සමලිංගිකත්වය හොඳයි කියලා මොන්ටිසෝරි ඉඳන් 7 වසරට උගන්වන්න සුදානමක්

මෙරට පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමලිංගික ජීවිතය පිළිබඳව කියා දෙන වැඩසටහන් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේවන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.ඔහු මෙසේ කියා සිටියේ ‘පැරදුණු ආණ්ඩුව.. තෙල්දෙණියේ ගින්න.. මෙතැනින් කොතැනට ද’ දේශන මාලාවේ පළමුවැන්න කොළඹදී සිදු කරමිනි.

ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.

‘රටට අහිතකර සියල්ල සහිත න්‍යාය පත්‍රයක් අතේ තියා ගෙනයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි මාස කිහිපය ගෙවන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයා ශ්‍රී ලංකාව සදාචාරමය වශයෙනුත් ඉවරෙටම ඉවර කරන්න කටයුතු කරනවා.

මගේ අතේ තිඛෙන්නේDaily Mirror පුවත්පතේ පළ වූ පුවත්පත් වාර්තාවක්. එමගින් කියැවෙන්නේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවේ පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමරිසි ජීවිතය පිළිබඳව කියා දෙන බවයි. මෙමගින් පෙර පාසල් දරුවාගේ සිට 07 ශ්‍රේණියේ දරුවා දක්වා කියා දෙන්නට යන්නේ ‘සමලිංගික සබඳතාව යනු ස්වාභාවික දෙයක්’ කියලයි. ඒ මතය අපේ දරු පරපුරේ මනස තුළ හදන්නයි මේ සූදානම් වෙන්නේ.

වැදගත්ම දේ තමයි මේ ව්‍යාපෘතිය මෙහෙයවන්නේ, ඊට මුදල් යොදවන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය වීම. මේ පුවත්පත් වාර්තාවම පෙන්වා දෙනවා ‘මෙවැනි ව්‍යාපෘතියක් ලොව කිසිදු රටක ක්‍රියාත්මක කර නැහැ.. මෙය නියමු ව්‍යාපෘතියක්’ කියා.

මෙමගින් කියැවෙන්නේ මේ රට තුළ ලිංගිකත්වය අතිනුත් විකෘති සහ ඛෙදුණු සමාජයක් හදන්න අගමැතිවරයා කටයුතු කරන බවයි’

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.