සිංහල දෙමල දෙගොල්ලකට එකට ඉන්න බැ – මුලතිව් සිංහලයන් වහා පන්නනු

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ධීවරයන් වෙසෙන ප්‍රදේශයක මායාපුර නමින් ගම්මානයක්‌ පිහිටුවා එහි සිංහල වැසියන් පදිංචි කරවීම වහාම නතර කරන මෙන් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌.රවිහරන් මහතා ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

උතුරු පළාත් සභා සැසිවාරයේදී රවිහරන් මන්ත්‍රීවරයා එය යෝජනාවක්‌ වශයෙන් සභාවට ඉදිරිපත් කොට මාර්තු මස 28 දා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්‌වරන් මහතාට ලිපියක්‌ භාරදෙමින්ද එම ඉල්ලීම නැවත මතුකොට තිබේ.

බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා හා පොලිසිය මෙම මායාපුර සිංහල වැසියන් පදිංචි කරවීමේ වැඩ පිළිවෙල කරගෙන යන බවත් ඊට යුද හමුදාවෙන් පූර්ණ සහාය ලබා දී ඇති බවත් රවිහරන් මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයාට ඉදිරිපත් කළ ලිපියේ ඡායාරූප කීපයක්‌ද සමගින් කරුණු සනාථ කොට තිබේ. මන්ත්‍රීවරයා කියා සිටින්නේ මෙම ප්‍රදේශයේ දෙමළ වැසියන් 7000 ක්‌ පමණ ජීවත්වන බවයි. සිංහල පවුල් 450 ක්‌ මෙම ප්‍රදේශයට දකුණේ සිට රැගෙන විත් පදිංචි කොට සිංහල ජනාවාසයක්‌ පිහිටුවීම දැඩි අසාධාරණයක්‌ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ සඳහා මහවැලි නිලධාරීන්ද සහය දක්‌වා ඇති බව කියා සිටියි. මායාපුර පදිංචියට පැමිණෙන පිරිසද ධීවර හා කෘෂිකාර්මික කටයුතුවල නිරත පිරිසක්‌ බැවින් දෙමළ හා සිංහල කොටස්‌ දෙකකට එම පළාතේ එකට එම රැකියා කිරීමට නොහැකි බවද රවිහරන් මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙමින් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ වහාම මෙම බලහත්කාර පදිංචි කරවීම නතර කරන ලෙසයි.

divayina

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.