දේවාලේ කෙමක් – එකට මෙහෙම ඉන්නම ඕනේ කියලා – පාලු වත්තේ මඩුවට එක්ක ගිහින්

වයස අවුරුදු 12 මාස 6 ක දැරියකට දුම්මලසූරිය දේවාලයකින් පැවසූ කෙමක්‌ කරන්නැයි රවටා අතවරයක්‌ සිදු කළ පාසල් සේවා රියෑදුරා මේ මස 18 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

එලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුලියාපිටිය අනුක්‌කනේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක 57 හැවිරිදි රියෑදුරෙකු වූ රන්කොත් පේඩි දුරයලාගේ විමලසේන නොහොත් බණ්‌ඩා අත්තා නමැත්තෙකි.

අදාළ ත්‍රිරෝද රථයෙන් අනෙකුත් සිසු සිසුවියන් පාසල් නිවාඩුවට පෙර දිනක පාසලට ඇරලවා වින්දිත දැරිය පමණක්‌ අනුක්‌කනේට නුදුරු පිලහේන වත්ත ඉලුප්පිටිය ප්‍රදේශයේ පාළු වත්තක පිහිටි අත්හැර දැමූ අබලි ද්‍රව්‍ය පිරවූ නිවසකට ගෙන ගොස්‌ දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළිව ඇත.

දුම්මලසූරිය ප්‍රදේශයේ දේවාලයකින් බාරයක්‌ ඔප්පු දීමට අත්‍යවශ්‍ය දැ ලබා ගැනීමට යෑයි පවසා එම දේවල් ලබා ගැනීමට නම් මෙසේ හැසිරිය යුතු යෑයි පවසමින් දැරිය අපයෝජනයට ලක්‌ කොට තිබූ බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

අදාල සැකකරු අල්ල ගත අවස්ථාවේ චයාරුප පහතින් ටච් කර බලන්න

අදාළ වත්ත දෙසට පාසල් සිසුවියක්‌ නිල ඇඳුමෙන් නිතර යැම පිළිබඳව ප්‍රදේශවාසීහු විමසිල්ලෙන් සිටීම නිසා මෙම අපරාධය හෙළි කර ගැනීමට හැකි වූ බව පවසන පොලිසිය අපරාධය වාර්තා වූ අවස්‌ථාවේදීද සැකකරු දැරිය රැගෙන යැමෙන් අනතුරුව සැඟවී එම ස්‌ථානයට ගොස්‌ අදාළ ඉටි රෙදිවලින් වට කොට තිබූ තාවකාලික මඩුව ඇතුළට යන විටත් අපයෝජනය සිදු වෙමින් තිබී ඇත. එහිදී ගම්වාසීන්ගේ දැනුවත් කිරීමෙන් අනතුරුව දැරියගේ පියා ඥතීන් හා ගම්වාසීන් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබිණි. අදාල සැකකරු අල්ල ගත අවස්ථාවේ චයාරුප පහතින් ටච් කර බලන්න

කුලියාපිටිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂිකා සාවිත්‍රී සිරිමාන්න, පොලිස්‌ සැරයන් දයාරත්න (58527), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් දමයන්ති (8679), පොලිස්‌ කොස්‌තාපල් හේරත් (1037) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

අදාල සැකකරු අල්ල ගත අවස්ථාවේ චයාරුප පහතින් ටච් කර බලන්න

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.