නාවික හමුදාව අසරණයි – දුපතෙන් ඉවත් වෙන්න කිවුවට යන්නෙත් නැ

යාපන අර්ධද්වීපයට අයත් ඉරනතිව් දූපත බෝට්ටු 50කින් පමණ පැමිණි පිරිසක් විසින් අල්ලාගෙන තිඛේ.කොටි සංවිධානය විසින් ලයන් එයාර් ගුවන් යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කරන ලද්දේ මෙහි සිට වන අතර පසුව හමුදාව විසින් අල්ලාගත් එම දුපත මෙතෙක් පැවතියේ නාවික හමුදා භාරයේයි.මෙම දූපත අල්ලා ගැනීමේ කටයුත්ත පසුපස මන්නාරමේ රාජ්‍ය නොවන ආයතනයක් සිටින බවටද තොරතුරු ඇත.

දූපතෙන් ඉවත් වන්නැයි නාවික හමුදාව විසින් කරන ලද ඉල්ලීමද ඔවුන් ප‍්‍රතික්‍ෂෙප කර තිබින. කොටි සංවිධානය ක‍්‍රියාත්මකව පැවති සමයේදී මුහුදු කොටි කඳවුරක්‌ මෙම දුපතේපිහිටුවා තිබින.කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයට අයත් ඉරණතිව් දූපත තමන්ට ලබාදෙන මෙන් ඉල්ලා දෙමළ වැසියන් පිරිසක්‌ පවත්වන උපවාසයට ලබන මැයි 01 වැනිදාට වසරක්‌ සපිරේ.

1992 වසරේ සිට මෙහි කිසිවකු ජීවත්වූයේ නැත. දැන් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ඉරණතිව් දූපතේ නාවික හමුදා කඳවුරක්‌ පිහිටුවා ඇත. මේ දෙමළ උපවාසකරුවන් මෙහෙයවන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සැක පහළවන්නේ මොවුන් රටේ ආරක්‍ෂාවට ඉතා වැදගත් වන ඉරණතිව් කඳවුර ඉවත් කළ යුතු යෑයි ඉල්ලා සිටින හෙයිනි. වර්ග සැතපුම් හයක පමණ භූමියක්‌ පුරා පැතිර ඇති මෙය මහ ඉරණතිව් හා කුඩා ඉරණතිව් යනුවෙන් දූපත් දෙකකින් සමන්විතය. මෙම දූපතේ ඉඩම් අයිතිය ඇති පවුල් 143 ක්‌ ඇති බව කියන නමුත් ඒවා සම්බන්ධව මෙතෙක්‌ සත්‍ය ඔප්පු ලේඛන ඉදිරිපත් කර ඇති බවක්‌ නොපෙනේ. පුරා වසරක්‌ තිස්‌සේ සත්‍යග්‍රහ කිරීම ලෙහෙසි පහසු දෙයක්‌ නම් නොවේ. මේ සත්‍යග්‍රහයට සහය ලබාදෙන්නේ කොටි ඩයස්‌පෝරාව දැයි අප තුළ සාධාරණ සැකයක්‌ මතුව තිබේ. ඔවුනට අවශ්‍ය ඉරණතිව් දූපත ලංකා ආරක්‍ෂක අංශයන්ගෙන් තොර කලාපයක්‌ බවට පත්කිරීමය. එය බලවත් ප්‍රශ්නයකි. කිලිනොච්චියේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු යෑයි කෑගසන කණ්‌ඩායමම ඉරණතිව් දූපත නිදහස්‌ කළ යුතු යෑයි පවසති. නමුත් ඉරණතිව් දූපතේ ඉඩම්වල අයිතිය තහවුරු කළද නැතද ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් මෙහි ඇති නාවික කඳවුර ඉවත් කළ යුතු නැත. එය සැබවින්ම උතුරු මුහුදේම ආරක්‍ෂාව බිල්ලට දීමකි.

පසුගිය 23 වැනිදා ඉරණතිව් දූපත ගැන සාකච්ඡා කිරීම සඳහා කතෝලික පූජකවරුන් හින්දු පූජකවරුන් ඇතුළු පිරිසක්‌ නාවික හමුදා නිලධාරීන් හමුවී ඇති අතර එහිදී නාවික හමුදාව අවධාරණය කර ඇත්තේ තමන් මේ කඳවුර පිහිටුවා ඇත්තේ ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් බවයි. එසේනම් කිලිනොච්චියේ කිහිපදෙනකු කලබල වූ පමණින් ජාතික ආරක්‍ෂාව බිලිදිය යුතුද? රට යන්නේ කොතැනටද?.

ඉරණතිව් දූපතේ ලුණු වතුර සහිත ඇළක්‌ද ගලායන බව පැවසේ. මේ කදාපනිම  කරන්නේ නම් ලුණු වතුර සහිත ඇළ ගැන සිතා නොවේ. නාවිකයන් මේ භූමියේ ස්‌ථානගතවීම නිසාය. ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන්ටද මෙහි පිහිටුවා ඇති නාවික කඳවුර බාධාවකි. මේ බාධාව ඉවත් කිරීම වෙනුවෙන් සත්‍යග්‍රහය සිදුකරන්නේද? මෙලෙස කඩා පනින්නේද?

ඉරණතිව් කඳවුර පිළිබඳ රජය මෙතෙක්‌ කිසිදු තීරණයක්‌ ගෙන නැත. එහෙත් අප අවධාරණය කරන්නේ දින 365 ක්‌ නොව දින 730 ක්‌ විරෝධතා දැක්‌වුවද මෙම කඳවුර ඉවත් නොකළ යුතු බවයි. මුලතිව් සම්බෝධි විහාරය ඉවත් කරන ලෙස ඉල්ලන උතුරු පළාත් සභාවේ දේශපාලකයෝ අනෙක්‌ පැත්තෙන් ඉරණතිව් දූපතට බැල්ම හෙළති. අතීතයේ ඉරණතිව් දූපත් වැසියන් කකුළුවන් අල්ලා ජීවත්වූ බව කියවේ. එහෙත් දැන් සත්‍යග්‍රහ කරන්නේ කකුළුවන් ගැන ලෝභයෙන් නොවේ. කිලිනොච්චියේ ආරක්‍ෂක හමුදා වලට එරෙහිවීමේ වුවමනාව ප්‍රකට කිරීම සඳහාය.      කෙසේ

වෙතත් මේ වන විට ඉරනතිව් දුපතට බලහත්කාරයෙන් පිරිස් ඇතුළු වී සිටින අතර නාවික හමුදාව අසරණ වී අත. ඒ ඉහලින් අණක් ලැබෙන තුරුය

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.