අකකරෙයිපත්තුවේ පරිසර අධිකාරිය සතු ඉඩම් මුස්ලිම් වරු බලෙන් අල්ලයි

අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ පරිසර අධිකාරියට අයත්, කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ 22 වනදා සිට , බලහත්කාරයෙන් අල්ලාගනිමින් සිටින බව වාර්තා වෙනවා.

මිට පෙරද  එම පිරිස අදාළ ඉඩමට යාබද ඉඩමක් බලෙන් අල්ලාගැනීමට පැමිණ ඇති අතර ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවගේ විරෝධය හේතුවෙන් ආපසු හැරී ගොස් තිඛෙන බවත් එම ක්‍රියාවට දැඩි ලෙස විරුද්ධ වූ පුද්ගලයෙකු, පහරදුන්නායැයි පවසමින් මුස්ලිම් පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ශ්‍රී ලංකා හිංදු සම්මේලනය සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් 22 උදේ එම පිරිස තවත් කණ්ඩායමක් සමග කඩු සහ පොලු මුගුරු රැගෙන පැමිණ අක්කරේපත්තු කලපු ප්‍රදේශය අක්‍රමණය කරමින්, බලහත්කාරයෙන් පදිංචි වී  සිටින බවයි වාර්තා වන්නේ. අක්කරේපත්තු පොලිස් ස්ථානාධිපති 22 උදයේ එම ස්ථානයට පැමිණි බවත් කඩු පොලු මුගුරු රැගත් පිරිස විශාල බැවින් ආපසු හැරී ගිය බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටිනවා.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.