අවු 12 පෙම්වතිය පාසල් චාරිකාව නොයා පෙම්වතා එක්ක දවසක් ගත කරලා

අවුරුදු 12 යි මාස 10 ක්‌ වයසැති බාලවයස්‌කාර පාසල් සිසුවියක්‌ දෙමාපිය භාරකාරත්වයෙන් අපහරණය කොට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු 20 හැවිරිදි තරුණයකු මෙම 18 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය 06 වැනිදා නියම කළාය.

ඉකුත් 29 වැනිදා පාසල් අධ්‍යාපන චාරිකාවට සහභාගි වීම සඳහා පියා විසින් යතුරුපැදියෙන් එදින අලුයම 4.30 ට දැරිය පාසලට ඇරලවා ඇති බවත් දැරිය අධ්‍යාපන චාරිකාවට සහභාගි නොවී 20 හැවිරිදි පෙම්වතා සමඟ පෙම්වතාගේ මාමා කෙනකුගේ නිවසට ගොස්‌ එම නිවසේ දවස ගත කොට ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.

අධ්‍යාපන චාරිකාව නිමා කොට සිසුවියන් පාසල වෙත පැමිණි අවස්‌ථාවේ අතවරයට පත් දැරිය ද පාසල අසලට පැමිණ පියා සමඟ නිවසට ගොස්‌ ඇති අතර දැරිය අධ්‍යාපන චාරිකාවට සහභාගි වී නොමැති බවට දෙමාපියන්ට අනාවරණය වීමෙන් පසු පියා විසින් දිවුලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ල මත පරීක්‌ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බවට ද අධිකරණයේදී සඳහන් විය. අධිකරණයට ඉදිරිපත් කෙරුණ දැරියව ළමා නිවාසයක රඳවා තබන ලෙසට නියම කෙරිණි.

අදාළ වීඩියෝ සහ චායරුප පහතින්

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *