ලංකාවේ මහජාතිය මුස්ලිම් වෙන හැටි – නිවැරදිගණන් මිනුම් එක්ක

ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංවිධානයේ ලේකම් තාරක වරාපිටිය විසින් ශ්‍රී ලංකාවේ මහජාතිය මුස්ලිම් ජාතිය වීමේ අවධානමක් ඇතයි යන්න පට්ටපල් බොරුවක් ලෙස මාර්තු 1 වෙනි දින මව්බිම අමතා කල ලිපියක් මගින් කියා තිබිණි. ඉතා අදුරදර්ශී ලෙස තමන්ගේ මතයක් සමාජ ගත කිරීම සඳහා ව්‍යාජ තොරතුරු යොදාගනිමින් මන්න්කල්පිත ගැටළු හා පිළිතුරු මවමින් ඒ මහතා ඉදිරිපත්කල තිබු ලිපියට 2018 .04 18 දින නිවැරදි පිළිතුරු ලිපියක් දෙනගම ධම්මික රණවිර විසින් ඉදිරිපත් කර තිබිණි. සමාජ මාධ්‍ය ජාලා තුල කතා බහට ලක්විය යුතු මාතෘකාවක් ලෙස අපි දකින මෙම මාතුකාව ඉතා වැදගත් බැවින් එකී ලිපි දෙකම මෙසේ ඔබේ අවධානයට පත් කරන්නෙමු 

අනිවාර්යෙන් මෙම ලිපි කියවා තවත් අයකුට දැනගන්න සේයාර් කරන්න 

වසර 2040 වනවිට මේ රටේ ජනගහනයෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන් වනු ඇති බවට ප්‍රබල මතයක් සමාජගත වී ඇත. සිංහලයන් සැලකිය යුතු පිරිසක් මේ මතය කිසිදු වග විභාගයකින් තොරව පිළිගෙන තිඛෙන බව පෙනෙන්නට තිබේ. විචාර බුද්ධියක්, තර්ක ඥානයක් ඔවුන් තුළ නැතිවීම ඊට හේතුව විය හැකිය.

මේ මතය සමාජගත කළ ගිහි – පැවිදි පිරිසගේ තර්කය වන්නේ සිංහල ජාතික පවුල්වල දරුවන් එක්කෙනකුට, දෙන්නෙකුට සීමා වෙද්දී මුස්ලිම් ජාතික පවුල් වැඩි වැඩියෙන් දරුවන් හැදීම මේ තත්ත්වයට හේතු වන බවය. මුස්ලිම් ජාතිකයන් සිංහලයන් මෙන් 6 ගුණයක් දරුවන් බිහිකරන බව මේ බිය ගැන්වීම හා කුපිත කිරීම තීව්‍ර කරනු පිණිස ඔවුහු පවසති. අන්තවාදී මුස්ලිම් කොටස්, සිංහල ජාතිකයන් වඳභාවයට පත්කිරීම සඳහා කුමන්ත්‍රණකාරීව කටයුතු කරන බවද මේ පිරිසේ ප්‍රබල චෝදනාවකි. ~වඳ පෙති~ මාතෘකාවක් බවට පත්වී ඇත්තේ මේ චෝදනාවේ ප්‍රතිඵලයක් විදියටය.

ඉකුත් දිනෙක මාගේ යතුරුපැදිය සර්විස් කරගැනීමට ගිය අවස්ථාවේ එම සේවා ස්ථානයේ හිමිකරු මාගේ රැකියාව පිළිබඳව කළ විමසීමේදී මා දුන් පිළිතුර සමඟ ක්ෂණයෙන් ඔහු ඇසූ ප්‍රශ්නය වූයේ ලංකාවේ සිංහල ජාතිකයන් කොපමණ සිටිනවාද? මුස්ලිම් ජාතිකයන් කොපමණ සිටිනවාද? යන්නයි. සිංහල ජනගහනය 75%කට ආසන්න බව හා මුස්ලිම් ජනගහනය 10%කට අඩු බවට මා දුන් පිළිතුරෙන් ඔහු විමතියට පත්වූ බව පෙනිණි. එහෙනම් සමහරු කියන්නේ මුස්ලිම් ජනගහනය හොඳටම වැඩි වෙලා කියලා හෙතෙම පෙරළා පැවැසීය.

මේ නොදැනුවත්භාවය හා සැකය පොදු සමාජ මනෝභාවයකි. පොදු මිථ්‍යාවකි. මෙය ඔහු වැනි බොහෝ දෙනකු තුළ කැකෑරෙන ප්‍රශ්නයකි. එහෙත් මේ සරල දැනුම ලබාගෙන තමන් ගිලී සිටින අඳුරු ගුහාවෙන් නිදහස් වන්නට අපේ ජනතාව උත්සාහ දරන්නේ නැත. එලෙසම අදාළ ආයතන මේ කරුණු පැහැදිලි කොට සමාජ මනස නිරවුල් කරන්නට ඉදිරිපත් වන්නේද නැත. කට කතා විචාරයකින් තොරව වැලඳ ගන්නා මෙවැනි අය අන්තර්ජාලයෙහි සුලබව පවතින නිවැරැදි තොරතුරු සොයා ගැනීමේ ව්‍යායාමයේ නියැළෙන්නේද නැත. ඒ නිසා ‘කුමන්ත්‍රණ’ මානසිකත්වයෙන් පෙළෙන අපේ පොදු ජන සමාජය වෙත නිවැරැදි තොරතුරු සන්නිවේදන කිරීම මාධ්‍ය සතු යුතුකමකි.

( වගුවට අනුව මුස්ලිම් ජාතිකයන් මෙන් 6 ගුණයක් සිංහල ජාතිකයා විසින් දරුවන් බිහි කරයි) මෙවැනි කරුණක් පිළිබඳව සැබෑ දත්ත ඉදිරිපත් කරන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසිනි. එම දෙපාර්තමේන්තුවද මේ සඳහා පාදක කර ගන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උපත් ලියාපදිංචි කිරීමේ තොරතුරුය. එහෙත් ඉහත කී ප්‍රබන්ධය කෙතරම් මුසාවක්ද යන වග නිරාවරණය කරන්නාවූ දත්ත පහත වගුවෙන් පෙන්වා දෙයි.

ඇත. 1991 වසරේ රටේ පැවැති වාතාවරණය තුළ, දස වසරකට වරක් පැවැත්වෙන මේ සංගණනය නොපැවැත්වුණු අතර ඉන් අනතුරුව 2001 පැවැති ජන සංගණනයේදී උතුරු – නැඟෙනහිර දිස්ත්‍රික්ක 7ක තොරතුරු ආවරණය කිරීමට නොහැකි වූ බව සැලකිල්ලට ගත යුතුය.

ඇත්තෙන්ම මීට වසර 60කට පමණ පෙර සිංහල ජාතියේ (ජනවර්ගයේ) ජන ප්‍රතිශතය 65%ක් පමණ විය. එහෙත් අද එය 75%කට ආසන්න වී ඇත. ඒ නිසා පසුගිය අඩසියවස සලකා බැලූ විටද සිංහල ජාතිය සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතාත්මකව ද වැඩිවී ඇත. දෙමළ හා බර්ගර් ජාතිකයන් රටින් එපිටට සංක්‍රමණය වීම නිසා මෙලෙස ප්‍රතිශතාත්මකව සිංහල ජන සංයුතිය වැඩිවී ඇත. නූතන ප්‍රවණතාව වන්නේ ලෝකයේ රටවල් මෙන්ම විශේෂයෙන් දියුණු ප්‍රධාන නගර විවිධ ජනවර්ගවල සම්මිශ්‍රණයක් බවට පත්වීමයි. ඒ අනුව, පොදු වශයෙන් සලකා බලන කල විවිධ සංක්‍රමණ හේතුවෙන් රටක පොල්මක්කාර ජනවර්ගයක් ලෙස එක් ජනවර්ගයක් (ප්‍රධාන ජනවර්ගය) ප්‍රතිශතාත්මකව වැඩි නොවේ. ලංකාවේ පුරවැසි හිමිකම ලබා ගැනීම ඉතාම අසීරු නිසා රට තුළට සංක්‍රමණය සිදුනොවීම අපේ රටේ මේ විශේෂ තත්ත්වයට හේතුවයි. ලෝකයේම සම්භාවනාවට පාත්‍රවූ විශිෂ්ට බුද්ධිමතකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාර්ක් මහතාට පවා ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි නොවුණේ ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඇති නීතිමය අවහිරතාව නිසාය.

බුද්ධිමත් සමාජයේ නිර්දේශය වන්නේ හැකි තරම් ජනගහනය වර්ධනය කර ගැනීම නොවේ. එමෙන්ම, ලෝකයේ ධාරිතාවට හා අනාගතයේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඔරොත්තු දෙන මට්ටම පිළිබඳව සලකා බලා ජනගහන වර්ධනය ඉදිරියටත් අවශ්‍ය වෙයි නම් ඒ අනුව අපි වැඩි කරගත යුත්තේ සිංහල ඔළුගෙඩි සංඛ්‍යාව නොව කුමන ජාතියක වුව යහපත් මිනිස්සු සංඛ්‍යාවයි. ජනගහන සංයුතිය දෙස අප උනන්දු විය යුත්තේ ජාතිය (ජනවර්ගය) මිනුම් දණ්ඩ ලෙස ගෙන නොව ගුණාත්මක මිනිසා  යන මිනුම් දණ්ඩ පදනම් කරගෙනයි.

කෙසේ වුවත් සිංහල සමාජය තුළ තම ජනවර්ගය ප්‍රමාණාත්මකව අවදානමකට  මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිත වෙයි. එහෙත් තම ජනවර්ගය ගුණාත්මකව අවදානමකට මුහුණපා ඇතැයි යන යථාර්ථය නම් තේරුම් ගෙන නැත. නිර්භීත හා ඥානාන්විත අයකු යම් අවදානමක් අරබයා බියවිය යුත්තේ ප්‍රමාණාත්මක මිනුමක් මත නොව අභියෝගයේ ඇති ගුණාත්මක අවදානම පදනම් කොට ගෙනයි.

එවකට ඇමෙරිකාව සෝවියට් දේශය අභියෝගයක් ලෙස සැලකුවේ එහි භූමි ප්‍රමාණයේ විශාලත්වය නිසා නොවෙයි. එදා සෝවියට් දේශය සතුව තිබුණු දේශපාලන, යුද හා අභ්‍යවකාශ තාක්‍ෂණය හේතුවෙනි. එනම් ගුණාත්මක ශක්‍යතාව හේතුවෙනි. අද ඇමෙරිකාව චීනය අභියෝගයක් ලෙස සලකන්නේ එහි ජනගහනයේ විශාලත්වය නිසා නොවෙයි. චීනය සතුව ඇති ආර්ථික, මිලිටරි හා තාක්‍ෂණික හැකියාවන් නිසාය. එනම් චීනය අත්පත් කරගෙන ඇති ගුණාත්මක ශක්‍යතාව හේතුවෙනි. ප්‍රමාණය හා ගුණය අතර වෙනස දියුණු ලෝකය වටහාගෙන ඇත. ඔවුන් තම උපායමාර්ග හා සැලසුම් සකස් කරනුයේ ප්‍රමාණය මත නොව ගුණාත්මක බව පදනම් කරගෙනයි.

අතීතයේ විවාහ කටයුත්තකදී (කුලය හැරුණු විට) සහකරු හෝ සහකාරිය උරුමකම් කියන ඉඩකඩම් දේපොළ  ප්‍රමාණය  එකම වැදගත් කාරණය විය. නමුත් අද වඩා වැදගත් කොට සලකන්නේ ඔහු හෝ ඇය සතු දැනුම, වෘත්තික තත්ත්වය වැනි ගුණාත්මක කාරණාය. ප්‍රමාණය හා ගුණය අතර වෙනස අපේ ආසන්න ජීවිත කරුණුවලට අදාළ කරගන්නේ එලෙසයි. එහෙත් සමාජ කාරණාවලදී එතරම් විචාරශීලීභාවයක් අපෙන් නිරූපණය නොවේ.

(සංවාදයට විවෘතයි.)ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංවිධානයේ ලේකම් තාරක වරාපිටිය

මේ එම ලිපියට ලබා දුන් පිළිතුරු ලිපිය වේ

මුස්ලිම්වරුන් මෙරට මහ ජාතිය වන බව කීම පල් බොරුවක්ල හිසින් පසුගිය මාර්තු 21 වැනිදා මව්බිම පුවත්පත ලිපියක් පළ කොට තිබිණි. හේතුවාදීන්ගේ සංගමයේ තාරක වරාපිටිය විසින් ලියා තිබූ එය විෂය කරුණු දැක්වීම පසෙක තබා පල් බොරු ගොතා හුදී ජනයා නොමඟ යවන්නට ගත් අවියත් උත්සා හයකැයි බැලූ බැල්මටම පෙනෙන්නේය. එමෙන්ම එය ජන සංයුතිය ගොඩනැඟෙන ආකාරය අනුව සිංහලයන්ට අනතුරක් පවතින බව වසං කරන්නට ගත් ද්වේෂ සහගත උත්සාහයක් ලෙසද හැඳින් විය හැකිය. ලිපිය ආරම්භයේදීම මුස්ලිම් ජාතිකයන් සිංහලයන් මෙන් 06 ගුණයක් දරුවන් බිහි කරන බවට මතයක් ඇති බවට මෝඩයකු කටමැත ‍දොඩවන ආකාරයට නොදෙවැනිව පල් බොරුවක් සමාජගත කරමින් සැබෑ තත්ත්වය වසං කිරීමට කූට ප්‍රයත්නයක් ගනියි.

එමෙන්ම තමන් තර්ක කරන කරුණ වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම පසෙක තබා පල්හෑලි ලිපිය පුරා ඔබන්නටද ඔහු කටයුතු කර තිබේ. පල්හෑලිවලට උත්තර දෙනවා වෙනුවට විෂය කරුණු දැක්වීමට අදහස් කළෙමු.

යුද්ධයට පෙර 1981දී ජන සංගණනයක් පැවැත්වූවාට පසුව මුළු රටේම සංගණනයක් අවසන් වරට පැවැත්වූයේ 2011 වසරේය. මේ කාලය විවෘත ආර්ථිකය ආරම්භ වී ප්‍රසාරණය වූ යුගයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මධ්‍යම පන්තිය පුළුල් විය. සාම්ප්‍රදායික ගමෙහි දරුවන් හත් අට දෙනකු අඩුම තරමින් පස් දෙනකුවත් සිටි පවුල්වල දරුවන් සංඛ්‍යාව 2-4 සීමා විය. 1981 වසරේදී 74%ක් වූ සිංහල ජනගහනය වසර 30ක් ඇවෑමෙන්ද වර්ධනය වී ඇත්තේ 0.9%ක් හෙවත් 74.9%ක් ලෙසයි.

එහෙත් අදාළ කාලය තුළ මුස්ලිම් ජනතාව 7% සිට 9.3% දක්වා ඒකක 2.3%කින් වර්ධනය වී තිබේ.

එය තවත් ආකාරයකට සඳහන් කරනු කැමැත්තෙමි. අදාළ කාලය තුළ සිංහල ජනගහනය එක්කෝටි නව ලක්ෂ හැත්තෑ නව දහස් පන්සිය හැටඑකේ (10,979,561) සිට වර්ධනය වී ඇත්තේ එක්කෝටි පනස්එක්ලක්ෂ හැත්තෑතුන් දහස් අටසියවිස්සක් (15,173,820) දක්වා පමණි. ඒ අනුව වැඩිවීමේ ප්‍රතිශතය 38.02%කි. එහෙත් මුස්ලිම් ජනගහනය 10,46,926 සිට 18,69,820 දක්වා වැඩිවී ඇත. ඒ අනුව වැඩිවීමේ ප්‍රතිශතය 78%කි. එනම් සිංහල ජනගහනයට වඩා දෙගුණයකටත් වැඩියෙන් ඔවුහු ජනගහන වර්ධනය පවත්වාගෙන යති. රටේ සමස්ත ජනගහන වර්ධන වේගය 1953 මාර්තු 20 සංගණනයේදී 2.8%ක උපරිමයක් වාර්තා කොට තිබිණි. එහෙත් ඉන් පසුව එය ක්‍රම ක්‍රමයෙන් පහළ ගොස් තිබේ. 2011 වනවිට එය 0.7%ක අගයක් ගත්තේය. ඒ අතරින් සිංහලයන් 1.04%ක වර්ධන වේගයක් පෙන්නුම් කරන විට මුස්ලිම් ජන වර්ධනය 1.87%ක් ලෙස පෙන්නුම් කරයි. එය ශ්‍රී ලංකාවේ ජන කොටසක් වර්ධනය වන ඉහළම ප්‍රතිශතයද වන්නේය.

මේ අතර වැඩිම ජනගහන වර්ධනයක් පෙන්නුම් කරන්නේ සිංහල ජනතාව බහුතර ලෙස ජීවත් වන දිස්ත්‍රික්කවල නොවේ. වැඩිම ජනගහන වර්ධන වේගය වවුනියාව දිස්ත්‍රික්කයේය. එය 1.97%ක ප්‍රතිශතයකි. ඊළඟට අම්පාරේය. එය 1.68%ක ප්‍රතිශතයකි. ඒ ආකාරයට සිංහල නොවන පිරිස් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ජනගහන වර්ධන වේගය වැඩිවී ගොස් තිබේ.

ජන වර්ගය අනුව අවුරුදු 15-49 විවාහක කාන්තාවන්ට ලැබුණු දරුවන් සංඛ්‍යාවෙහි සාමාන්‍යය අතින්ද සිංහල කාන්තාවන් සිටින්නේ 1.9%ක සීමාවේය. එහෙත් මුස්ලිම් කාන්තාවන්ගේ එම අගය 2.4%ක පමණ ඉහළ අගයක් පෙන්නුම් කරයි. එමෙන්ම අනෙකුත් සියලු ජනවර්ග හා සැසඳීමේදී වුවද දරුවන් බිහි කිරීමට හැකි වයස් කාණ්ඩයේ (15-49) සිටින කාන්තාවන්ට ලැබුණ අවම දරුවන් සංඛ්‍යාව පෙන්නුම් කරන්නේ සිංහල කාන්තාවන්ගෙනි. තවද 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජන වර්ග අතරින් මුස්ලිම් ජනවර්ගය වැඩිම මුළු සාඵල්‍යතා අනුපාතයක් හෙවත් සජීවී උපත් 3.3ක් වනවිට එය සිංහලයන්ගේ 2.3 දක්වා අඩුවී තිඛෙන බවක්ද පෙන්නුම් කෙරේ.

එවැනි සත්‍යයක් ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථාවක උපත් ලියාපදිංචි තොරතුරු අනුව මුස්ලිම් ජනගහනය සිංහලයන්ට වඩා 6 ගුණයකින් වැඩි නොවන බවට වගුවක් පෙන්වා ඇත. එම ලේඛකයාට 6 ගුණයක් ලෙස සකස් කරගත් ඊනියා මන–කල්පිතය තුළ නම් 6 ගුණයකින් මුස්ලිම් ජනතාව වැඩි නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

මන්ද මන–කල්පිතයකට උත්තර දීම යථාර්ථවාදී සංඛ්‍යා ලේඛනවලින් කළ නොහැකි නිසාය. අනෙක එවැන්නකට උත්තර දීමට යෑම පවා අනුවණකමකි. එහෙත් ඔහු ඉදිරිපත් කොට ඇති සංඛ්‍යා ලේඛනය අනුවද සිංහල ජනගහනයට වඩා මුස්ලිම් උපත් වැඩි බව පෙනෙයි. අවාසනාව වන්නේ ඔහුට එය නොවැටහීම හෝ නොවැටහෙන්නා ලෙස සිටීමයි. ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අනුව 2004දී සිංහල උපත් ලියාපදිංචිය 258,120කි. එය 2010 වනවිට 255,697 දක්වා අඩුවී ඇත. එහෙත් මුස්ලිම් උපත් ලියාපදිංචිය 2004 වසරේදී 42,556ක් ලෙස වාර්තා වුවත් එය 2010 වනවිට 43,926 දක්වා ඉහළ ගොස් ඇත. පල් බොරු ඇදබාන 6 ගුණාකාර මන–කල්පිතය තුළ ඔහු සංඛ්‍යා ලේඛන යථාර්ථය පිළිනොගැනීම හේතුවාදීන්ගේ අහේතුවක් විනා වෙන කුමක්ද.,?

මෙහි අනෙක් හාස්‍යජනක කාරණය 1901ට සාපේක්ෂව සිංහල ජනගහනය 2011 වනවිට වැඩි වී ඇති ආකාරය අනුව සංඛ්‍යාත්මකව වැඩිවී ඇති බව කීමයි. බැලූ බැල්මට එය සත්‍යයක් වුවත් 1981ට පසු සිංහල ජනගහන වර්ධනය අඩුවී ඇති බවත් අනෙක් අතට එම කාලය තුළ මුස්ලිම් ජනවර්ගය ඊට සාපේක්ෂව වර්ධනය වීමත් මඟහැර යා නොහැකි සත්‍යයයි. එම සත්‍යය වසර සියයක ඉතිහාසය පෙන්වා වසන් කළ නොහැකිය.

සිංහල සමාජය තුළ තම ජනවර්ගය ප්‍රමාණාත්මකව අවදානමකට මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිත බවට ද තාරක වරාපිටිය මහතා පල් බොරු ඇදබා තිබේ. සිංහලයන් අවදානමකට පත්ව ඇති බව ඉහත දක්වන ලද සංඛ්‍යා දත්ත කිහිපය වුවද සෑහෙන බව අපගේ හැඟීමයි. අනෙක මෙය සිංහලයන්ට පමණක් ඇති ප්‍රශ්නයක් නොවේ. මුළු ලෝකයේම සිදුවන්නකි. ගන්ධාර දේශය (පකිස්තානය) ආදී බෞද්ධ ප්‍රදේශ රැසක් මුස්ලිම් ආක්‍රමණවලට ගොදුරු වී මුස්ලිම් රාජ්‍යයන් බවට පත්වූ ආකාරයේ උදාහරණ ලෝකයේ බොහෝ වෙයි.

ඒ බිය තේරුම් ගන්නට තරම් හේතුවාදීන්ට එය හේතුවක් නොවේ. එම නිසාම ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනය හා ඊට බැඳුණු සංස්කෘතියේ හර පද්ධති අනාගතයට ගෙන යන වත්මන් ප්‍රවාහය තමන් යැයි නොසිතයි. අහේතුවලින් වඳ පීදුණු පුද්ගලයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය යුත්තක්ද නොවේ. ඒ මන්දයත් මේ ලෝකය ඉදිරියට යන්නේ හොඳ මිනිසුන්ගෙන් මිස නරක මිනිසුන්ගෙන් නොවන නිසාය.

(තොරතුරු මූලාශ්‍ර 2011 ජන සංගණන වාර්තාවෙනි) (සංවාදයට විවෘතයි) දෙනගම ධම්මික රණවීර

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.