අනුන්ගේ ලේ වලින් නැගිටපු රජ පවුලක තකතීරු මාන්නය – සම්පුර්ණ විස්තරය

මේ දිනවල බි්‍රතාන්‍යයේ සියලුම පුවත්පත්වල අවධානය යොමු වී ඇත්තේ එකම දෙයකටය. පත්‍රය කුමක් වුවත් ප්‍රධාන මාතෘකාව කාටත් පොදුය. ඔවුන් දිවා රෑ ලියන්නේ කතා කරන්නේ බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි පස් වැන්නා හැරී කුමරු හා ඇමෙරිකන් ටෙලි නාට්‍ය නිළි මෙගන් මේකල් අතර සිදුවන රාජකීය මංගල්‍යය ගැනය.ලබන මැයි 18දා මහ රැජනගේ වින්ඩ්සර්  මාලිගාවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී හැරී කුමරු හා මේගන් මාකල් අතර විවාහය සිදුකරනු ලබන්නේ බි්‍රතාන්‍යයේ ප්‍රධානතම දේවගැතිතුමා අතිනි .

මෙම විවාහ මංගල්‍ය සියැසින් දැක බලා ගැනීමේ වාසනාව ලබා ඇති අති විශේෂ අමුත්තන් හයසිය දෙනාගෙන් 350ක් පමණ මනාලයාගේ හා මනමාලියගේ පෞද්ගලික මිතුරන්ය. ඉතිරි 250 දෙනා මහ රැජන ඇතුළු රාජකීය පවුලේ නැදෑයන් හා ඉතා සමීපතම හිතවතුන්ය.

මේ අති විශේෂ රාජ්‍ය මංගල්‍යය ශාන්ත ජෝර්ජ් දේව මැඳුර තුළඳී සියැසින් දැක බලා ගන්නට පැමිණෙන අති විශේෂ අමුත්තන් 600 දෙනාට අමතරව එදින වින්ඩ්සර් මාලිගාවේ උද්‍යාන භූමියට පැමිණ විවාහ මංගල්‍යය රූපවාහිනියෙන් නරඹන ලෙස ආරාධනා ලබා ඇති තවත්  පිරිසක් ද සිටී.ඔවුන් කිසිවකු හැරී මේගන් යුවළ පෞද්ගලිකව හඳුනන්නේ නැත. නමුත් ඔවුන් බොහෝ දෙනා නොයෙකුත් අන්දමේ සමාජ සේවයේ යෙදෙන පුරවැසියන්ය. එසේ නැතිනම් කෙනකුගේ ජීවිතයක් බේරා ගත් විශිෂ්ට පුද්ගලයන්ය. පරහිතකාමී දානපතියන්ය. රෝහල් සේවකයන්ය. වීර ක්‍රියාවන්හි යෙදුණ ගිනි නිවන, ගිලන් රථ, පොලිස් හෝ ආරක්‍ෂක අංශවල විශ්‍රාම ලත් සාමාජිකයන්ය. රට පුරා සිටින මෙවැනි උදාර පුද්ගලයන් අතරින් ඉහළින්ම ඇති 2500 දෙනාට තම පවුල් පිටින් මේ අති විශිෂ්ට දිනයට සහභාගි වන ලෙස හැරී හා මෙගන් විසින් ආරාධනා කිරීම ඔවුන් කරන ලද ඉතා යහපත් ක්‍රියාවක් යැයි ලන්ඩන් ටයිම්ස් පත්‍රය ප්‍රශංසා මුඛයෙන් කියා සිටී.

හැරී මෙගන් මංගල්‍යයට පැමිණෙන අමුත්තන් 600 දෙනාට හැම්, බේකන්, කැමියා, චිකන්, බීෆ්, පෝක් ඇතුළු ඉහළම වර්ගයේ රස භෝජුන් හා ෂැම්පේන්, විස්කි, බියර්, රම් ඇතුළු අනර්ඝ රට බීම ලබා දීමටත් මහ රැජන ලෝභ නැතුව වියදම් කරයි. නමුත් ඇයගේ ආරාධනාවෙන් මංගල උත්සවයට පැමිණ වින්ඩ්සර් මාලිගාවේ උද්‍යානයේ වාඩි වී රූපවාහිනියෙන් නැරඹීමට පැමිණෙන සාමාන්‍ය පන්තියේ සමාජ සේවක සේවිකාවන් 2500 දෙනාට ඒ වාසනාව හිමි වී නැත.

මංගල ආරාධනා පත්‍රය සමඟ ඔවුන්ට විශේෂ ලිපියක් යවමින් බකින්හැම් මාලිගා නිලධාරීන් මෙසේ කියා ඇත. ඔබ මංගල උළෙලට සහභාගි වීමට පැමිණෙන විට ගෙදරින් කෑමට පාර්සලයකුත් කැමැති නම් අකුලන පුටුවකුත් රැගෙන එන්න. මොවුන් මේ නොකියා කියන්නේ දුර බැහැර ගෙවා මහන්සි වී මංගල උළෙල දැකීමට පැමිණෙන සමාජ සේවක සේවිකාවන් 2500 දෙනාට මහ රැජනගෙන් වතුර පොදක්වත් එදාට නොලැඛෙන බවය. මෙය මේ දිනවල බි්‍රතාන්‍ය ජනමාධ්‍යවල දැඩි විවේචනයට ලක් වී තිබේ.
ලොකු ලොක්කන්ට තෝර මාළු හා ෂැම්පේන් සොක්කන්ට හුළං යන සිරස්තලය යටතේ රැජන විවේඡනය කර පුවත්පත් කියන්නේ ජනතාවට විශාල සේවයක් කරන සමාජ සේවකයන්ට මෙසේ කුඩම්මාගේ සැලකිල්ලක් දක්වනවාට වඩා ඔවුන්ට ආරාධනා නොකර සිටියා නම් වඩා හොඳයි කියාය.

මේ හරහා එංගලන්තයේ තිබෙන වහල් මානසිකත්වය පැහැදිලිව පෙන්නුම් කරන බවයි බොහෝ දෙනෙක් පවසන්නේ . එනගලන්ත රජ පවුල යනු ලෝකයේ අඩකටත් වැඩිය දෙනාට ලේ කදුළු උරුම කර දී උන්ගේ දහදියෙන් ලේ වලින් සුර සැප විදි පරම්පරාවක වර්තමාන පුරුක් බව අද අපේ රටේ මහා උන්ට අමතක උනත් අපටනම් මතක තිබේ

කෙසේ වෙතත්අ යියෝ තමන්ගේ මුනුපුරාගේ මඟුලට එන පීඩිත පන්තියේ ජනතාවට කේක් කෑල්ලක් දෙන්නවත් මහ රැජනට සල්ලි නැහැ කියනවද? එහෙනම් වෙළෙඳ වෑන් තුන හතරක් එදාට මින්ඩ්සර් මාලිගා උද්‍යානයට ගෙනියන්න අපිට අවසර දෙන්නයි ඉන්දියා, ශ්‍රී ලංකා, පාකිස්තාන් ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත  ආසියා වෙළඳ  සංගමය බකින්හැම් මාලිගාවෙන් ඉල්ලා සිට ඇතැයිද බිරිතාන්‍ය මාධ්‍ය සඳහන් කර තිබුනා

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *