ලහෝප්ල නමැති නිල් දියමන්තිය එහි හිමිකරුවන් වූ සියලුදෙනා වෙත ගෙන විත් ඇත්තේ අවාසනාවයි. ඉතා වටිනා දුර්ලභ වස්තුවක් මෙලෙස සැමට අවාසනාව ගෙන ඒම ඛේදයකි. එම නිසා ලොව පුරා මේ දියමන්තිය අවාසනාවේ දියමන්තිය ලෙස ප්‍රකටව ඇත.

“හෝප්” නමැති මෙම නිල් දියමන්තිය සොයාගෙන ඇත්තේ ඉන්දියාවෙනි. ඉතිහාසයට අනුව මෙය පැරැණි හින්දු දේවාලයක තිබී හමුවී ඇත. එහි තිබූ අඹන ලද රූපයක ඇසක් ලෙස මෙය භාවිත කර ඇත. කෙසේ නමුත් කවරකු විසින් හෝ මෙය හොරකම් කරන ලද බැව් සඳහන් වේ. මේ බව දැන ගත් දේවාලයේ පූජකයෙක් එම දියමන්තිය ගෙන ගිය අයට ශාප කළ බවත් එදා පටන් දියමන්තිය වටා නොපෙනෙන ශාපයක් ක්‍රියාත්මක වන බවත් පැවසේ.

පසු කලෙක එනම් 1668 වර්ෂයේදී මෙම දියමන්තිය ප්‍රංශයට ගෙන යන ලදී. ඒ බැප්ටිස් ට්‍රැව්නියර් නම් පුද්ගලයා විසිනි. මෙම නිල් පැහැයෙන් දිදුළන දියමන්තියේ බර කැරට් 112ක් බව සඳහන් වේ. එසේම එහි වටිනාකම මිල කළ නොහැකි බවද සඳහන් වේ. ප්‍රංශයේදී ඔප දැමුණු මෙම නිල් දියමන්තියේ බර කැරට් 69කට අඩු වී තිබේ. ඔප දැමීමෙන් පසු මෙම දියමන්තිය ප්‍රංශ රජ මාලිගයේ තැන්පත් කෙරිණි. දියමන්තිය තැන්පත් කර දින කිහිපයකින්ම 14 ව වැනි ලුවී රජුගේ මුනුපුරා වූ බුලෝන්හි ආදිපාදවරයා මරණයට පත්ව තිබේ. ඉන් දින කිහිපයකින් එරටේ කැරැල්ලක් හට ගත්තේය. කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස ටික දිනකින්ම රජු බලයෙන් පහ කෙරිණි.මේ අතර මැණික ප්‍රංශයට ගෙන ආ ට්‍රැව්නියර් ආදිපාදවරයා ද එම දිනවලදීම ප්‍රංශයේ වනගත ප්‍රදේශයකදී වෘකයන් විසින් සපා කෑම හේතුවෙන් මරණයට පත්ව තිබේ.

මේ අතර 15 වැනි ලුවී රජු ප්‍රංශයේ නව රජු ලෙස පත්වූ අතර දියමන්තිය ඔහුගේ භාරයට ගැනිණි. මේ වන  විට ප්‍රංශයේ දියත් වී තිබූ කැරැල්ල ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර කැරැලිකරුවන්ගේ අත්අඩංගුවට පත්වූ 15 වැනි ලුවී රජු ඇතුළු පවුලේ සියලුදෙනාට මරණ දඬුවම හිමි විය. ඉන් පසු කාලයක් මේ දියමන්තිය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවිණි. නැවත මෙම දියමන්තිය පිළිබඳ වාර්තා වන්නේ 1830 වර්ෂයේදීය.

මේ වන විට දියමන්තිය ස්පාඤ්ඤයේ මාරියා නමැති රජ බිසව සතුව පැවැති බව සඳහන් වේ. 1831 වර්ෂයේදී මෙම දියමන්තිය ඕලන්දයේ විල්හෙල්ම් පැල්ප් නම් ව්‍යාපාරිකයා සතු වූ බව සඳහන් වේ. ඔහුගේ පුත්‍රයා දියමන්තිය සොරකම් කරගෙන පලාගොස් තිබුණේ මේ අතරය. ඉන් ටික දිනකට පසු හෙන්රි පැල්ප් නම් වූ එම තරුණයා සියදිවි නසා ගෙන තිබේ. ඉන්පසු නැවත දියමන්තිය ගැන වාර්තා වන්නේ වර්ෂ 1900දීය. ඒ වන විට දියමන්තිය හිමිව තිබුණේ ප්‍රංශ ජාතිකයකු වූ පේක්ස් වෙලට් නමැත්තාටය. ඔහුද සියදිවි නසාගත් බව සඳහන් වේ. ඉන්පසු රුසියානු ජාතිකයකු වූ රොබට්ස්කි නමැත්තකුට දියමන්තිය හිමිවිය. දියමන්තිය හිමි වී දින කිහිපයකින් ඔහු ද ඝාතනයට ලක්විය. එයින් පසුව හබිබ්බී බේ නම් මුස්ලිම් ව්‍යාපාරිකයකු මේ මැණික සතු කර ගත් බව සදහන් වේ. නමුත් ඔහු ඇතුළු පවුලේ සියලුදෙනා මහ සයුරේ දී අනතුරට ලක් වීමෙන් මරණයට පත්වූහ. දියමන්තියේ ඊළඟ හිමිකරු වනුයේ ඉන්දීය ජාතික සිමොන් නැමැත්තෙකි. ඔහුද දියමන්තියේ හිමිකරුවී ටික දිනකින්ම මරණයට පත්වූ බව සඳහන් වේ. ඇමෙරිකාවේ ලවොෂින්ටන් පෝස්ට්ල නමැති පුවත්පතේ හිමිකරු ඉන්පසු දියමන්තිය මිලදී ගෙන ඇත. නමුත් දියමන්තිය හිමි වීමෙන් පසු අවාසනාව ඔහු සොයා පැමිණි අතර ඔහුට පුවත්පතේ හිමිකම පවා අහිමි විය. 1947 වර්ෂයේදී ඇමෙරිකානු ව්‍යාපාරිකයකු දියමන්තිය තමා සතු කරගත් අතර ඔහු පුණ්‍ය ආයතන සදහා තම ධනය මහා පරිමාණයෙන් යොදවන දානපතියකු ලෙසට ප්‍රකටව සිටියේය. කෙසේ නමුත් පුදුම සහගත ලෙස නිල් දියමන්තියේ ශාපය කිසිදිනෙක ඔහු කරා ළඟා නොවිණි.

ඔහු විසින් සිදු කරන ලද පුණ්‍ය ක්‍රියා ඊට හේතු වූ බවට විශ්වාස කෙරිණි. පසුව ව්‍යාපාරිකයා විසින් දියමන්තිය ඇමෙරිකානු රජයට පිරිනැමුයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමටය. අද වන විට එම නිල් දියමන්තිය ඇමෙරිකානු ආයතනයක් භාරයේ පවතින අතර බොහෝ දෙනකුගේ නෙත් සිත් වසඟ කරන ප්‍රදර්ශන භාණ්ඩයක් වී තිබේ. කෙසේ නමුත් නිල් දියමන්තියේ ශාපය අද වන විටත් බොහෝ දෙනා අතර කතාබහට ලක්වන අබිරහසක් වී තිබේ. සැබැවින්ම මේ නිල් දියමන්තියේ ශාපයක් ගැබ් වී තිබුණාද? දියමන්තියේ හිමිකරුවන් වූ සියලුදෙනාම පාහේ ටික කලකින්ම මිය ගියේ ඇයි? නිල් දියමන්තිය ඔවුන් වෙත අවාසනාව ගෙන ආවාද? යනාදී ප්‍රශ්නවලට මේ වන තුරුත් නිසි පිළිතුරු ලැබී නොමැත. එසේ වුවත් නිල් දියමන්තියේ සැගවුණු ගුප්ත අබිරහසක් ඇති බවට බොහෝ දෙනා අදටද විශ්වාසය පළ කරති.

තවත් කෙනුකුට මේ අමුතු කතාව දැනගන්න ෂෙයාර් කරලා යන්න අමතක කරන්න එපා

මව්බිම ඇසුරෙනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.