සිංහල බල්ලෝ සිංහල මිනීමරුවෝ කියමින් දෙමල ඩයස්පෝරාව ඩෙගා නටයි

නීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොටි සංවිධානය විසින් සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක සභාපතිවරයෙකු වන පෝල් නියුමන් මහතාට නගන ලද ප්‍රශ්නයකට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පිළිතුරු දීමත් සමග මෙම තත්වය හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙහිදී කොටි ඩයස්‌පෝරාවේ කණ්‌ඩායමක්‌ කෝපයට පත්වී සිංහල බල්ලන් සහ සිංහල මිනී මරුවන්ල යෑයි කෑ ගසමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ පිරිසකට පහරදීමට තැත්කර ඇති බවද වාර්තාවෙයි.කොටි සංවිධානය කාන්තන්කුඩි ප්‍රදේශයේදී මුස්‌ලිම්වරුන් සිය ගණනක්‌ ඝාතනය කළ බවට ගෝලීය ශ්‍රී ලංකා සංසදය මානව හිමිකම් සමුළුව හමුවේ කතා කිරීම එයට හේතුවී තිබේ.මෙහිදී තවත් ඊළාම්වාදී කණ්‌ඩායමක්‌ විසින් පහරදීමට පැමිණි පිරිස ඉතා අමාරුවෙන් වළක්‌වා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුනිසිලයේදී පැවති මෙම උප කමිටු රැස්වීම සදහා ජාත්‍යන්තර සහ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන මෙන්ම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්,දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් ද සභාගී වී සිටිති.මෙම රැස්වීමේදී දෙමළ නියෝජිතයින් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පිහිටුවා ඇති අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් කරන විමර්ශනයකින් අතුරුදහන් වූවන්ගේ ගැටලුවට ස්ථීර විසඳුමක් නොලැඛෙන බවයි. එමෙන්ම හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් මෙතෙක් නිදහස් කර නොමැති බවත් දේශපාලන විසදුමක් ගෙන ඒමේ වැඩපිළිවෙලද අඩාල වී ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද මෙතෙක් අහෝසි කර නැති බවත් ඩයස්පෝරා දෙමළ සන්ධාන පෙන්වා දී තිබේ.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *