ෆේක් එකවුන්ට් සෙල්ලම් බෑ – දේශපාලන පේජ් අයිතිකාරයෝ නම්ගම් එළිකළ යුතුයි

ලොව විශාලතම සමාජජාලා වෙබ් අඩවිය වන ෆෙස්බුක් වෙබ් අඩවිය වෙනස්කම් රැසකට භාජනය කරන බව ෆෙස්බුක් ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් සකර්බර්ග් පවසනවා, ඒ ලොව පුරා විවිධ රටවල එලබීමට නියමිත මැතිවරණයන් ඉලක්ක කරමින්.

පසුගිය ඇමෙරිකානු එක්සත් ජනපද මැතිවරණයට මෙන්ම , විවිධ රටවල පැවති මැතිවරණ සදහා ෆෙස්බුක් වෙබ් අඩවියෙන් අයථා බලපෑම් සිදුවූ බවට එල්ල වූ චෝදනා මෙම වෙනස්කම් සිදු කිරීමට හේතුවයි.

මේ පිළිබදව අදහස් දක්වන මාර්ක් සකර්බර්ග් පවසා තිබුනේ ෆෙස්බුක් වෙබ් අඩවියේ විශාල පිටු (facebook page ) හිමිකරුවන්ට සහ ඇඩ්මින්වරුන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමට ඉදිරියේදි සිදුවන බවයි. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාල ෆෙස්බුක් පිටු සදහාද ඉදිරියේදි එම පිවුවල ඇඩ්මින්වරුන්ට සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සිදු වේවි. එසේ නොකරන ෆෙස්බුක් පිටු වලට පුවත් පළ කිරීමට නොහැකි වන සේ ෆෙස්බුක් වෙබ් අඩවිය යාවත්කාලීන වීමට නියමිතයි.

තවද ෆෙස්බුක් වෙබ් අඩවියේ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන්ටද සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සිදුවන බව මාර්ක් සකර්බර්ග් පවසනවා. මේ අනුව ව්‍යාජ ගිණුම් ඔස්සේ ෆෙස්බුක් වෙබ් අඩවියේ දේශපාලන කටයුතු වල නිරත වීමටද ඉදිරියේදි අවහිරතා පැනවෙනු ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *