කඩුව ගත්ත ජනපති බදුර්දීන් ළඟ දෙකට නැමෙන හැටි – විල්පත්තුව දැකලම නැ

2012 වර්ෂයේ සිට විල්පත්තු වන උයනට යාබද විලත්තිකුලම් රක්‌ෂිත වනාන්තරය කල්ලාරු වනාන්තරය යන තැන් වල කරන විනාශය නිරීක්‌ෂණය කොට වර්තමාන විගණකාධිපති ගාමි” විඡේසිංහ මහතා විසින් වාර්තාවක්‌ නිකුත්කර තිබේ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 156(4) වගන්තිය ප්‍රකාරව ඔහුට තිඛෙන බලතල අනුව මෙම විගණනය කර ඇත. 2015 නව යහපාලන රජය පත් කිරීමෙන් පසු නිකුත් වූ ඉතා වැදගත් වාර්තාවක්‌ ලෙසට මෙය හඳුනාගැනීමට හැකිය. එයට හේතුව නීතියට පිටිපා අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් විසින් එම වනාන්තර හෙළි පෙහෙළි කොට ජනාවාස සැලසුම් කිරීම මගින් දේශපාලන පාරිසරික අවභාවිතයක්‌ සිදුව ඇති ආකාරය ඔප්පු වී ඇති හෙයිනි.


විල්පත්තු ජාතික වන උයන ප්‍රකාශයට පත් කරන ලද්දේ 1938 වසරේදීය. එයට පෙර 1905 දී පමණ සිට එම කලාපය වනජීවී රක්‌ෂිත කලාපයක්‌ ලෙසට බ්‍රිතාන්‍යයන් හඳුන්වා දී තිබුණි. මේ ගැටලුව නිරීක්‌ෂණය කිරීමේදී එම කලාපයේ ඓතිහාසික පසුබිමද වැදගත් වෙයි. 1833 දී කෝල්බෘක්‌ කැමරන් ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීමෙන් පසු ලංකාව පළාත් පහකට ඛෙදා වෙන් කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් විධි විධාන යෙදූහ. මෙම පළාත් පහ අනුව වයඹ දිසාවේ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයත් කල්පිටිය දිස්‌ත්‍රික්‌කයත් සීමාවේ මෙම විල්පත්තුව පිහිටා තිබූ බව සිතියම් පරීක්‌ෂා කිරීමෙන් පෙනී යයි. බ්‍රිතාන්‍යයන් කල්පිටිය මන්නාරම හරහා යාපනය දක්‌වා හමුදාව ට ගමන් කිරීමට පහසු වන පරිදි මහාමාර්ගයක්‌ තැනූහ. මෙය ගමන් කරන්නේ විල්පත්තුව දෙබෑ කරමිනි. විල්පත්තුව යනු පැරණි උරුවේලාවයි.




පැරණි යක්‌ෂ ගෝත්‍රික ජනප්‍රවාද අනුව බුදුන් වහන්සේ ගේ පාදස්‌පර්ශය දැක්‌වූ ස්‌ථානයක්‌ ලෙසට මෙම පෙදෙසේ ඇත්තල මක්‌කම නම් වෙරළ බඩ තීරය පූජනීයත්වයට පත්ව තිබුණි. පැරණි මාගම් වරාය සහ වෙළෙඳුන් ගැවසුණු ස්‌ථාන ආදී තැන් නිසා විශාල ජනගහනයක්‌ පවතින්ට ඇති බවට නිශ්චිත කළ හැකිය. අතීතයේදී කැලෑ රක්‌ෂිත පිහිටා තිබුණේ මලය කඳුකරය ආශ්‍රිතවයි. ඉංග්‍රීසීන් විසින් උඩරට ජය ගැනීමෙන් පසු වනාන්තර හෙළි පෙහෙළි කර කෝපි තේ වැවූහ. ඉන්පසු සිංහලයන් ගේ සශ්‍රීක ජය භූමි වන යාල හා විල්පත්තුව රක්‌ෂිත කලාප බවට පත් විය. විල්පත්තුව ඇතුලේ පවතින විල්ලු හැටක්‌ සහ ලොකු කුඩා වැව් ද කුවේණි මාළිගය ඇතුළු පුරාවස්‌තුද නිරීක්‌ෂණය කරන කල්හි මේ සශ්‍රීක බව වටහා ගත හැකිය.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජයේ ප්‍රතිපත්තිය මත විල්පත්තුව ඇතුළු ලංකාවේ වනාන්තර කීපයක්‌ රක්‌ෂිත ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ. එයට අමතරව දිසාපතිවරුන් යටතේ පවතින සෙසු කැලෑ ගහනයන්ද ඇත.ඒවා යම් යම් සංවර්ධන කටයුතු වලදී ජනතාව වෙත නිදහස්‌ කරනු ලබයි. එහෙත් 2001 අගෝස්‌තු මස දී පළ කරන ලද අංක 5/2001 ගැසට්‌ පත්‍රය මගින් මෙම අවශේෂ කැලෑද කළමනාකරණය වන සංරක්‌ෂක ජනරාල් වෙත පවරා දී තිබේ. ඒ අනුව 1980 පාරිසරික පනත යටතේ මෙම ස්‌ථාන වලද ජනාවාස සැලසුම් කිරීමේදී පරිසර අගැයීම් වාර්තාවක්‌ මගින් කරුණු පැහැදිලි කර ගත යුතුය.

විගණකාධිපතිවරයා ගේ වාර්තාව අනුව කරුණු කීපයක්‌ අනාවරණය විය. එනම් විලත්තිකුලම් රක්‌ෂිතයෙන් අක්‌කර 650 ක්‌ සහ සෙසු කැලෑ අක්‌කර 1420 ද වන සංරක්‌ෂක විසින් නිදහස්‌ කර ඇත්තේ පවතින නීති රීති උල්ලංඝනය වන පරිද්දෙනි. අනෙක්‌ කාරණය නම් ඉඩම් කට්‌ටි 1053 ක නිවාස සැදීම පිණිස වන සංරක්‌ෂකට බලපෑම් කිරීම, නියෝග දීම ආදී කරුණු නිසා අමාත්‍යවරයා තම බලතල ඉක්‌මවා කටයුතු කර ඇති බව එම වාර්තාවේ සඳහන්ය එම කරුණු තහවුරු වන්නේ යුද්ධයේදී අවතැන් වූ පිරිස නොව පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ ජීවත්වූ මුස්‌ලිම් ජනතාවගේ දෙවන පරම්පරාවේ පිරිසකට ඉඩම් ලබා දීමට උත්සාහ කර ඇති ආකාරයෙනි. එසේම මෙම පදිංචි කිරීමේදී 1980 පාරිසරික පනතේ 23(ප) වගන්තිය ප්‍රකාරව කිසිම පාරිසරික අගැයීමක්‌ මෙහිදී සිදු කර නොමැති වීමද නිසා වන සංරක්‌ෂක ජනරාල් ඇතුළු නිලධාරීන් මන්නාරම් දිසාපතිවරයා සහ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මෙහිදී වැරදිකරුවන් බවට පත් වෙන බවද මෙම වාර්තාවේ දක්‌වා ඇත..


මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ ජීවත් වූ සිංහල ජනතාවද යුද්ධයේදී අවතැන් විය. එහි ගණන 8710 කි. එයින් අද නරිකාඩු ප්‍රදේශයේ කුඩා ඉඩමක අසරණව ඔවුන්ට නවාතැන් ගන්නට සිදුව ඇත. අවතැන් වූ වෙනත් කිසිවෙකුට මෙම දිස්‌ත්‍රික්‌කයෙන් ඉඩම් ලබා දී නොමැත. ඔවුහු අතීතයේදී මරිච්චකට්‌ටුව සිට සිලාවතුර ප්‍රදේශය දක්‌වා මුසලි පළාතේ ද දහසකට අධික සංඛ්‍යාවක්‌ ජීවත්ව සිට ඇත. එවිට ජනාධිපති කාර්ය සාධක බලකායත් මන්නාරම් දිසාපතිවරයාත් කිසිම ආකාරයකින් මෙම අවතැන් වූ පිරිසට සහන සලසා දී නොමැති බව හෙළි වෙයි. ඒ වෙනුවට පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ දෙවන පරම්පරාවේ මුස්‌ලිම් පවුල් පදිංචි කිරීම මෙහි අරමුණ වී ඇති බව හෙළි වෙයි. ඒ අනුව බලන කල්හි, රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා තම බල සීමාව ද ඉක්‌මවා යන පරිදි මුසුලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පදිංචි කිරීම කර තිඛෙන්නේ තම ජාතිවාදී අන්තවාදී අදහස්‌ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බව හෙළි වෙයි. වර්තමාන පළාත් පාලන සීමා නිර්ණ කටයුතුවලදී මෙම හෙළි පෙහෙළි කරන ලද වනය තුළ ඉදිකරන ලද ජනාවාසවලද මැතිවරණ කොට්‌ඨාස ලකුණු කිරීමෙන් එම පසුබිම වටහා ගත හැකිය. එහෙත් වත්මන් ජනාධිපතිවරයා රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව කිසිම ප්‍රකාශයක්‌ හෝ නොකරයි. තම දේශපාලන ඉදිරිගමනට මුස්‌ලිම් ඡන්ද අවශ්‍ය යයි ඔහු කල්පනා කරනවා ඇත. නමුත් අතීත අත්දැකීම් අනුව පෙනී යන්නේ සිංහල දේශපාලනඥයන් ගොනාට අන්දවා ගෙන රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා තනි ගමනක්‌ යන ආකාරයයි.

මේ තත්ත්වය මෙලෙස තිබියදී මත්වතුර සඳහා පැනවූ නීතියක්‌ ඉවත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියාකරන බව ප්‍රකාශ වී තිබේ. 1906 දී පනවන ලද සුරාබදු ආඥා පණතේ 116 පිටුවේ 47 වගන්තිය ප්‍රකාරව මත්ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු පිරිස්‌ ගැන දක්‌වා ඇත. යුධ හමුදා අණ දෙන නිලධාරීන්, නාවික හමුදා අණදෙන නිලධාරීන් ගුවන් හමුදා අණදෙන නිලධාරීන් විදේශීය සුදු නිලධාරීන් අවුරුදු 18ට අඩු පිරිමින් සහ මොනයම් හෝ ස්‌ත්‍රීන්ට මත්ද්‍රව්‍ය විකි”ම එහිදී තහනම් කොට සීමා කර තිබුණි. මෙම නීති පැනවීමට එකල ආසන්න හේතුව වූයේ අනගාරික ධර්මපාල තුමා ඇතුළු පිරිස ගෙන ගිය අමද්‍යප ව්‍යාපාරයේ බලපෑමයි. තැබෑරුමක්‌ විවෘත කිරීමේදී එම ප්‍රදේශයේ ජනතාව විමසා ඡන්දයක්‌ පවත්වා වැඩි කැමැත්තක්‌ ලැබුණේ නම් පමණක්‌ මත්ද්‍රව්‍ය අලෙවි හලක්‌ විවෘත කිරීම කළ යුතු විය. ස්‌ත්‍රීන්ට මත් වතුර අලෙවි කිරීම සපුරා තහනම් වූයේ එයින් සදාචාරයට මාතෘත්වයට හානියක්‌ වන බවට එකල සමාජය තුළ ඇති කළ දැඩි මතවාදය නිසයි. එම නිසා අදටත් ස්‌ත්‍රීන් අතර මත් ද්‍රව්‍ය භාවිතයක්‌ බහුලව දක්‌නට නැත. ඒ නිසා මාතෘත්වය මෙන්ම සමාජය වෙත කුඩා දරුවන් වෙත දෙන ආදර්ශය ඉතා ඉහළ මට්‌ටමකින් පවතී. මංගල සමරවීර නම් අමාත්‍යවරයා සිය මුදල් අමාත්‍යංශයේ බලතල භාවිතා කරමින් මෙම සීමා ලිහිල් කිරීම සඳහා කැබිනට්‌ අනුමැතියක්‌ ලබා ගෙන ඇත. එය ඔහු මාධ්‍ය නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි අරමුණ නම් තත්කාලීන සමාජය තුළ පවතින සංස්‌කෘතික නීති රිති විසිරුවා හැරීමයි. ඒ මගින් සිංහල සමාජය ඉතාමත් පහත් මට්‌ටමකට ඇද හෙළිය හැකි බව අමාත්‍යවරයා සහ ඔහුට උපදෙස්‌ දෙන විදෙස්‌ බලවේග දනී. සංස්‌කෘතිය තීරු වලට කැබලි කළ පසු ඉතිරිවන සත්ත්වයා හුදෙක්‌ වෙළෙඳ භාණ්‌ඩකට කර ගහන නරුමයෙකු බවට පත්වන අතර ඒ මගින් වර්තමාන ධනවාදී ලිබරල් ආර්ථිකය පවත්වා ගෙන යා හැකි බව කල්පනා කොට ඇත.


මෙම තීරණයන් ගන්නා විට ජනාධිපතිවරයා කැබිනට්‌ටුවේ ප්‍රධානියා වශයෙන් සිටින්නට ඇත. එසේ නොසිටියද කැබිනට්‌ තීරණ පිළිබඳ වාර්තා ඔහු අතට පත් විය යුතුමය. මංගල සමරවීර මෙම තීරණය දැනුම් දුන්නේ ජනවාරි 10 දිනදීය. එය ගැසට්‌ටුවක්‌ මගින් ප්‍රකාශයට පත් වීමට තිබුණේ 12 වනදාය. එහෙත් 15 වන දා තෙක්‌ම එම ගැසට්‌ටුව මුද්‍රණයෙන් නිකුත් වී නොතිබුණි. ඒ අතර ජනාධිපතිවරයා අගලවත්තේ සිය දේශපාලන රැස්‌වීමේදී මෙම ගැසට්‌ටුව අවලංගු කරන බව කියයි. මංගල සමරවීර ගේ බෝලයට ඔහු තදින් හයේ පාරක්‌ ගැසූ බව පෙනේ. සුරාබදු නව නීති ඉවත් කිරීම නිසා රජය කෙරෙහි තිඛෙන අප්‍රසාදය නැති වී ජනතාව තම පක්‌ෂයට ඡන්දය භාවිත කරනු ඇති බව ඔහු කල්පනා කර තිබේ. නමුත් ඔහු මංගල ගේ ගැටයකට අසු වී තිබේ. සුරා බදු ආඥා පනත ඉදිරියට දමා මංගල විසින් ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කර තිබේ. එම කැළල මැකිය නොහැකිය. කැබිනට්‌ටුවේ දී සියල්ල දැනගෙන ජනතාව ඉදිරියේ බොරුමුසාවාද කීම දේශපාලන උපක්‍රමයකි. එහෙත් ජනාධිපතිවරයා විල්පත්තුව පිළිබඳ විගණකාධිපති වාර්තාව ඉදිරියේ නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරයි. බැඳුම්කර මහ හොරු අතටම අසුවී තිබියදී ඒ පිරිස ඉවත් නොකරන අතර තැබෑරුම් නීතිය ළඟ සිංහයෙකු සේ නැගී සිටින්නේ තමා විදේශීය බලවේගවල ඉත්තෙකු බවට නැවත නැවතත් සනාථ කරමිනි.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.