බලෙන් ඇතුල් වූ දෙමල වැසියන්ට ඉරණතිව් දුපතේ අයිතිය- ජාතික ආරක්ෂාව බල්ලට

කිළිනොච්චිය ඉරණතිව් දූපතේ ඉඩම් ඒවා බලෙන් අයිති කර ගැනීම සඳහා දුපතට බලහත්කාරයෙන් ඇතුල් වූ දෙමල වැසියන්ට  ලබා දීමට 15 දා තීරණය කොට තිබේ.

නාවික හමුදාපති රියර් අද්මිරාල් එස්‌. එස්‌. රණසිංහ, යළි පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ආර්. සුරේෂ්, කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් යන මහත්වරුන් 15 දා ඉරණතිව් දූපතට ගොස්‌ එහි පැවැති සාකච්ඡාවකදී තීරණය කොට ඇත්තේ වර්ග කිලෝමීටර් හතක්‌ පමණ වන මෙම ඉරණතිව් දූපතෙන් නාවික හමුදාවට අක්‌කර 8 ක්‌ පමණක්‌ තබාගෙන සෙසු ඉඩම් ඒ දූපතේ කලින් පදිංචිව සිටි වැසියන් අතර ඛෙදා දීමටය.

ඉරණතිව් දූපතේ ඉඩම් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් ඉරණතිව් දුපතේ කලින් පදිංචිව සිටි වැසියෝ වසරක කාලයක්‌ කිළිනොච්චිය නගරයේ අඛණ්‌ඩ විරෝධතාවක නිරත වූහ.

නමුත් ඔවුන්ට ඉඩම් නොලැබීම නිසා පසුගිය අප්‍රේල් මස 23 වැනිදා බෝට්‌ටුවලින් 300 ක පමණ වැසියන් පිරිසක්‌ එම දූපතට ගොස්‌ බලහත්කාරයෙන් පදිංචි වූහ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු විශාල පිරිසක්‌ වරින් වර මේ වැසියන්ගේ සුවදුක්‌ බැලීමට ගොස්‌ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු සියලු පහසුකම්ද ලබා දෙන ලදී.

යළි පදිංචිකරවීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වැසියන් අමතා පවසන ලද්දේ එම ඉඩම් දැනට ඉරණතිව් දූපතේ වැසියන්ට අයත් බවයි. නමුත් ආරක්‍ෂක කටයුතු සඳහා නාවික හමුදාව ඉරණතිව් දූපතේ සිටීම ඉතා වැදගත් බැවින් නාවික හමුදාවේ ප්‍රයෝජනයට ඉඩම් අක්‌කර 8 ක්‌ ලබා දෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කොට තිබේ.

ඉරණතිව් දූපතේ කලින් පදිංචිව සිටි පවුල් 190 ක්‌ වහාම එම දූපතේ යළි පදිංචි කරවීමටත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දීමටත් කිළිනොච්චිය දිසාපතිවරයාට මේ සාකච්ඡාවේදී පැවරී තිබේ.

කෙසේ වෙතත් විශ්වාශ කටයුතු ආරංචි මාර්ග වලට අනුව මෙම දුපත 1992 වසරේ සිට කිසිවකු ජිවත් වූ ප්‍රදේශයක් නොවේ. එසේම වසරක කාලයක් අකන්ඩ ව සත්‍යග්‍රහ කිරීමද ලේසි කරුනක නොවන අතර ඒ සඳහා මුදල් දෙමල ඩයස් පෝරාව වෙතින් ලබා දුන් බව ප්‍රසිද්ධ රහසකි. එසේ විශාල ලෙස මුදල් වය කරමින් ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් මෙමෙඅ දුපත ඔවුන් මිනිසුන් පදිංචි කිරීමට උත්සහ කරන්නේ කුමක් නිසාද යන්න ඉතා භායනක කරුණක් විය හැකි බව බලධාරීන්ට නොපෙනීම කරුමයකි. ඉරණතිව් දූපතේ ලුණු වතුර සහිත ඇළක්‌ද ගලායන බව පැවසේ. ඉල්ලීම කරේ ඇළ ගැන සිතා නොවේ. නාවිකයන් මේ භූමියේ ස්‌ථානගතවීම නිසාය. ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන්ටද මෙහි පිහිටුවා ඇති නාවික කඳවුර බාධාවකි. මේ බාධාව ඉවත් කිරීම වෙනුවෙන් පළමු පියවර මෙය වනු අත. තවත් නොබෝ කලකින්     නාවික කඳවුර කරදරයක් යයි කියනු අත.සිවිල්    ප්‍රදේශයක්       නිසා නාවික කටයුතු සිමා වනු අත. බලධාරීන්ට නොපෙනන ඇත්ත එයයි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *