යුද්දෙදි මියගිය සෙබලාගේ අම්මාට ඒ මොහොතේම දැනුනු දේ – සත්‍ය කතාවක්

අම්මගේ ආදරය ගැන අපි ගොඩාක් කතා අහලා තියෙනවා . අම්මා කෙනෙක් ගේ ආදරයක් නොවෙන්න ලෝකේ කිසිම දෙයක ජීවයක් රඳා පවතින්නේ නැ . එහම අම්මා කෙනකුට තමන්ගේ තරුණ පුතා අහිමි වෙනවා කියන්නේ හිතාගන්නවත් බැරි තරමේ දුකක් . ඒ ගැන කියන්න ලෝකේ කිසිම භාෂාවක් සාධාරණ වචන අති කියලා අපිට හිතන්න බැ . මේ කියන්න යන්නේ අපේ රටේ නිදහස වෙනුවෙන් යුධබිමේ ලේ හලමින් මියගිය අති විශිෂ්ට රණවිරුවකුගේ මවකගේ කතාවක්. මේ කතාව අපිට කියපු කතානායකයා මේ මව කවුද කියන්න දන්නේ නැ . එත් අපිත් එක්ක එයා කියපු මේ කතාව සම්පුර්ණ ඇත්ත කතාවක් කියලා නම් අපි දන්නවා. අද අපි අපේ රටේ විජයග්‍රහණය ගැන කතා කරන්නේ නැ . එක තහනම් වෙලා . යුද්ධෙන් මියගිය අය පරාජිතයෝ කියලත් රටේ මහා තැනින් කියවෙන්න තරම් අපි අවාසනාවන්ත වෙච්ච රටක්. ඒ එයාලගේ මතය වෙන්න අති. හැබැයි අපිටනම් තියෙන්නේ වෙනම මතයක් . දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා මෙලොවට බිහිකරලා , ලේ කිරි කරලා පොවලා උස මහත් කරපු පුතෙක් කියන්නේ අම්මා කෙනෙකුට තවත් ප්‍රාණියෙක් නෙමෙයි. ඒ අම්මගේම ශරීරයේ කොටසක්. එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බැ . ඒ තරම් කැපකිරීම් කරපු මවක් තමන්ගේ පුතා රට ජාතිය වෙනුවෙන් සටනට යවලා ආඩම්බරෙන් බලාගෙන ඉන්නේ නැ . කවුරු මොනවා කිවුවත් ඇත්ත කතාව එක තමයි. අම්මලා හිටියේ ගිනි ගොඩක. මහා බයකින්. ඒ තමන්ගේ ආදරණිය පුතාට කරදරයක් නොවේවා කියලා බෝධිපුජා කීයක් තියන්න ඇතිද? කොටි ප්‍රකෝටි වාරයක් රැ නිදි නැතිව පුතාට කරදරයක් නොවෙන්න කියලා මතුරන්න අති නේද? පොඩ්ඩක් හිතලා බලමු . එහෙම අම්මා කෙනකුට අහිමි වෙච්ච තමන්ගේ පුතා ගැන මොනවා කිවුවත් හිත හදාගන්න බැ . ඒ අම්මලාගේ හැටි. හැමදාම ඒ අම්මා රැ දවස නිදි නැතිව තමන්ගේ පුතා ගැන හිතමින් කඳුළු බොනවා. ඒ මහා වීරයෝ ගැන අපි ආඩම්බරයෙන් කතා කලත් ඒ වීරත්වය ලෝකෙට බිහිකළ ලේ දාතුවේ අයිතිය හිමි අය ගේ ඇත්ත කතාව ඕකයි . ඉතින් අපිට කවදාවත් පුලුවන්ද රටක් වෙනුවෙන් අපි වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් බය නැතිව , සටනට ගිහින් මැරෙනවා කියලා දැන දන පෙරමුණටම ගිහින් , වෙඩි කාලා පොලවේ ලේ ගංගා හලමින් නොවිදිනා දුක් විඳලා , අද අපිට හිතනවත් බැරි තරමේ දුක් වේදනා විඳලා මහා මුකලානක , සමහරවිට ඉටි කොළයක්වත් නැතිව අන්තිම හුස්ම හෙලපු උන් අමතක කරන්න . තමන්ගේ පපුවට තට්ටු කරලා අහලා බලමු .. කාටත් අමතක වෙන ඒ හිතාගන්න බැරි කැපකිරීම මතක් කරන්න තමයි අපි මේ කතාව ලියන්න හිතුවේ . මේ කතාව අපිට කිවුවේ යුධ හමුදා වෛද්‍ය බලකායේ සෙබලෙක් . තමන්ගේ අත්දැකීමක් . සම්පුර්න සත්‍ය කතාවක් මෙතැන් ඉඳලා කතාව එයාගේ

මට මතක හැටියට ඒ 2008 අවුරුද්දේ මුල කාලය වගේ . අපි වැඩ කරේ වැලිඔය පැත්තේ තියෙන . යුද්දේ පටන් අරගෙන තිබුනේ . අපිටත් මහා ලොකු වැඩ කොටසක් කරන්න උනා. ඒ අද සෞක්‍ය සේවාවේ ඉන්න කෙනකුට හිතන්වත් බැරි තරමේ වැඩ, මොකද මුලික පහසුකම් වත් තියෙන්නේ නැ . එක හමුදාවටම විතරක් කරන්න පුළුවන් වැඩක්. නිතරම සාමාන්‍ය  කෙනකුට දකින්නවත් අමාරු තුවාල කාරයෝ ගොඩාක් ආපු කාලයක්. මම හිතන්නේ අපි කාටවත් හරි හැටි නින්දක් තිබුනෙවත් නැ . ඒ හරියේ සිංහල ගම්ම්නයක්. ඒ වෙනකොට ටීගෝ සිග්නල් විතරක් ගම හරියට තිබුනා. අපේ දෙවෙනි පෙළ ප්‍රථමාධාර අංශය තිබුනේ ගමම්ම්නය ලඟම හරියේ. .  වෙලාව උදේ 11 ට විතර අති. එක පාරටම අපිට පණිවිඩය ලැබුනා කැෂුවල්ටි ගොඩාක් (තුවාල ලත් සෙබළු ) ගෙනාවා කියලා. අපි හැමෝම ටක් ගාලා වැඩේට බැස්සා. ඒ වෙනකොට ට්‍රැක්ටර් යකින් තුවාල වෙච්චි සෙබළු ටික ආරගෙන ආවා . මමත් තව දෙන්නකුත් හිටියා අපේ වෛද්‍ය කාරය මණ්ඩලයේ. අපි ඉක්මනින් ට්‍රැක්ටරේ ලඟට දුවලා ගිහින් පෙනුමෙන්ම අමාරු කියලා හිතිච්චි අයව ඉක්මනින් ගන්න කියලා කගැහමින් හිටියේ. ට්‍රැක්ටරේ ඉස්සරහටම වෙන්න දාලා හිටිය ඔළුවට වෙඩි වැදිච්චි සෙබලෙක් එයාට වයස අවුරුදු 19 ක විතර අති. එයා ගේ ඔලුවේ කෙස් අතර මොලයේ කොටස් තියෙනවා මම දැක්කා. මම ඉක්මනින් ට්‍රැක්ටරයට නැගලා මෙයා ගමු ඉක්මනින් ගමු කියලා කෑ ගැහුවා. මේ වෙලාවට හැමෝම කලබල වෙනවා. එත් හැමෝම එකම පවුලක් වගේ . එක තමයි හමුදාවේ හැටි. උබලා කරන රස්සාවල් වල එවුන්ට හිතනවත් බැරි තරමේ බැඳීමක් අපි ගාව තියෙනවා. නිලය තරාතිරම වැඩක් නැ ඒ වගේ වෙලාවට හැමෝම අපි කියපු දේ කරනවා.

ඉක්මනින් මේ සෙබළාව අපි බිමට අරගෙන වහාම ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. කවුද දන්නේ නැ කෙනෙක් මගේ අතට ඇම්බු බෑග් එකත් (කෘතීම ෂවෂණය ලබා දෙන උපකරණය) ගෙනත් දුන්නා. ගොඩාක් අයට වෛද්‍ය බලකායේ නොවුනත් ඒ දැනුම තියෙන නිසා අපිට ලේසියි . අපි තුන්දෙනාගෙන් දෙන්නෙක්  එකතු වෙලා හුස්ම්ම ලාවට වැටෙන මේ තරුණ සොල්දාදුවාගේ අන්තිම හුස්ම ටික රකින්න අපිට පුළුවන් උපරිම හයිය යොදමින් හිටියේ. තවත් තුවාල කාරයෝ ගොඩාක් නිසා අපේ එක්කෙනක් අනිත් අයට ප්‍රතිකාර යුහුසුළුව කරමින් හිටියේ. විනාඩි 5/6 ක වගේ අපි කෘතීම ශ්වශනය ලබා දුන්නා. එත් අවාසනාවට අපේ උත්සාහය සාර්ථක උනේ නැ . මොලයේ කොටස් පවා එලියට ඇවිලා තිබ්බ ඒ කොල්ලගේ හුස්ම වැටෙන එකත් නතර උනා. අපේ ලනගටම ගෙනහල්ලත් අපිට බේරගන්න බැරි උනා. එක මහා ලොකු කම්පනයක්.

මේ සිද්දිය වෙනවත් එකක්ම සාමාන්යෙන් සිදු නොවන දෙයක් උනා. මට කවදාවත් මේ සිද්දිය අමතක නොවෙන්න හේතුව එකයි. මේ කොල්ලගේ හුස්ම යනවත් එකක්ම එයාගේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා. මමත් එක්ක වැඩ කර කර හිටපු මගේ ප්‍රධානියා විදිහට එවෙලේ වැඩ කරපු කෝප්‍රල් ලේ ගෑවිච්ච ග්ලවුස් දෙක පිටින්ම ඒ වෙනකොටත් ලේ වලින් පෙගිලා තිබ්බ යුනිෆෝර්ම් එකේ සාක්කුවට අත දාලා ෆෝන් එක ගත්තා. ඒ කෝල් එක අම්මා ගෙන් . එයා නො එක සේව් කරලා තිබ්බේ අම්මා කියලා . හමොඉටම හිතාගන්න බැරි උනා මොකද කරන්නේ කියලා. එතන හිටපු නිලධාරියෙක් අතට ෆෝන් එක දුන්නේ අපිට මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි නිසා . ඒ ඔෆිසර් ෆෝන් එකේ හැන්ඩ්ස් ෆ්‍රී දලා කතා කළා.

හෙලෝ – පුතේ -අම්මේ කියන්න – පුතේ අපේ පුතා නෙමේනේ ඔය – කෝ පුතේ අපේ පුතා – ආ අම්මේ පුතා පොඩි වැඩක් – හා පුතේ අපේ පුතාගේ යාලුවෙක්ද? පුතා වැඩකන්ම් කමක් නැ – පුතා පෙන්න ඉන්නවද? – ඔව් අම්මේ ඉන්නවා පොඩි වැඩක – හරි හරි පුතේ එහෙනම් කමක් නැ – මට දන් එකපාරටම ලොකු අමුත්තක් දැනුනා – මම බය උනා. එකයි ගත්තේ. එහෙනම් පුතාට කියන්න පරිස්සමින් ඉන්න කියලා – පුතාලා ඔක්කොටම බුදු සරණයි – තියන්නම් පුතේ…

 

උබ හිතන්නේ අපි මොනාව කරන්න ඇද්ද? ඔක්කොටම වචනයක්වත් කතා කරගන්න බැරි උනා. හැමෝම අඩුම තරමින් හුස්ම ගන්නවත් බැරි තරමට ලොක් උනා බන්. අපිත් යුනිෆෝර්ම් එකක් ඇඳලා හිටියට මිනිස්සු . අපි හැමෝම ඇස වල කඳුළු. එක එකා එක එකාට හොරෙන් කඳුළු පිහදානවා . මට මගේ අමමා මතක් උනා. අම්මා හිතං ඉන්නේ මම වැඩ කරන්නේ අනුරාධපුරේ ආමි හොස්පිටල් එකේ කියලා. ඒ වෙනකොට මගේ අයියත් හමුදාවේ . එයා එක පැත්තක සටන් පෙරමුණේ. මට කෙල වත් ගිලින්න බැරි තරමට උගුර හිරවුනා. මගේ අම්මා කොච්චර බයකින්ද ඇත්තේ කියලා .මම හිතන්නේ හැමෝම මම ඉන්න තත්වේ තමා ..කාටවත් තව දුරටත් කතා කරන්න හයියක් තිබ්බේ නැ . ඒ අම්මා මට හිතාගන්න බැ බන් – පුතාගේ මිනිය ගෙදරට යනකොට මොනවා කරන්න ඇද්ද කියලා .

හරි මචෝ දන් ගොඩාක් උන් කියනවානේ කොල්ලෝ හමුදාවට ගියේ පඩියට කියලා. එහෙනම් ඇයි බන් අර වගේ දුකක් අපේ අම්මලාට ලැබුනේ. අම්මලාට මොනවාද බන් හම්බුනේ.. උබ මේ කතාව ලියපං. අන්තිමට මතක් කරපන් ඒ වගේ අම්මලා තව ඕනේ තරම් හැම ගමකම ඉන්න වග. අවුරුද්දට දවසක් වත් ඒ අම්මලා ගේ දුක සැප බලන්න රනවිරුවෙක්ගේ ගෙදරට යන්න කියපන් . වෙන වෙන මගුල් සංවිධානය කරන අතරේ ගම් වල ඉන්න සමිති සමාගම් වලට පුලුවන්නම් හමුදාවට කොල්ලොන්ව පුජා කරපු අම්මා කෙනෙක් .තාත්තා කෙනෙක් හම්බෙන්න ගිහින් එයාලා තනිවෙලා නැ , එයාලා වෙනුවෙන් රටක් ඉන්නවා කියලා විතරක් මතක් කරන්න කියලා කියපන් මචන් ..

අපි හිතන්නේ මේ කතාවේ ආයේ අපිට ලියන්න දෙයක් ඉතුරු වෙලා නැ . පොඩ්ඩක් පපුවට තතටු කරලා බලන්න . හිතන්න අපි අපේ යුතුකම් කලාද?

ඔත්තුකරුවා වෙබ් අඩවිය වෙනුවෙන් රවිශාන් රදලියගොඩ

(උපුටා ගැනීම් සිදුකරනේන්ම් කතෘ අයිතිය සුරකින්න )

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.