කුලහීන නිසා හින්දුන්ගේ වැඩ ඉවසන්න බැරිව දහස් ගණනින් බුදු දහමට

ශිරාස්‌ගාවොන්, ඉන්දියාවෙ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන පිටිසර ගම්මානයක්‌. ඒ ගම්මානෙ තියෙන දූවිලි පිරිච්ච පිට්‌ටනියට පසුගිය සතියක ඉරිදාවක රෑ ගමේ මිනිස්‌සු මහ ගොඩක්‌ එකතු වුණා. ඒ හැමෝම වගේ ඇඳලා හිටියෙ සුදු පාට ඇඳුම්, සුදු සාරි, සුදු කුර්තා ඇඳුම් හැමෝම වගේ මැතිරුවේ එකම එක දෙයක්‌.

ලදෙවියන්ගේ පුනරුත්පත්තිය කියා කියන රාමා ගැනවත් ක්‍රිෂ්ණා ගැනවත් මින් මතු මගේ විශ්වාසයක්‌ නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ පුනරුත්පත්තියක්‌ කියා මම හිතන්නේත් නෑ. ඒත් මෙයින් මතු ගෞතම බුදු හිමියන් ඉගැන්වූ දහම අනුව මගේ ජීවිතය හැඩ ගස්‌වා ගන්න මම තීරණය කළා.ල

ඉතින් ඒ විදිහට ඉන්දියාවෙ බෞද්ධ ජනගහනය තවත් පන්සීයකින් වැඩි වුණා.

මේ විදිහට බෞද්ධාගමට හැරුණේ ඉන්දියාවෙ පහත්ම කුලය කියලා සැලකෙන දාලිත් කුලයේ මිනිස්‌සු. කාලයකට කලින් මේ දාලිත් කුලයේ අයව හැඳින්නුවේ untouchables කියලා. එහෙමත් නැතිනම් ලස්‌පර්ෂ කළ නොහැකිල මිනිස්‌සු කියලා. ඉන් පස්‌සෙ මේ මිනිස්‌සු ලඅම්ඛෙජිකාර් බුදු දහමලට හැරුණා. මේ ව්‍යාපාරය පටන් ගත්තෙ මීට අවුරුදු පනහකට විතර කලින්. භීම්රොවෝ රාම්ජි අම්ඛෙජිකාර් කියන නීතිඥයා තමයි මේ අම්ඛෙජිකාර් බුදුදහම ප්‍රචලිත කිරීම පටන් ගත්තෙ. රාම්ජි අම්ඛෙජිකාර් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු, පසු කාලීනව ඉන්දියානු ව්‍යවස්‌ථාව හදන්නත් දායක වුණු උගත් නීතිඥයෙක්‌.

බුදු හිමියන් කියන්නේ හින්දු සමාජයේ කුල ක්‍රමය පිටුදැකපු, විප්ලවකාරී සමාජ සංශෝධකයෙක්‌ බව බුදු දහම ගැන අධ්‍යයනය කරනකොට අම්ඛෙජිකාර් අවබෝධ කරගත්තා. ඒ නිසා අම්ඛෙජිකාර් බුදු දහම වැළඳගනිමින් බුදු දහමේ අගය ලෝකයටත් කියන්න තීරණය කළා.

මේ වෙනකොට ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝඩි ගේ පාලනය යටතේ ඉන්දියාවේ කුල භේද ප්‍රශ්නය ආයෙමත් කරළියට ඇවිත්. අගමැති නරේන්ද්‍රසිං මෝඩිගේ පක්‌ෂය හින්දු ජාතිකවාදීන්ට වැඩි ඉඩක්‌ දුන් පක්‌ෂයක්‌. ඒ නිසා ඔවුන්ගේ අන්තවාදී හැසිරීම් වලටත් ඉන්දියාව පුරා වැඩි නිදහසක්‌ ලැබිලා. මේ නිසාම දැන් ඉන්දියාවේ කුල හීන ජනතාව වැඩි වැඩියෙන් අම්ඛෙඩ්කාර් දුන් පණිවිඩය දිහාට හැරෙන්න පටන් අරගෙන.

ඉන්දියාවේ ජනගහනයෙන් සියයට විස්‌සක්‌ විතරම දාලිත් කුලයේ අය. මේ දාලිත් කුලයේ අය සියයට සියයක්‌ම වගේ ඉන්නේ නරේන්ද්‍රසිං මෝඩිගේ පාලනය ගැන ලොකු අප්‍රසාදයකින්. පසුගිය සතියේදී ඉන්දියාව පුරා ඉන්න දාලිත්ලා දහස්‌ ගණනින් විදි බැහැලා තමන්ගේ කුලයේ අයට සිද්ධ වෙන කෙනෙහිලිකම්වලට එරෙහිව උද්ඝෝෂණය කළා. ඒත් දාලිත්වරුන්ට එරෙහිව හින්දු සමාජයෙන් කෙණෙහිලිකම් කෙරුණේ නරේන්ද්‍රසිං මෝඩිගේ පාලන කාලයේදී විතරක්‌ නෙවෙයි. වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝඩි ගේ භාරතීය ජනතා පක්‌ෂය බලයට පත් වුණේ 2014 අවුරුද්දේදි. 2007 වසරේ ඉඳන් 2017 වසර දක්‌වා දශකයක කාලය ඇතුළත ඉන්දියානු සමාජය ඇතුළත දාලිත් කුලයේ කාන්තාවන්ව දූෂණය කිරීමේ සිදුවීම් ගණන ඊට කලින් දශකයට වැඩිය දෙගුණයකින් වැඩි වෙලා තියෙන බව එරට ලජාතික අපරාධ වාර්තා කාර්යාංශයල වාර්තා කරනවා. වර්තමානයේදී ඉන්දියාව පුරා නිරන්තරයෙන් සිද්ධ වෙන දාලිත්ලාගේ උද්ඝෝෂණ, විරෝධතා, වැඩ වර්ජන හා උපවාස රැල්ලෙන් පැහැදිලිව පේන කාරණය තමයි ඊළඟ ඉන්දීය මැතිවරණයේ ප්‍රතිඵලයට මේ කුල ප්‍රශ්නය ලොකු බලපෑමක්‌ කරන බව.

ඒක හින්දාම වෙන්න ඇති මේ වෙනකොට ඉන්දිය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ඡන්ද දායකයින් විදිහට විතරක්‌ නෙවෙයි තමන්ගෙ පාක්‌ෂිකයන් විදිහටත් දාලිත්වරුන්ව දිනාගන්න ලොකු උත්සාහයක්‌ දරන්නේ. ඒ උත්සාහයේ කොටසක්‌ විදිහට ඔහු තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී බෞද්ධ භික්‌ෂූන්වත් ඉදිරිපෙළ තියාගන්න කටයුතු කරනවා. ඔහුගේ භාරතීය ජනතා පක්‌ෂයට බෞද්ධ දේශපාලකයින් කීප දෙනෙකුත් සම්බන්ධ කරගන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක්‌ නෙවෙයි ඔහු ප්‍රසිද්ධියේම අම්ඩේකාර්ව වර්ණනා කරන්නත් පටන් අරන්.

අම්ඛෙඩ්කාර් ඉන්දියානු බුදු දහම පතුරුවන්න අවශ්‍ය කරන කෙටුම්පතක්‌ බඳු ග්‍රන්ථයක්‌ නිර්මාණය කරන්නේ 1954 අවුරුද්දේදි. 1955 අවුරුද්දේදි ඉන්දියාවේ බෞද්ධ සමාජය ගවේෂණය කරන ඔහු හින්දු භක්‌තිකයින් දහස්‌ ගණනක්‌ ප්‍රසිද්ධියේම බුදු දහමට හැරෙව්වා. ඉන් සති කීපයකට පස්‌සෙ තමයි අම්ඛෙඩ්කාර්ගෙ මරණය සිදු වෙන්නේ.

ඔහු විසින් පිහිටවපු බෞද්ධ සංගමයේ සභාපති බවට ඔහුගේ වංශයෙන්ම පැවතගෙන එන රාඡ්ජ්රත්න අම්ඛෙඩ්කාර් පත් වුණේ මීට අවුරුදු තුනකට කලින්. වර්තමාන ඉන්දියානු සමාජයේ ඇතිවෙලා තියෙන ප්‍රවණතාවයට අනුව දවසින් දවස බුදු දහමට හැරෙන හින්දුන් ප්‍රමාණය වැඩි වෙන නිසා ඒ වැඩිවෙන පිරිසට ඒ සඳහා පහසුකම් සැපයීමේ ගැටලුවට මුහුණ පාන්නත් රාඡ්ජ්රත්න අම්ඛෙඩ්කාර්ට සිදු වෙලා. ඒ නිසා ඔහු සමූහ වශයෙන් බුදු දහමට හැරෙන්නට හැකි විදිහේ වැඩසටහන් ක්‍රමයක්‌ හඳුන්වා දුන්නා.මුළු ඉන්දියාව පුරාම වාගේ දවස ගාණේම සමූහ වශයෙන් බුදු දහමට හැරවීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.ල ඔහු මාධ්‍යයට පවසනවා.

පසුගිය මාසයේදී ෂිරාස්‌ගාවොන් ගම්මානයේ පන්සියයක්‌ දෙනා බුදු දහමට හරවන්නට ඔහු උදව් කළේ ඒ වැඩසටහන් පෙළෙන් එකකදී. ඒ දවසට පසුවදාම සුරාත් නගරයේ තවත් පන්සියයක්‌ දෙනාට බුදු දහමට හැරෙන්නට උදව් කරන්න ඔහුට සිදු වුණා.

තත්ත්වය එහෙම වුණත් මේ වන විටත් ඉන්දියාවේ ලියාපදිංචිචි බෞද්ධයන්ගේ සංඛ්‍යාව අඩු අගයක්‌. බිලියන 1.2ක්‌ මිනිස්‌සු ඉන්න ඉන්දියාවේ ලියාපදිංචිචි බෞද්ධයින්ගේ සංඛ්‍යාව තවමත් මිලියන 8.4ක්‌ වගේ අගයක්‌. මේ අගයෙන් සියයට අසූ හතක්‌ පමණම අම්ඛෙඩ්කාර් බුදුදහම වැළඳගත් අය. ඉතිරිය සරණාගතයින් විදිහට දලයිලාමාත් සමග ඉන්දියාවට ආපු ටිඛෙට්‌ වැසියන් හෝ හිමාලයානු වැසියන්.

ඒ වුණත් හින්දු ආගමේ ඉඳල බුදු දහමට ආපු අයගේ සංඛ්‍යාව නිවැරදිව ගණනය කිරීම තවමත් අසීරු කාරණාවක්‌. මේ වන තෙක්‌ ඔවුන් කිසිම සංගණනයකට අරගෙන නෑ.සංගණන නිලධාරීන් වුණත් හින්දු උරුවක්‌ ඇති නමක්‌ ඇහුණාම එතනින් එහාට ඒ කෙනාගේ ආගම ගැන අහන්නෙ නැහැනෙ.ල ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ හිටපු පර්යේෂකයෙකු වෙන ශිව් ශංකර් දාස්‌ කියන්නෙ එහෙමයි.

ඒත් නූතන අම්ඛෙඩ්කාර්තිවරු මේ තත්ත්වය වෙනස්‌ කරන්න සූදානමින් බලා ඉන්නවා. අපි තවදුරටත් හින්දු සමාජයේ අත පල්ලෙන් වැටුණු දාලිත්ලා නෙවෙයි කියලා ඉන්දියානු රජයට ඒත්තු ගන්නන්නයි අපිට ඕන.ල ලරාඡ්රත්න අම්ඛෙඩ්කාර් කියනවා.

හින්දු ආගම අත් හැරලා බුදු දහම වැළඳ ගන්න එක දැන් දැන් කුල පීඩනයෙන් බැට කන දාලිත්වරු අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් යන විසඳුමක්‌. ඒකට බලපාන ප්‍රබල හේතුවකුත් තියෙනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක ඉන්න හින්දු ආගමිකයින්ට තමන්ගේ ආගම අත් හැරලා ඉස්‌ලාම් ආගම හෝ කතෝලික දහම වැළඳ ගන්න එක නීතියෙන් තහනම් කරලා නීති පනවලා තියෙනවා. ඒත් බුදු දහම වෙනුවෙන් එහෙම නීතියක්‌ පනවලා නැහැ. ඉන්දියානු ව්‍යවස්‌ථාවේ 25 වැනි වගන්තිය යටතේ බුදු දහම සැලකෙන්නේ හින්දු දහමේම ලඋප කොටසක්‌ල හැටියට. ඉතිහාසය පුරාම ඉන්දියාවේ හින්දු දහමත් බුදු දහමත් අතර ගැටුමක්‌ ඇති වෙලා නැහැ. හින්දු ආගමේ සංස්‌කෘතියට බොහෝ විට බුදු දහමේ ඉගැන්වීම් මැනවින් අවශෝෂණය වුණා. ඒ නිසාම ගෞතම බුදු හිමියන් කියන්නේත් විෂ්ණු කියන හින්දු දේවතාවාගේ පුනරුත්පත්තියක්‌ බවට මතයකුත් හින්දු භක්‌තිකයින් අතර ගොඩ නැගුණා. මේ හේතු නිසා බුදු දහම හින්දු සමාජයෙන් ප්‍රතික්‌ෂේප වීමක්‌ සිදු වෙන්නේ නෑ.

බුදු හිමියන් උගන්වපු සමානාත්මතා සංකල්පය අම්ඛෙඩ්කාර්ති බුදුදහමෙදි ඉහළින්ම සැලකුණත් බුදු දහමේ සැබෑ ඉගැන්වීම් බොහොමයක්‌ ගැන අම්ඛෙඩ්කාර් අනුගාමිකයින් සැලකීමක්‌ කරන්නේත් නෑ. බොහෝ විට මේ අනුගාමිකයින් සහ දාලිත්වරු බුදු දහමට සමීප වෙන්නේ ඔවුන් සමාජයේ පීඩිතයින් වූ නිසාම මිසක බුදු දහමේ සැබෑ අරුත හඳුනාගෙන නම් නෙවෙයි.

කුල හීනයන්ට එරෙහිව ඉන්දියානු සමාජයේ තියෙන ප්‍රචණ්‌ඩත්වයට විරෝධය පෑමක්‌ විදිහට තමයි ඔවුන් ආගම වෙනස්‌ කරන්නෙ. මෑත කාලයේදී ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වල සහරාන්පුර් ප්‍රදේශයේ දාලිත් වරුන්ගේ නිවාස 25 ක්‌ ගිනිබත් කෙරුණා. මේ සිදුවීම නිසා ඇතිවුණු මහජන විරෝධතා වලින් 2017 අවුරුද්දේ මැයි මාසයේදී එක්‌ පුද්ගලයෙක්‌ ජීවිතක්‌ෂයට පවා පත් වුණා. 2016 අවුරුද්දේදී ගුජරාත් ප්‍රාන්තයේ ඌනා ප්‍රදේශයේ දාලිත් වරුන් පිරිසක්‌ හින්දුන් අතින් හිංසනයට ලක්‌ වුණා. මේ පළාත් දෙකේම දාලිත්වරුන් හින්දුන්ට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්නට කළේ හින්දු ආගම අත්හැර බුදු දහමට හැරුණු එකයි.

මේ ආගම් හැර යාම මේවෙනකොට දේශපාලන ආයුධයක්‌ බවට පත්වෙමින් තියෙනවා. භාරතීය ජනතා පක්‌ෂයේ සාමාජිකයින් දාලිත් කුලයේ අය ගැන දක්‌වන අයහපත් ආකල්පය වෙනස්‌ කරගන්නේ නැතිනම් තමන්ගේ දේශපාලන ආධාරකරුවන් හා පාක්‌ෂිකයින් විශාල සංඛ්‍යාවකුත් එක්‌කම හින්දු ආගම අත්හැරලා බුදු දහම වැළඳ ගන්නා බවට ජනප්‍රිය දාලිත් දේශපාලනඥයෙක්‌ ඉන්දීය රජයට තර්ජනයත් කරනවා.

මේ වගේ තත්ත්වයන් බොහොමයක්‌ නිසා දැන් දැන් දාලිත් කුලයේ අය කෙරේ තියෙන සැලකිල්ල වෙනස්‌ කරන්නට ඉන්දියානු රජයටත් සිදු වෙලා. ඉන්දියානු දේශපාලනයට අභියෝග එල්ල කරන්න කුල හීනයන් බුදු දහම වැළඳ ගැනීම පාවිච්චිචි කළත් බුදු දහමට එරෙහිව කිසිම පියවරක්‌ ගන්න ඉන්දියානු හින්දු භක්‌තිකයින්ට වගේම ඉන්දියානු රජයටත් බැහැ. බුදු දහම කියන්නේ ඉන්දියාවේ ප්‍රධානතම සංස්‌කෘතික අපනයනයන්ගෙන් එකක්‌.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *