ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා වාර්තා තැබූ අපූරු තරුණයා ගිනස් වාර්තාවක්

ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ දනුෂ්කෝඩි දක්වා මුහුද තරණය කරමින් ඉන්දියානු සිසුවෙකු වාර්තා පොතට එක්වීමට සමත්ව තිඛෙනවා.ඔහුට තලෙයි මන්නාරමේ සිට දනුෂ්කෝඩි දක්වා වූ මුහුද තරණය කිරිම සඳහා පැය 11යි විනාඩි 55ක කාලයක් ගතව වුණා.පෙරේදා (23) බෝට්ටුවක් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමට පැමිණි මෙම තරුණයා ඊයේ (24) නැවත ඉන්දියාව බලා ගියේ මුහුදේ පිහිනමින් බවයි වාර්තා වුණේ.කෙසේ වෙතත් මේ සඳහා ඔහු ශ්‍රී ලංකා රජයෙන් මෙන්ම ඉන්දිය රජයෙන් ද අවසර ලබාගෙන තිබුණා.චෙන්නාහි පදිංචි 20 හැවිරිදි රාජේෂ්වර් ප්‍රභු නම් මෙම තරුණයා ඉංජිනේරු සිසුවෙකු ද වනවා. කුඩා කළ සිට ඔහුගේ විනෝදංශය වුණේ පිහිනීමයි.ඔහු ශ්‍රී ලංකාවට වැඩි ඇල්මක් දක්වන බවද සඳහන්. එම නිසා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට මුහුදේ පිහිනා ගොස් වාර්තාවක් තැබීම ඔහුගේ සිහිනය වුණා. මොහු සමග 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බෝට්ටු 2ක් මගින් ආරක්ෂාව සඳහා ගොස් ඇති බව සඳහන්.ඊයේ අලුයම 3 තලෙයි මන්නාරම මුහුදට බැස් ඉන්දියානු තරුණයා පස්වරු 2.55ට සිය ගමන අවසන් කළේ ඉන්දිය දනුෂ්කෝඩි පිහිටි අරිච්චාල් නම් වෙරළ තීරයෙන්.මෙහිදී ශ්‍රී ලංකාව නාවික හමුදාව ද එම ඉන්දිය තරුණයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ලැබුවා.ඒ අනුව තලෙයි මන්නාරමේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ බෝට්ටු මගින් ගොස් එම තරුණයාට ආරක්ෂාව ලබාදී ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *