තවත් දරුවන් කිහිප දෙනකුට ආසාධනය වෙලා – පරීක්ෂණ කරනවාලු

ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්‌ටුවකදී හඳුනා නොගත් වෛරසයක්‌ නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් 5 දෙනකු මියගොස්‌ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ හේතුව නිසා අසනීප වූ තවත් දරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් අදාළ වාට්‌ටු තුළ සිටින බවයි.

කෙසේ නමුත් අප මේ පිළිබඳව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

පසුගිය දින කිහිපය තුළ දරුවන් 5 දෙනෙකු මියගොස්‌ තියෙනවා. අපි මුලින් හිතුවේ මේක බැක්‌ටීරියාවක්‌ කියලා. නමුත් වෛරස්‌ එකක්‌ බවයි දැනට සොයාගෙන තියෙන්නේ. කෙසේ නමුත් මෙහි නමක්‌ තාම අපිට සොයා ගන්න බැරිවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක්‌ පැවැත්වූවා. අදාළ දරුවන්ගේ ලේ සාම්පල් මේ වන විටත් අවශ්‍ය කටයුතු සඳහා කොළඹට යවා තියෙනවා. තවත් දරුවන් කිහිප දෙනෙකු සිටිනවා අසනීප තත්ත්වයේ පසුවන අපි තවම මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරනවා.

දිවයින් වෙතිනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *