සහජීවනය කතා කරන මෛත්‍රීගේ ආණ්ඩුවේ තුප්පහි ජාතිවාදී වැඩ මෙන්න

අද ශ්‍රී ලංකා පොලිසිය වගේම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් සියල්ලෝම ජාතිවාදය ගැන කතා කරමින් සිටිති. ජාතිවාදය සහ ජාති මාමකත්වය පිළිබඳව හෝ පැහැදිලි අරුතක් නොදන්නා මේ අඳ බාල දේශපාලකයෝද උන්ගේ මස් කට්ට ලෙවකන පොලිසියද ජාතිවාදය ගැන බොහෝ කතන්දර ගොතනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු . මේ රටේ ජාතිවාදී  පදනමින් මහා වනාන්තර එළිවෙද්දී, ඒ වනාන්තර වල අංග සම්පුර්ණ තනි ජාතියකට වෙන් කෙරුණු නගර ඉදිවද්දී , අපේ හෙළ බොදු උරුමයන් ඩෝසර් කර අලුත් ඉතිහාස ලියන්නට හදද්දී , සුළු ජාතිකයකු ඇමති කමක් ගත් කල ඒ ඒ අමාත්‍යංශ වල උන්ගේ ජාතියට පමණක්ම තැන හිමිවද්දී, එළිපිටම ජාතිවාදය හා ත්‍රස්තවාදය වපුරවන වැඩ කෙරෙද්දී , ඒ කිසිවක් නොදුටුවා සේ ඇස පියාගෙන නිදිවදින පොලිසිය සහ නිතිය කරවන ඇත්තන් මේ සිංහල අපගේ රටයි කි පමණින් උ කොහෙද? කුමක් කරන්නේද? කියා සොයමින් උව එල්ලුම් ගස් යවන්නට තනන විලිලජ්ජා නැති ක්‍රමවේදය මේ ආණ්ඩුවේත් පසුගිය ආණ්ඩු කාලයේත් අපිට පැහැදිලිව බලා ඉන්නට හැකියාව ලැබිණි . අපි මේ ලිපියෙන් එකී සුළු ජාතින් වපුරුවන මහා ජාතිවාදී ප්‍රවාහයන් ගැන කතා කරන්නට නොයන්නේ ඒ පිළිබඳව ප්‍රමානික් කතිකාවතක් අපි කිහිප විටක් ඇති කර  ඇති නිසාවෙනි. එහෙත් හැමදාම නැති සිංහල ජාතිවාදයක් ගැන කතා කරමින් මේ රටේ ජාතික හැගීමක් ඇති උන්ව කොටුකරගන්න හදන සිංහල විරෝධී රජය වගේම දේශපාලක බත් බලයන් වී සිටින පොලිසියටත් අපි අද පළමු වතාවට ඇත්තටම ජාතිවාදයේ අලුගුත්තෙරුවකු පිලිබඳ සබැ තොරතුරක් ලැබී තිබේ. එහෙත් ජාති මාමකත්වය වෙනුවෙන් එය ජාතිවාදය කියමින්  උඩ දාගෙන රෙදි උස්සන් එන පොලිසිය පමණක් නොවේ ජාතකය වැරදි මෙලොවට බිහිඋනු රටේ ජනතාවගේ වල් බුරු මොළ ගෙඩි වල පුස් ගතියට පින්සිද්ද වෙන්න ඇමතිකම් අරගත්තු දත් දොස්තරලාද, තමන්ගේ පුද්ගලික් තරහවල් සිංහල ජාතිය පිටින්ම යවන්න වලි කන මහා පුටුවෙත් වජබි තවත් මදි වී රටේ මිනිස්සුන්ගේ අති බහුතරයක් ප්‍රතික්ෂේප්ප වෙච්චි අඩුම තරමින් දන් ප්‍රාදේශීය සභාවකටවත් තරග කර දිනන්ට බැරි විස්කි මැඩම් ලා ද අද ඒ ගැන කතා නොකරන්නේ මන්ද යයි අපිට මහා ලොකු සැකයක් ජනිත වී තිබේ.මේ වෙන කවුරුවත් නොව උව පළාත් මහා ඇමති දුරය දරන, රටේ මිනිස්සුන්ගේ බදු මුදලින්  පෝෂණය වී මහා බඩ ගෙඩියක් පමණක් උරුම කරගත්තු,මන්චාඩියක් තරම් මොලේ ටිකක් අහිමි , හිඟන්නා, දැක්කත් අපුලක් ජනිත වන පින් මහා ඇමති, අපේ බදු මුදල් වලින් කොටි ගනං හම්බ කරගෙන අද වැජබෙන, එහෙම හම්බ කරගත්ත නැති එකාට හිඟන්නා කියලා බැනපු අවජාතක අවලන් සක්කිලි ගති ගොන්නක් අඩු නැතිව පිහිටලා තියෙන චාමර සම්පත් දසනායක කියන පිස්සු මි හරකා ගැනය .

