සයිටම් නැති කලත් මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලයෙන් මුස්ලිම් අයට වෛද්‍ය උපාධි

මේ වන විට ආන්දෝලනයට ලක් වෙමින් පවතින මඩකලපුව පූනානි හි ඉදිවෙමින් පවතින් විශ්ව විද්‍යාලය පිළිබදව තොරතුරු විමසමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම වෙත ලිපියක් යොමුකර ඇත.

එහි ඉගැන්වීමට නියමිත උපාධි පාඨමාලා හා ආයතනයේ හිමිකාරිත්වය පිළිබදව තොරතුරු ලබා දෙන්නැයි එම ලිපිය මගින් ඔවුන් ඉල්ලා තිබේ.

බැටික්ලෝ කැම්පස් නමින් හැදින්වෙන මෙම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බව එම ආයතනයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස පසුගිය රජය සමයේ මෙය ඉදිකිරීම ආරම්භ කර ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සදහා 2016 අප්‍රේස් මසදී ලොව විශාලතම ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානය වන ජාත්‍යන්තර ඉස්ලාමීය සහන සංවිධානය (IIRO )ජෙඩා මූලස්ථානයේදී අමාත්‍ය හිස්බුස්ලා සහ එම සංවිධානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර ඉස්ලාම් ශරීයා නිතිය පිළිබදව ඊ.A.උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට එම විශ්වවිද්‍යාලයෙන් අවස්ථාව ලබා දෙන බවට එහි නිල වෙබ් අඩවියේ සදහන් කර තිබුණු අතර, සමාජ ජාලා ඔස්සේ ඒ පිලිබදව දැඩි ආන්දෝලනයක් ඇතිවුණු අතර, ශරියා නීති උපාධියර්‍ණ පිළිබද තිබූ සටහන නිල වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *