විජයග්‍රහණයේ දිනය ශෝක දිනයක් කිරීමේ සුදානමක් – යෝජනාවක් ගෙනත්

සෑම වසරකම මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම් කොට එදින ශෝක දිනයක් ලෙස කටයුතු කළ යුතු යැයි උතුරු පලාත් සභාවේ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්දි ශෂිධරන් ඉල්ලා සිටියාය.

අමාත්‍ය වරයි මෙලෙසින් ඉල්ලා ඇත්තේ ඊයේ (10) පැවති 122 වැනි පලාත්සභා සැසි වාරයේදී මේ මස 18 වැනිදා මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම සම්බන්ධයෙන් සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා වූ අවස්ථාවේදීය.

එහිදී ආනන්දි ශෂිධරන් අමාත්‍ය වරිය වැඩි දුරටත් පලාත් සභාවට පවසා ඇත්තේ යුද්දයෙන් මිය ගිය දෙමළ ජනතාව අපට කෙදිනක හෝ අමතක කළ නොහැකි බවටත් එම නිසා යුද්දය අවසන් වූ මැයි 18 වනදා දෙමළ ජනතාවගේ සංහාර දිනයක් වශයෙන් නම් කළ යුතු බවටත් එදින ලෝකයේම සිටින දෙමළ ජනතාව ශෝක දිනයක් වශයෙන් සිතා කටයුතු කළ යුතු බවටත් වූ ඉල්ලීමය.

කෙසේ වෙතත් අමාත්‍ය වරියගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි පලාත් සභාවේදී සලකා බලන බවට පලාත් සභාවේ සභාපති සී.වී.කේ සිවශානම් විසින් එම අවස්ථාවේදී දැනුම් දෙනු ලැබීය.

2009 වසරේ මැයි 18 වනදා ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය ගිය දිනයද වෙයි.

– දිවයින

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.