අදාළ සිදුවීම . මොහොතක් සිතා බලන්න පාසල් විදුහල්පතිනියක් මේ තරම් අසරණ විය යුතුද?



මේ රටේ එදා පවතී මහින්ද පාලනය ජනවාරි 8 වෙනදාවක පෙරලෙන්න හේතුව උනේ ඒ ආණ්ඩුවේ හිටපු පිස්සු බල්ලෝ වගේ වැඩ කරපු අවලන් සක්කිලි බව අපට මතක තිබේ. අවාසනාවකට අද මෛත්‍රිපාල සිරිසේන ජනපති වරයාට පවා ඒ පිළිබඳව අමතක වී අති බව මෙරට මහජනතාවට පැහැදිලිව තේරුම් ගොස් ඇත. මේ රටේ රාජ්‍ය නිලධාරීන් ගස් බැඳ ගත්ත යුගයක්, ගුරුවරු දණ ගැස්සවූ යුගයක් පිලිබඳ මෙරට ප්‍රගතිශීලි ජනතාව බොහෝ කලකිරීමට ලක්ව සිටි බව මෛත්‍රී පාල සිරිසේන ජනපතිවරයා නොදන්නවා විය නොහැක. ඒ පිස්සු බල්ලන් කුඩු කරන්නට මහින්දට හැකියාවක් නොතිබුණු නිසා මේ රටේ ප්‍රජත්රන්තවාදයේ හැන්ද අතේ තිබ්බ ජනතාව රට බේරාගත් සටනට නායකත්වය දුන් මේ රටේ සංවර්ධනය ඇගට දැනෙන්නට කරමින් ලංකාව නව පිටුවක් පෙරළු අසහාය නායකයා ගෙදර යවන්නට පසුබට නොවිය. එතරම් අසහාය නායකයකු ගෙදර ය්වනට මේ තරම් වැරැද්දක් වුනු ඒ වැරදි උලුප්පා පෙන්වමින් ඒවා නිවැරදි කරන්නට බලයට ආපු මෛත්‍රී බලයට පත්වුණු පහුවදාම සිදු කලේ කුමක්ද? ඒ ආණ්ඩුවේ ජනතා අප්‍රසාදයට ලක්ව සිටි අවලන් තක්කඩි ටික තමාගේ ලඟට  ගෙන්වා ගෙන ශ්‍රීලනිප පක්ෂයේ බලය අල්ලා ගන්නට ක්‍රියා කිරීමයි. මේ රටේ ජනතාව මෛත්‍රීට චන්දය දුන්නේ කොහෙවත් යන පක්ෂයක් රකින්නට නොවන බව මෛත්‍රී දැනගත යුතුය. හුදු මහජනතාවට කාගේවත් පක්ෂයක් රකින්නට හෝ රැකෙන්නට උවමනාවක් නැත. බණ්ඩාරනායක බැරිනම් මොකා හැදුවත් කාගේවත් පක්ෂයක් අපිට වැඩක් නැත. අපිට වැදගත් වන්නේ මේ රට පමණකි. ඒ නිසා මෛත්‍රී දැනගත යුතුව තිබුනේ එකී පක්ෂ කෙරුවාව පැත්තකින් තබා තමාට බලයට ඒමට උදවු වුනු තමා පෙනුවූ වැරදි නිවැරදි කිරීම විනා එකී වැරදි වලින් ජනතා අප්‍රසාදයෙන් වේලි සිටි අවලන් තක්කඩි ටික ඔඩොක්කුවට දාගෙන , තමාගේ පුද්ගලික තරහාවල් වලට පලිගැනීම නොවන  බව ඕනෑම පොඩි එකකුට තේරුම් ගත හැකි තත්වයකි. ඒ පිළිබඳව අපි වෙනත් ලිපියක කතා කරන්නට සුදානම්. එහෙත් මෙකි තත්වය නිසා අද එදා ආණ්ඩුවේ සිද්ද වෙච්ච වැරදි ටිකඑහෙම්පිටින්ම අදත් රග දැක්වෙන හැටි බලා සිටින්නේ එදා මෛත්‍රී ට චන්දය දුන් අත කපා දාන්නට තරම් වේදනාවකින් බව මේ රටට ආදරේ කරන මිනිස්සු න්ගේ මතයයි.අද හම්බන්තොට පිස්තෝල සෙල්ලම් දාපු එරාන් මෛත්රිගේ ඔඩොක්කුවේ සිටි, මේ ලඟක් වෙනතුරුම මෛත්රිගේ ආධාරකරුවකුට වෙඩි තබා භාතනය කිරීම ගැන චෝදනා එල්ල වුනු එකා මෛත්රිගේ ඔඩොක්කුවේ සිටියේය.(මියගිය පුද්ගලයාගේ පවුලේ අය ගැන මොහොතක් සිතා බලන්න ) කන්යාවියන් සියයක් දුෂණය කර පාටි දැමු සාරුවා සුනිල් අද මෛත්රිගේ ඔඩොක්කුවේය, ගුරුවරියක් දණ ගැස්සවූ ආනමඩුවේ චන්ඩියා අද මෛත්රිගේ ඔඩොක්කුවේය , මෙකි නොකී බොහෝ දෙනෙක් අද මෛත්‍රී ළඟ යහතින් වජබෙද්දී ඒ ආණ්ඩුවේ ඉන්දලාත් කරගන්න බැරි වුනු තක්කඩි වැඩ ටික මුන් සමග ඉඳ හොඳට කරන්නට උන්ට හැකියාව ලැබී තිබම ගැන මෛත්‍රී විලිලජ්ජ්වාක් ඇත්නම් ජනපතිකම තියා ගෙදර යා යුතු තරමේ සිදුවීම් බව පොඩි උනුත් තේරුම් ගනී .

එදා ගුරුතුමියක් දණ ගස්සවුයේ ආනමඩුවේ අද මෛත්රිගේ ගෝලයෙකි. එකට නොදෙවෙනි වෙන්න අද මෛත්රිගේ ලඟම ගෝලයෙක් වෙච්ච උවේ පුස් ඌරා චාම‍ර කියන ගස් ගොනා රටක මහා ගරු බුහුමන් ලැබිය යුතු ජාත්යක රටක ඇස පාදවන ගුරු තුමියකගෙනුත් එහාට ගොස් විදුහල් පතිනියක්ම තමන්ගේ නිල  නිවසට ගෙන්වා ගෙන දන ගස්සවන්න්ට තරම් විලිලජ්ජා නැති තැනට පත් වී අත. මේවා මෙසේ වන්නේ එක්කෝ මෛත්‍රී පාල එදා සිටම මහින්දගේ ආණ්ඩු කාලයේ සිටම මෙවන් අකටයුතුකම් අනුමත කර අත. නැතිනම් මෛත්‍රිපාල සිරිසේනට පැහැදිලිවම කොන්ද පණ නැති කමක් අත. මේ කරානා දෙකෙන් එකෙක් මෛත්‍රී පාල සිරිසේන ජනපතිවරයා පිළිගත යුතුමය. මන්ද ඔහු අදටත් මේ රටේ සර්ව බලධාරී විධායක ජනපතිවරයා වන බැවිනි.

වඩාත්ම භයානක කාරණය වන්නේ චාමර සම්පත් නම් වූ මේ පුස් උරා මෙකි විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා බැන වඳිම් කරන්නේ ජාතිවාදී පදනමකින්ද යුක්තව වීමයි. මේ රටේ ජාතික උරුම වනසෙද්දී ඇස පනාපිට සිංහලයාට කෙලවෙන හැටි එලිකරද්දී සිංහල ජාතික හැඟීමක් අති ඕනෑම එකකුට විරුද්ධ වෙන්න වැලි කන උන්ව ජාතිවාදීන් කියලා අල්ල්ල්ලා එල්ලුම් ගස් යවන්න හදන අමන දත් දොස්තර ඇමතිලා, පිරිමි ද ගැහැනුද කියන එක හරි හැටි අඳුරගන්න බැරි සමහර ඇමතිලා, විතරක් නෙමෙයි උන්ගේ මස් කට්ට ලොවන, බත් පැකට් එකට නිල ඇඳුමේ ගෞරවය කෙලසන කොන්ඳ කඩා ගත්ත පොලිසියේ ලොකු තැන් කාටත් අද මේ කතාව තාමත් ඇස ගැටී නැති ආකාරයකි. හැබෑ ජාතිමාමකායට ජාතිවාදියා කියලා චෝදනා කරන්න මහත්තුරු අන්න නියම ජාතිවාදී තිරිසනෙක් ඉන්නවා තාම දැක්කේ නැද්ද? මේ රටේ සබැ ජාති මාමක් එකෙක් කවදාවත් සින්හල දෙමල මුස්ලිම් මේ කිසිම කෙනෙක් තවත් ජාතියකට වඩා උස පහත විය යුතුයි කියා කියන්නේ නැත. කවුරුන් හෝ එලෙස කියනවානම් කාටත් කලින් අපි එකී අමනයනට විරුද්ධ වන බවද කියන්නෙමු.  එහෙත් මෙකි මේ යහපාලන ආණ්ඩුවේ සහජීවනය ගැන හැමදාම දොඩවන අපූරු ජනපතිගේ චක් ගෝලයා , ජාතියේ කරුමෙට පින්ගුත්තරයෙක් වගේ මහා ඇමති කමේ ලගින එකා , අන්න නියම ජාතිවාදය නිර්මාණය කරමින් සිටි. එහෙත් තාමත් ජනපතිගේ කඩුව කොපුව තුලම තිබීමෙන් අපිට හිතෙන්නේ ජනපතිගේ කඩුව ගම්මන්පිල කිවුවා වගේනම මලකඩ කාපු වැඩකට නැති කඩුවක් බවයි . රටක අනාගත පරපුර ඇස පාදවන ගුරු මාතාවක් තමාගේ නිල නිවසට ගෙන්විමෙන්නම මෙකි අවලන් මහමැති වරයා තමන්ගේ වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කර අති නොවේද? තුන වසරවත් හරියට පාස් වෙන්නට බැරි උණු, ලජ්ජා නැතිව මහජනතාවගේ දාඩිය මහන්සිය තුලින් හම්බකරණ තුට්ටු දෙක පිල්ලි ගහලා අද සිටුවරු වගේ වැජබෙන , හිඟන මහඇමති වරු අද පාසලක විදුහල පතිනියක්ම දණ ගස්සවා දඩුවම් කරනකොට අපිට පැහැදිලිව ත්රුම් ගත හැකි එක කරුණක් තිබේ. එනම් පසුගිය ආණ්ඩු කාලයේ මේ වගේ දේවල් උනා. ඒ ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදිහට අද ජනපති හිටියා. දැන මේ ආණ්ඩු කාලයේ ඒවා ඊටත් වඩා හොඳට වෙනවා, ඒ මෙයාගෙම ආශීර්ව්දයෙන්.. එහෙමනම් එක දෙයක් පැහැදිලියි. පසුගිය කාලයේත් , මේ කාලයේත් මේ වගේ අවලන් සක්කිලි බ]වැඩ ඔක්කොම වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදයෙන් විය හැකි බවයි. වේදිකාවේ මොනවා කියලා කගහුවත් ඇත්ත කතාව එකයි. ජනපතිතුමෝ එක එහෙම නෙමේනම් ඔප්පු කරලා පෙන්නන් . කඩුව එලියට ගන්න වෙලාව හරි .

මේ සිද්දිය හුදු දේශපාලන ගැටලුවකින් එහාට සිතිය ටයුතු බොහෝ දේ තිබේ. මන්ද යත් මෙවන් සිද්දීන් හරහා සාමාන්‍ය දෙමල සමාජය ලබා ගන්නා දේ කුමක්ද? වතුකරයේ මෙන්ම උතුරේද දේශපාලන වාසි බලා දෙමල ජාතිවාදය අවුස්සවන බොහෝ දේශපාලකයන් මේ හරහා වහාම තමන්ගේ මතය සර්ව සම්පුර්ණ කරන්නට තැත් කරනු අත. මේ පාසලේම ඉගෙන ගන්නා පුංචි දරුවෝ පමණක් නොවේ යමක් කමක්  තේරුම් ගන්නා යෞවන දමිල සිසුන් ගැන සිතා බලන්න. තමන්ගේ විදුහල්පතිනිය (දරුවන්ගේ ලෝකයේ මහා වීර චරිතයක් වේ . පාසල් දරුවන් බොහෝ විට විදුහල්පතිනිය සමාජයේ බොහෝ ප්‍රබල චරිතයක් ලලෙස හඳුනා ගනී ) පවා දමිල වීම නිසා මෙවන් පුස් ඌරකු ළඟ වඳ වැටීමට තරම් පහත තත්වයකට පත් වූ මේ සමාජ ය ගන ඔවුන් කලකිරෙන්නේ නැති බවට කාට හෝ තරක කල හැකිද? සිංහල ජාතියම ගැන කලකිරෙන්නේ නැද්ද? ජනපතිතුමෝ ඉක්මන් කරලා කඩුව අතට ගන්න නැතිනම් අපි හිතන්නේ ඔබ ට අපි චෝදනා කරන්න අර වැරදි දෙකෙන් එකක් නිවැරදි යයි කියලා .

(අනෙක් අතට මේ රටට ආදරය කරන්න සිංහල බලවේග , පරදේශයේ භික්ෂුන් වහන්සේලා ට මෙතනදී ලොකු වගකීමක් පැවරෙනවා. මේ තුවාල වූ හදවත් සුවපත් කරන්න. මේ සිංහල ජාතියේ හැටියක් නොව අවලන් අලුගුත්තේරු සක්කිලි දේශපාලනයේ නිරුවත් බව පමණක් බව ඒ දමිල සමාජයට කියා දිය යුතුයි )

ඔත්තුකරුවා වෙබ් අඩවිය වෙනුවෙන් රචිත ලිපියකි. සංවාදය සඳහා විවෘත්තයි.

ලියන්න අපිට oththukaruva@gamail.com

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.