මියන්මාරේ මුස්ලිම්වරු හින්දු ජාතිකයන් 99 කපා කොටා ඝාතනය කරයි

මියන්මාරයේ රක්‌හිනී ප්‍රදේශයේ පදිංචිව සිටි හින්දු ජාතිකයන් 99 ක්‌ ආර්යා නමැති ඉස්‌ලාමීය ත්‍රස්‌ත සංවිධානය විසින් මරා දමා ඇත.ඝාතනයට ලක්‌ වූවන් අතර ළමුන්ද වේ.

මේ බව ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය හෙලිකර ඇත. ඇරකන් රක්‌හිනී සැල්වේෂන් ආමි නමින් හඳුන්වන මෙම සංවිධානයේ ත්‍රස්‌තයෝ ඇරසු නමැති ගම්මානයට කඩාවැදී මෙම ඝාතන සිදු කර තිබේ. මේ ත්‍රස්‌ත සංවිධානය මෙහෙය වන්නේ අතාවුල්ලා අම්මාර් නමැත්තායි. මෙම සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් 22 හැවිරිදි බිනා මාලා නමැති කාන්තාව පැවසුවේ ත්‍රස්‌තයන් පිහිවලින් කපා හින්දු ජාතිකයන් මරා දැමූ බවයි.

divayina

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.