කොටුව ස්ටේෂන් එකේ හිටියා කියලා පොලිසියෙන් රු 20,000 ක් ගන්න හදලා

රු. 10,000/} ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීයේ චෝදනාව මත පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් පිරිසක් විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් කොටුව දුම්රිය ස්ථානයේ රැදී සිටියදී නීතිවිරෝධී කටයුත්තකට පැමිණි අයෙක් වශයෙන් චෝදනා කර නීති මගින් කටයුතු නොකිරීමට රු. 20000/} ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව, එය රු. 10000/} ක් දක්වා අඩුකර එය ලබා දෙන තෙක් එම පුද්ගලයාගේ ජංගම දුරකථනය හා ජාතික හැදුනුම්පත අදාළ පොලිස් කොස්තාපල්වරයා සිය භාරයට ගෙන තිඛෙනවා.

ඉන් පසුව එම පුද්ගලයා සැකකාර පොලිස් කොස්තාපල්වරයාට මුදල් ලබා දීමේදී කොටුව දුමිරිය ස්ථානය ඉදිරිපිටදී අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙන අතර ඉදිරි විමර්ශන වලින් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.