වට්ස්සප් “සිංහලේ අපි” ගෘප් එකේ පාසල් සිසුන් ආයෙත් රිමාන්ඩ් – ඇප දෙන්න බැ

වට්‌ස්‌ ඇප් තාක්‌ෂණය ඔස්‌සේ වෛරී ප්‍රකාශන හා ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත්කොට තිබූ 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනකු ලබන 5 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකොට ඔවුන් මාකොළ ළමා රැඳවියන් රඳවා තබන නිවාසය භාරයට යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන සැකකාර සිසුන් සිංහලේ අපි යන නමින් වට්‌ස්‌ ඇප් සමාජයක්‌ ආරම්භ කොට එලෙස ජාතීන් හා ආගම් අතර පවතින සහජීවනය බිඳීයන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාරය කර ඇති බවත් එම සමාජයේ සෙසු සාමාජිකයන් සම්බන්ධයෙන් ද පරීක්‍ෂණ සිදුකරන බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඔවුන් අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින වයසේ පසුවන බාල වයස්‌කරුවන් බැවින් ඕනෑම කොන්දේසියක්‌ යටතේ ඇප මත මුදා හැරීමට නියෝගයක්‌ කරන ලෙස විත්තිය ඉල්ලීමක්‌ කළමුත් එල්ලවී ඇති චෝදනා අනුව ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *