යාපනයේ ආවා කල්ලියේ ජඩ වැඩ දිගටම – තරුණයෝ දෙන්නෙක් කපයි

යාපනය කෝපායි පොලිස් වසමට අයත් නීර්වේලි ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ ආවා කල්ලියේ සාමාජිකයින් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කල පහරදීමක් හේතුවෙන් බරපලතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුලත් කල බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

කෝපායි නිර්වේලී පුල්ලයාර් කෝවිල් භූමියේදී මුහුණු ආවරණය කරගත් අට දෙනෙකුගෙන් යුත් පිරිසක් යතුරුපැදි තුනකින් පැමිණ අසල සිටි තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහරදී තරුණයින් ආසන්නියේ තිබූ යතුරුපැදියක් හා පාපැදි තුනක් අසල පිහිටි ළිඳකට දමා පලා ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

අදාල පහර දීමෙන් පසුව බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි කිරිනේෂන් හා 21 හැවිරිදි අනුජන් නැමති තරුණයින් අසල් වැසියන් විසින් යාපනය රෝහලට රැගෙන ගොස් මේ වන විට යාපනය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අදාල පහරදීමට පෙර දින පහරකෑමට ලක් වූ තරුණයින් දෙදෙනා තවත් පිරිසක් සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතරම එය දුර දිග යාමක් වශයෙන් මෙසේ ආවා කල්ලියේ පහරදීමක් බවට සැක කරන බවටද පරික්ෂන සිදු කරන කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

දිවයින වෙතිනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *