ෆේස්බුක් එකේ ලෝකේ කොහෙවත් නැති නීති ලංකාවට – නිදහස කපෝතියි

මෙරට මාධ්‍ය නිදහස, මිනිසුන්ගේ භාෂණයේ නිදහස වැනි මාතෘකා ගැන කතා කරමින්, එවකට පවතී රජයට එකී කාරනා ගැන ප්‍රබල චෝදනා එල්ල කරමින්, සමාජ මාධ්‍ය තුලින් ප්‍රබල මතයක් සමාජ ගත කරමින්, රජය පන්නා දමා යහපාලන කණ්ඩායම් මෙරට බලය ලබා ගත බව කවුරුත් දන්නා සත්‍යකි. නමුත් කොතරම් චෝදනා එල්ල කරත් එම කාල වකවානුව තුල සමාජ මාධ්‍ය , එනම් මිනිසකුගේ සම්පුර්ණ පුද්ගලිකත්වය රැඳෙන තැනක වූ සමාජ මාධ්‍ය හි රහසය භාවය පවත්වා ගැනීමේ අයිතියට එම රජය , එනම් සිරිසේන ලා උඩ පනිමින් කැ ගැසූ මරා ගේ ඒකාධිපති ආණ්ඩුව කිසිම විටක භාධාවක් එල්ල නොවූ බව අපි සාක්ෂි කරුවෝ වෙමු. එහෙත් අද තත්වය කුමක්ද?

පසුගියදා රටේ ඇතිවූ ඉතාමත් අවාසනාවන්ත තත්වය හමුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීම එම අවස්ථාවේ ගන්නා ලද නුවණැති තීරණයක් බව සැබෑය . එහෙත් එම අවස්ථාවේදී පවා පැවසුවේ එය දින තුනකට පමණක් සිමා වන බවයි. නමුත් අද වන විටත් එකී අවහිරතාවය තවමත් ඉවත් කර නොමැති නිසා පැහැදිලිවන්නේ එකී අවහිරතාවය එම මහනුවර සිද්දිය ඉලක්ක ගත කරමින් නොව, ආණ්ඩු විරෝධී සමාජ මාධ්‍ය ක්‍රියාධරයන් මර්ධනය කිරීමේ ප්‍රජාත්රන්තික විරෝධී ක්‍රියාවලියක යම් පියවරක් බවයි . බොහෝ විට මෙම සතිය ඇතුලත ෆේස්බුක් සමාගමේ නිලධාරින් රජයේ නියෝජිතයන් හමු වීමට මෙරටට පැමිණෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර අතර නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය මෙරට භාවිතය සඳහා නැවත ලබා දීමටනම් ආණ්ඩුව විසින් ඉතාමත් භායනක හා සම්පුර්ණ මානව අයිතිවාසිකම් කඩවන ඉල්ලීම් ෆේස්බුක් ආයතනයෙන් ඉලාඅ අති බවයි. එකී ඉල්ලීම් සපුරනු ලැබුවහොත් ශ්‍රී ලංකාව උතුරු කොරියාව වැනි කිසිදු භාසහනයේ නිදහසක් නොමැති සම්පුර්ණ රජය විසින් අපගේ සියල්ල නිරීක්ෂණය කරන ඒකාධිපති රටක තත්වයට වැටෙනු අත. මේ එකී ඉල්ලීම් කිහිපයක්

කිසිම විටක ඔබ ෆේස්බුක් ගිණුම නිර්මාණය කරන දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනයන් වෙනත් අයකු වෙත බැලිය නොහැකි ලෙස සකසා තිබුනද ෆේස්බුක් ආයතනය වෙතින් එකී තොරතුරු ශ්‍රී ලංකා රාජ්‍ය වෙත ලබා දෙනු ඇත .

ෆේස්බුක් පිටු (facbook Page) පවත්වාගෙන යනු ලබන සියලු දෙනාගේ පුද්ගලික ගිණුම් වල තොරතුරු සියල්ල ඕනෑම මොහොතක රජය වෙත ලබා දෙනු අත .

ඕනෑම ෆේස්බුක් පිටුවක්, ගෘප් එකක් හෝ ගිණුමක් සමානය රිපෝර්ට් කිරීමකින් තොරව රජය විසින් කරනු ලබන ඉතා සරල ඉල්ලීමකින් පවා ඒ මොහොතේම අක්‍රිය කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කරනු අත.

ෆේස්බුක් ඉනසන්ට් ආර්ටිකල් හරහා යම් සැලකිය යතු මුදල් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගත් අතර මින් ඉදිරියට එම මුදල් ප්‍රමාණයන් කලාපයේ වෙනත් රටවලට සාපේක්ෂව ඉතා ප්‍රබල ලෙස පහල යවනු ඇත .

මුදල් ගෙවා ප්‍රමෝට් කරන පොස්ට් ෆේජ් වල ප්‍රමෝට් කිරීමට කලාපයේ වෙනත් රටවලට වඩා වැඩි මුදලක් ලබා දීමට සිදුවනු අත.

ෆේස්බුක් පිටු වල පලකරන පොස්ට් පරිශිලිකයනට දර්ශනය කරන පරමානය දැනටත් ඉතා අඩු මට්ටමක පවතින අතර , එම පරමානය තවත් ප්‍රබල ලෙස පහල දමනු ඇත .

සියලුම ශ්‍රී ලාංකීය ගිණුම් ෆේජ්. ගෘප් අනිවාර්යෙන්ම දින තුනකට වරක් ෆේස්බුක් ආයතනයෙන් නිරීක්ෂණය කරනු අති අතර, එකී තොරතුරු මුලික පුද්ගලිකත්වයේ අයිතිය පවා නොතකමින් ශ්‍රී ලංකා රජයට ලබා දෙනු අත.

මෙම තත්වය මෑත උතුරු කොරියාව හෝ වෙනත් හමුදා පාලන කාලයකටත් වඩා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ භාෂණයේ නිදහස දැඩි ලෙස සිමා වනු ඇත .

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.