ඇමරිකාවෙන් ලංකාවේ පාලනය හදන්න ආධාර දීලා – කොන්දේසි මෙන්න

උතුරු ප්‍රදේශය හමුදාකරණයෙන් තොරව ක්‍රියාත්මකවීම ඇතුළු කොන්දේසි හතරක්‌ මත ඇමරිකානු රජය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නගාසිටුවීම සඳහා ඩොලර් මිලියන 35 ක්‌ ලබාදීමට තීරණය කර ඇත.

මෙම කොන්දේසි අතර යුද අපරාධ චෝදනා පිළිබඳව සංක්‍රාන්ති අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම, අතුරුදන්වූවන් පිළිබඳව පියවර ගැනීම සහ අපරාධවලට සම්බන්ධ හමුදා භටයන් සඳහා මුක්‌තිය ඉවත් කිරීම යන කොන්දේසිද වේ.

මේ හැර ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවේ කටයුතු සඳහා ඩොලර් 500,000 ක්‌ ලබාදීමටද ට්‍රම්ප් පාලනය එකඟ වී තිබේ.

මෙම අරමුදල් ලබාදීම සඳහා ඇමරිකානු රජය පනත් කෙටුම්පතක්‌ද සම්මත කර ගෙන ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.