මුස්ලිම් අන්තාවාදය දැකලම නැති බෞද්ධයාගේ ඇද හොයන යුරෝපය

බටහිර ඛෙංගාල ප්‍රාන්තයේ හින්දු, මුස්‌ලිම් ගැටුමක්‌ පසුගියදා වාර්තා විය. කල්කටාවෙන් නිකුත් වන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන්නේ මේ ගැටුම් නිසා පුද්ගලයන් තිදෙනෙක්‌ මියගොස්‌ තවත් බොහෝ පිරිසක්‌ තුවාල ලබා ඇති බවයි. රාමා දෙවිඳුගේ උපත සමරමින් භාරතීය ජනතා පක්‌ෂය මෙන්ම ඛෙංගාල ප්‍රාන්තයේ බලය හිමි ත්‍රිනමුල් කොංග්‍රසය වෙන වෙනම පෙළපාලි පැවැත්වීමත් සමඟ මේ ගැටුම ආගමික ගැටුමක්‌ බවට පත්ව තිබේ. මේ ගැටුම් ආරම්භ වූයේ පසුගිය ඉරිදාය. එය සඳුදා දිනයේ හින්දු, මුස්‌ලිම් ගැටුමක්‌ බවට පෙරළිනි. ඛෙංගාල ප්‍රාන්තයේ උසස්‌ පොලිස්‌ නිලධාරියකු වන අනුඡ් ශර්මා පවසන්නේ මේ ගැටුම් සම්බන්ධව පුද්ගලයන් සියයක්‌ පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉන්දියාවේ නිරන්තරව හින්දු – මුස්‌ලිම් ගැටුම් වාර්තා වේ.

එහෙත් ජාත්‍යන්තර සංවිධාන මේ ගැන නම් විශේෂ අවධානයක්‌ යොමු කරන බවක්‌ නොපෙනේ. එහෙත් පසුගියදා නුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම් ගැන නම් වහා නිවේදන නිකුත් කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා නොපැකිලි විය. යුරෝපා තානාපතිවරු මල්වතු හා අස්‌ගිරි නාහිමිවරුන් හමු වී බෞද්ධ ප්‍රචණ්‌ඩතාව ගැන විමසූහ. එහෙත් දිල්ලියේ සිටින යුරෝපා තානාපතිවරු ඛෙංගාලයේ සිදුවන ගැටුම් ගැන ඉන්දීය ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කරන්නේද? නැත. එහෙත් දිගන, තෙල්දෙණිය, අකුරණ සිද්ධීන් දැක යුරෝපා සංගමය කලබල වීම අහම්බයක්‌ද? නැති නම් ලංකාව කොටු කිරීමේ උත්සාහයක්‌ද? ඇත්තෙන්ම 2014 දී භාරතීය ජනතා පක්‌ෂ ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව එරට මුස්‌ලිම්වරුන්ට එල්ලවන ප්‍රහාර උග්‍ර වී ඇත. කිසිදු මුස්‌ලිම් රාජ්‍යයක්‌ හෝ බටහිර මානව හිමිකම් සංවිධානයක්‌ මේ ගැන විමසන්නේ නැත. භාරතීය ජනතා පක්‌ෂ ආධාරකරුවන් විසින් පිහිටුවාගෙන ඇති නව ආරක්‌ෂක බළකා හරහා දුසිම් ගණනක්‌ මුස්‌ලිම්වරු පහරදී මරා දමා ඇත. මෙලෙස ඝාතනය වූ බහුතරය මස්‌ වෙළෙ¹මට හෝ සම්බන්ධ වූවන් නොවේ. සැකය මත පහරදී ඝාතනය කර ඇත. එනිසාම සවුත් චයිනා මෝර්නින් පෝස්‌ට්‌ පුවත්පත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව මුස්‌ලිම් ප්‍රජාවට ඛෙහෙවින් අනාරක්‌ෂිත වී ඇති බවයි. එහෙත් ශ්‍රී ලංකාවේදී කිසිම මුස්‌ලිම් ජාතිකයකු පහරදී ඝාතනය කර ඇත්ද? කිසිසේත්ම නැත. හරක්‌ හොරකමේ ගොස්‌ අසු වූ මුස්‌ලිම් ජාතිකයන් පවා අල්ලා පොලිසියට භාරදීම හැර අන් කිසිවක්‌ සිදුව නොමැත. නමුත් හින්දු ප්‍රචණ්‌ඩතාව ගැන කතා නොකරන මාධ්‍ය බෞද්ධ ප්‍රචණ්‌ඩතාව ගැන කරුණු දක්‌වති. බෞද්ධයන් අතර ප්‍රබලව පැතිර යන අවිශ්වාසය තමන්ගේ බෞද්ධ සංස්‌කෘතිය විනාශ වී යැමේ තර්ජනයක්‌ මතුව ඇතැයි යන හැඟීම ගැන අවධානය යොමු නොකරති. මෙය කනගාටුවට කරුණකි.

ඉකුත් 27 වැනිදා පස්‌වරුවේ යුරෝපා සංගමයේ තානාපතිවරයා සමඟ ස්‌විට්‌සර්ලන්ත හා රුමේනියානු තානාපතිවරයා එක්‌ව මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු හමු වූයේ බෞද්ධ ප්‍රචණ්‌ඩත්වය පිළිබඳ ප්‍රශ්න කිරීමට ය. මේ තානාපතිවරුන්ට ලංකාව පුරා පැතිරෙන වහාබ්වාදය ගැන ප්‍රශ්නයක්‌ නැත. මුස්‌ලිම් ව්‍යාප්තිය ගැන ද කිසිදු අවබෝධයක්‌ හෝ නැත. එහෙත් ඔවුන් මවාගෙන සිටින යක්‌ෂයා බෞද්ධ අන්තවාදය පමණකි. බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට පැමිණි මේ තානාපතිවරුන්ට මල්වතු හා අස්‌ගිරි මහනාහිමිවරු නිසි පිළිතුරු ලබාදී තිබේ. දිගන, තෙල්දෙණිය සිදුවීම කිසිම විටක ජාතිවාදී අරගලයක්‌ නොවන බවත් මෙරට ආගමික ගැටුමක්‌ නැති බවත් මල්වතු – අස්‌ගිරි උභය මහා විහාරයීය නාහිමිවරු සුදු තානාපති නිලධාරීන්ට මනාව පැහැදිලි කර ඇත. අස්‌ගිරි නාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ පීඩාවට පත් වූ මුස්‌ලිම් ජාතිකයන්ට ආරක්‌ෂාව සලසා රැකවරණ ලබාදී ඇත්තේ බෞද්ධ විහාරස්‌ථාන මතින් බවයි. යුරෝපා සංගමයේ තානාපතිවරු මේවා ගැන නම් නොදන්නවා විය හැකිය. ඔවුන් විශ්වාස කරන්නේ භික්‌ෂු සංස්‌ථාවම මුස්‌ලිම් විරෝධයෙන් පෙළෙන බවද? බටහිර මාධ්‍ය මෙන්ම බටහිර තානාපතිවරු ද මෙරට බෞද්ධයන් ගැන සාවද්‍ය මත ප්‍රචාරණය කරන බව නම් සහතිකය.

එදා සිය ගණනින් බෞද්ධයන් කොටි සංවිධානය අතින් සමූල ඝාතනය වෙද්දී යුරෝපා සංගමයේ තානාපතිවරු නිහඬව බලා සිටියහ. දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල වෙද්දී හෝ මේ පිරිස ඒ විනාශය ගැන දැක ගැනීමට මහනුවර පැමිණියේද? අපට නම් කිසිම මතකයක්‌ නැත. එහෙත් දිගනින් – අකුරණින් ඇසෙන පුවත් නිසා මොවුන් කලබලයට පත්ව තිබේ. විශේෂයෙන් මෙරට ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත්වලින් ද බෞද්ධයන්ට ප්‍රහාර එල්ල විය. ඒ මාධ්‍යවල සිටින බෞද්ධ විරෝධියෝ දිගන උපයෝගි කරගෙන බෞද්ධයන්ට මඩ ප්‍රහාර එල්ල කළහ. මෙරට තානාපතිවරු ද දිනපතා පෙරළා බලන්නේ ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා පමණි. එහි සැබෑව පළ වී තිබිණිද? වියොන් පුවත් සේවයට ඉන්දීය මාධ්‍යවේදිනී පද්මා සුන්දරී රාඩ්ජී ලබාදුන් වාර්තාව ගැන මොවුන් දැනුවත්ද? බටහිර මාධ්‍ය බෞද්ධයන්ට නිග්‍රහ කළත් ඇය මේ ප්‍රශ්නය වඩා වෙනස්‌ බව සැකවින් හෙළි කළාය. ඇය ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? මෙරට පල්ලිවලින් 90% ක්‌ ම වහාබ්වාදයට නතු වී ඇති බව නොවේද? මේවා ගැන බෞද්ධයන්ට නිග්‍රහ කරන ඉංග්‍රීසි මාධ්‍ය කතාකරන්නේ නැත.

මෙරට බටහිර තානාපති අංශ සැම විටම ක්‍රියාකරන්නේ සිංහල බෞද්ධ මතයට එරෙහිවය. කොටි ත්‍රස්‌තවාදය පැවති කාලයේදී මෙන්ම වර්තමාන ක්‍රියාකාරකම් අනුව ද එය පැහැදිලි වේ. කවරක්‌ නමුත් මේ යුරෝපා රාජතාන්ත්‍රිකයන්ට අපේ මහනාහිමිවරු නිසි පිළිතුරු දී ඇත. ඒ ගැන නම් සතුටුය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *