අමිත් වීරසිංහ අත්අඩංගුවට – සමාජමාධ්‍ය හරහා ජනතාව කුපිත කලයි චෝදනා

අද පස්වරු 06.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වූ කාලය තුල මහනුවර දිස්ත‍්‍රික්කය තුල පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.ඊයේ රාත‍්‍රිය පුරාද පනවන ලද ඇදිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කරන ලදී.

මේ අතර මහනුවර ආශ‍්‍රිත සිදුවන කලහාකාරී සිදුවීම්වල ප‍්‍රධාන සැකකරු අමිත් වීරසිංහ නමත්තා  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහුත් සමගම තවත් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අමිත් වීරසිංහ මහසොහොන් බලකාය නමින් වූ සංවිධානයේ නිර්මාණකරු වේ .

කෙසේ වෙතත් මෙලෙස ගැටුම් ඇතිකර ගැනීම හරහා පවතින ගැටළු වලට කිසිම පිලියමක් නොලැබෙනවා පමණක් නොව ගැටළු ඉතා ප්‍රබල  ගැටළු බවට පරිවර්තනය විය හැකි බව බුද්ධිමත් සියලු දෙනා පැහැදිලි කරගත් යුතුබවත්, විශේෂයෙන්ම මෙවන් සිදුවීම් හරහා සිංහල ජනතාවට ම ඉතා අවාසිසහගත ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය, හා ජාත්‍යන්තර සංවිධාන පවා ක්‍රියාත්මක විය හැකි බැවින් , මේ අවාසනාවන්ත තත්වය තවත් පැතිරීමට ඉඩක් නොතබමින් ජනතාව බුද්ධිමත් හා සාමකාමී  ලෙස හැසිරිය යුතුබව විද්වතුන් පවසයි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.