දියතලාවේ ඇත්ත කතාව – මාධ්‍යෙන් හෙළි නොකරන සත්‍ය මෙන්න

ඊයේ දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුල බෝම්බයක් හෝ වෙනත් යමක් පුපුරා යාම මුළු රටම යම් කිසි භිතියකට පත් කෙරුණු සිදුවීමක් උනා. මේ පිළිබඳව රජයේ පැත්තෙන් යම් ප්‍රකාශයක් නිකුත් කිරීමට පසුබට වෙද්දී සමාජ මාධ්‍ය තුල මහා භිෂණයක් පැතිරීමට වැඩි වෙලාවක් ගත වුනේ නැහැ. අනෙක් අතර පැත්ත ගියත් ඇත්ත කියන බොහෝ මාධ්‍ය මේ සිදුවීම බස් රථයක් තුල බෝම්බයක් පුපුරා යාමක් ලෙස පමණක්ම හුවා දක්වන අයුරු දක්නට ලැබුනා. ඒ වගේම කල දුටු කල වල ඉහගන්න්ට මාන බලන අමන දේශපාලන රල වගේම් උන්ගේ බත් බලයන් ඩ නැවත ත්‍රස්ත්‍රවාදී ක්‍රියා වක් පටන් ගත බව ස්ථිර කරමින් ආණ්ඩු ගෙදර යවා යුද්ධය නිමා කල මහින්ද මහතා ජනපති කල යුතු බවට පවා සමාජ මාධ්‍ය තුල පළකරමින් මහා ජුගුස්පාජනක ලෙස හැසිරීම අපිට දැක ගන්නට හැකියාව ලැබුනා . ඇත්තටම නැවත ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් විය හැකිද? මේ රටේ ජාතියට වග කියන වගකීමක් අති මාධ්‍ය හැසිරිය යුතුව තිබු ලෙස නොව , රට ගිනි තියමින් හෝ තමන්ගේ නිව්ස් වැඩි කරගන්නට තනන අවලන් මාධ්‍ය සම්ප්‍රධාය ඊයේ පැහැදිලිව දක්නට ලැබුණු බව හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන අසන ලද ගැටළු පරික්ස කිරීමේදී පැහැදිලි වෙනවා . එක මාධ්‍යවේදියකු දිගින් දිගටම හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයාගෙන් මෙය ත්‍රස්ත්‍රවාදී ගැටලුවක් විය හැකිද යන්න විමසු අතර එය එසේ විය නොහැකි බව එතුමා පවසද්දී ඇයි නිතරම මෙය ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බව ඔබ තුමා පවසන්නේ යයි කියමින් මහා වල්බුරු ගැටළු ඉදිරිපත් කර ආකාරය පැත්ත ගියත් ඇත්ත නිව්ස් වලින් ඊයේ රටම දැක ගත්තා මතක අති . හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා මේ සිදුවීම හරහා මහජනතාව කලබල නොවිය යුතු බව පුන පුනා පවසද්දී මෙරට මාධ්‍ය රට ගිනිතියමින් උන්ගේ රේටින් වැඩි කරගන්නට හදන හැටි ඊයේ දවස පුරා දැකගත් හැකි වූ අතර සමාජ මාධ්‍ය ජාලා අදටත් මෙය ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් බව නැවත නැවත ප්‍රකාශ කරන්නේ මේ හරහා හෝ තමන්ගේ දේශපාලන අරමුණු හා තමන් ඉදුල් බත් ලොවන වලව් හාමුලාගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමටයි. මෙය ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවක් නොවන්නේ ඇයි? එසේනම් මෙම සිදුවීම කුමක් විය හැකිද? මේ ඔත්තුකරුවා අපේ අදහස් පහලින්

 

දැනට යුද්ධය හමාර කර අවසන් වන අතර නැවත ත්‍රස්ත්‍රවාදී කිසිදු ක්‍රියාවක් මෑතක වාර්තා නොවන අතරම කිසිදු සංවිධාන ගත වීමක් (මෙරට ) පිලිබඳ සැක කල හැකි අවස්ථාවකවත් මෑතක සිදු වී නොමැත. දෙමල ඩයස්පෝරාව විසින් රටින් එපිට සිහින රාජ්‍ය මවුවද මෙරට තුල ත්‍රස්ත්‍රවාදී ක්‍රියා පිලිබඳ කිසිදු අනියත බියක් සත්‍ය වශයෙන්ම ඇතිකර ගත යුතු නොවේ.

ත්‍රස්තවාදී ක්‍රියාවක් හරහා යම් හානියක් කිරීමට යම් අයකුට උවමනාව තිබුනේනම් මෙලෙස කුඩා බෝම්බයක් බස් රථයක් තුල ඇටවීම සිදු නොකරනු අත.

නිවාඩු යන හමුදා සෙබළුන් ඉලක්ක කර යම් හානියක් සිදු කල යුතුව තිබුනේනේන්ම් මිට වඩා වැඩි හානියක් උතුරේදීම පහසුවෙන් කල හැකිව තිබු බව ඕනෑම අයකුට පැහැදිලිවන කාරණයකි.

මිට පෙරද හමුදා සාමාජිකයන් හා වෙනත් පුද්ගලයන් අත ජිව අත්බෝම්බ වැනි දේවල් හසුවී අති අතර මෙය ඉතා සමනය සිදුවීමක් පමණි.නමුත්  අව්ස්සනාවට මෙය පුපුරා ගියේ බස් රථයක වීම පමණකි එහි විශේෂත්වය.

පුද්ගල වශයෙන් පවා සැලකීමේදී අපිට යම් සමාජමය වගකීමක් ඇත . එබැවින් මෙවන් සුළු සිදුවීම් හරහා රට ගිනි තැබීමට උත්සහ නොකිරීම අප සැමගේ යුතුකමයි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.