එජාපය හැමදාම දේශද්‍රෝහී වෙන්නේ කොහොමද? මෙන්න නියම හේතුව !

එකසත් ජාතික පක්ෂය ගැන හැමදාම මේ රටේ මිනිස්සු බහුතරයක් තුල තිබෙන්නේ මේ රටේ අභිමානය, මේ රටේ උරුමය වනසන්න ක්‍රියාත්මක වෙන ඇමරිකානු හෝ බටහිර ගැති නායකත්වයක් තිබෙන පක්ෂයක් විදිහටයි. නමුත් බොහෝ දෙනෙක් අපෙන් අහන්නට පුළුවන් එසේනම එජාපය ලබා ගන්නා චන්ද ප්‍රමාණය කෙසේ ලබා ගන්නේද යන්න . දැනටත් ගම්වල එකසත් ජාතික පක්ෂය සඳහා ඇති චන්ද පදනම සීග්‍රයෙන් අඩුවෙන අතරම , සාමානයෙන් පවතින තත්වය ගැන කිසිදු සොයා බැලීමක් නොමැතිව කැපුවත් කොළ කැපුවත් නිල්  ක්‍රමයට ලබා දෙන චන්ද ටිකක් ලැබීමත්, ප්‍රාදේශීය සභා වැනි චන්දයකදී තමන්ගේ හිතවත් කම් වලට වැනි කාරණයන් නිසාත්, සුළු ජාතික චන්ද පදනමත්, දේශපාලනයෙන් වාසි ලබා ගනිමින් ඉන්නා ව්‍යාපාරික පන්තියේ චන්දත් වැනි කාරනා නිසා යම් චන්ද පරමානයක් රැඳී තිබෙන බව සත්‍යකි.

එහෙත් බහුතර මතය වන්නේ මේ රට බෙදන්න , එජාපය උත්සහ කරන බවයි. මේ රට විනාශ කරන්න හෝ විකුනන්න එජාපය උත්සහ කරන බවයි. මේ කතාව ඇත්තද? මිනිස්සු මෙහෙම හිතන්නේ ඇයි ? අපි සුදානම් ඒ ගැන කතා කරන්න

1.එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට කිසිම අවස්ථාවක ජාතික අභිමානයක් පිලිබඳ හැඟීමක් නැති කම .

රටක ප්‍රධාන පක්ෂයක නායකයෙක් වුනහම අනිවාර්යෙන් ඒ රටට ගරු බුහුමන් කලයුතු බව අපි සැවොම පිළිගන්නා කාරණයකි. තමන් උපන් දේශයට ගරු බුහුමන් කරන්නට බැරි තැනැත්තා රටට පිළිලයක් බවta විවාධයක් නැත. විශේෂයෙන් රට පාලනය කරන නායකයන් මේ රටේ ජාතික ගීයට , ජාතික කොඩියට ගරු කරන්නට නොදන්නේනම් උන්ගේ ඇති උගත් කමින් මේ රටේ මහපොළවට හෝ මේ දැයට හිතැති යමක් වේයැයි පතනට කිසිදු හැකියාවක් නැත. එදා විපක්ෂ නායක දුරයේ සිටිද්දී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සමග එහි නායකයා ජාතික ගිය වෙත තම උත්තමාව්හාරය පුද කෙරේ මෙලෙසිනි

2. ශ්‍රී ලංකාව දෙපයින් හිටවන මුදුන් මුල බෞද්ධ සංස්කෘතිය සමග ඇති ජන්මාන්තර වෛරය 

රටේ කුමන අවාසනාවක් නිසාදෝ එක්සත් ජාතික පක්ෂය මෙරට ප්‍රධාන පක්ෂයක් ලෙස තිබියදී පවා මේ රටේ බෞද්ධ සංස්කෘතිය සමග ඇත්තේ ජනමාන්තර වෛරයකි. සමහර විට බටහිරෙන් ලැබෙන ඩොලර් කුට්ටි වලට ගිජුව අපේ රටේ සංස්කෘතිය පාවා දෙන්නට. හෝ සමලිංගිකත්වය වැනි දේවල් සම්බුදු චීවරය හරහා පරසිධ්ධ කිරීම තුලින් ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ සංස්කෘතිය විනාශ කිරම අදහස් කරගෙන මෙවන් සිදුවීම් සිදු කරනු ඇති බවට පිළිගත හැකි සාක්ෂි අපට ඕනෑවටත් වඩා හොඳින් හඳුනා ගත හැක. මේ එකසත් ජාතික පක්ෂයේ අද නියෝජ්‍ය අමතයවරයකුද වන ආචාර්ය හර්ෂද සිලවා පක්ෂයේ විරෝධතාවයක් අතරතුර බොහෝ වෙලාවක් චීවරධාරියකු තුරුල් කරගෙන ඉතාමත් ජුගුස්පා ජනක රංගනයක නියැලුණු ආකාරයයි

තවද මෑත කාලය තුර මහනායක හිමිවරුන්ගේ පවා පිළිකුලට භාජනය වූ බෞද්ධ ධර්මය අමුඅමුවේ කෙලසමින් අමුතුම රංගනයක නිරත, වන ඉරාජ් වීරරත්නගේ නිරුපන ශිල්පියකුද වන , තමන් රහත් භාවයට පත්වුවායි කියමින් ග්‍රැෆික් රැස් වළලු හිස වටා දමා ගන්නා එකතරා චීවරධාරියකු ගේ සරණ ද අගමැති ප්‍රමුක එජාප නායකයන් පැතීම තුලින් මෙකි අදහස තවත් හොඳින් වටහා ගත හැක .

 

3. සිංහලකමත් සමග ඇති ජන්මාන්තර වෛරය 

එජාපයට කවදත් සිංහලයාගේ හදවත් දිනා ගැනීමටනම් හැකියාවක් ලැබී නැත. එයට බොහෝ කරුණු එකින් එක හේතු ලෙස පෙළ ගස්සවිය හැක. එක්සත් ජාතික පක්ෂය කවදත් මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස කිසිම අවස්තාවක පිළිගැනීමට සුදානම් නැත. එකසත් ජාතික පක්ෂයේ අද ප්‍රබල චරිත වී ඇති වාචාල ඇමතිවරුන් පිලිබ්නදව සැලකීමේදී මේ තත්වය වඩාත් හොඳින් හනුදුනා ගත හැක. මේ රට සිංහල යයි කියපු සැනින් රාජිත වැනි අන්ගපුලාවක් නැති වාචාල ඇමතිලා මාධ්‍ය වේදීන්ගේ ඇගට පවා ගොඩවෙන ආකාරය අපි ඕනෑවටත් වඩා දැක ඇත.




එක්සත් ජාතික පක්ෂය තමන් මෙහෙයවූ ජනපතිවරණ වයපාරයෙරේ දී ලබාගත් චන්ද පදනම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය ප්‍රබල විවේචනයක් ඉදිරිපත් කරන ආකාරය අපි දැක ඇත්තෙමු. එහිදී ඒ විවේචන වලට එජාපය දුන් පිළිතුර වුයේ ඒ චන්ද පවා ලබා දුන්නේ රටේ ජනතාව නිසා එවන් විවේචන සාධාරණ නොවන බවයි. නමුත් ඇත්ත වශයෙන්ම එම පිළිතුර සත්‍ය උවත් , එජාපය කල යුතුව තිබුනේ තමනට සිංහල බහුතර ප්‍රදේශ වල චන්ද පදනමක් ලබා ගත නොහැකි වුයේ අයි කියන කාරණය විමසා බැලීමය. මන්ද මේ රට කවුරු පිළිගත්තා හෝ නැතා සිංහල බෞද්ධ රටක් වන බැවිනි.

 

 

 

 

4. රට පාලනය කරන්නේ මෙයාලා නෙමෙයි බටහිර බලවත්තු වීම

ශ්‍රී ලංකාව බටහිර ජාතින් යටත් කරගෙන ඉදලා නිදහස් වෙලා වසර ගණනාවක් ගත වී ඇති මුත් තවමත් එකසත් ජාතික පක්ෂ නායකත්වයට එය වැටහී නැති බවක් පෙන්නුම් කෙරේ. තවමත් එකසත් ජාතික පක්ෂ නායකත්වය බලයට ආ දිනයේ පටන් මේ රටේ තීරණ ගනු ලබන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි මුල්‍ය සමාගම් හා නොර්වේ, වැනි බටහිර රටවල් වලින් බව කවුරුත් දන්නා සත්‍ය කාරණයකි. අනෙක් අතට තමන්ට බලය ලබා ගන්නට රනිල් ප්‍රමුක කණ්ඩායම කාට හෝ මේ රට පිටින්ම විකුණා, උන්ගේ න්‍යාය පත්‍රයන් අඩුවක් නැතිව එහෙම පිටින්ම ක්‍රියාත්මක කරන්නට පොරොන්දු වෙන්නට මැලි වන්නේද නැත.  , එදා 2002 වර්ෂයේදී ආන්දෝලනාත්මක කොටි සාම ගිවිසුම, ජල සම්පත් කළමනාකරණ වැඩ පිළිවෙල වැනි දේද අද වන විට සමලිංගික විවාහ නීතිගත කරන්නට  හම්බන්තොට මත්තල විකුණා දැමීම මේ සියල්ල ජනපතිවරණ යට කලින් එකී වෙනස කරන්නට රට වෙනස් කල බටහිර බලවතුන්ට එදා වුන් පොරොන්දු බවට ප්‍රබල සැකයක් ඇති බවට විද්වතුන්ම් පරකාශ කරති . අනෙක් අ මෙරට පුරවැසිභාවය හෝ නැති එකකු ට මහා බැංකුව භාරදීම තුලද එකී හස්තයන් ක්‍රියාමක වුවාද යන්න පිලිබ්න්ෆ්දවද අපිට ප්‍රබල සැකයක් මතු වීම සාධාරණය .

එක්සත් ජාතික පක්ෂය මෙකි වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී රට බෙදෙනවාද< විනාශ වනවාද කියන කාරණය පිලිබඳ කිසිදු තැකීමක් නොකරති. අවශ්‍ය වන්නේ උන්ගේ බටහිර හාම්පුතුන්ගේ කීම පමන්න්කි. එකී පදයට නටන ඕනම පිස්සකු පිස්සියකුට එජාපයේ දොර ඕනෑම මොහොතක විවර වන්නේද මේ කැමැත්ත නිසාය. අද සිංහල ජාතිය සමගම ජනමාන්තර වෛරයකින් පසුවන , සිංහලයකු වීම ගැන ලැජ්ජයි කි පුතකුගේ මවක් වන චන්ද්‍රිකා ද එකසත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගෙන සිටින්නේ මෙකි තත්වය මත  නොවේද ?

(ඔත්තුකරුවා වෙනුවෙන්  )

තවත් ඕනෑතරම් නිදසුන් අපිට දක්වන්නට පුළුවන. ඔබත් ඔබේ අදහස් අපිට ලියන්න oththukaruva@gamail.com අපේ විද්‍යුත් තැපෑලට. අපි ඔබට ඉඩ දෙන්නට සුදානම්. සංවාදය සඳහා විවෘත්තයි

අනිවාර්යෙන්ම සේයාර් කරගෙන යන්න අමතක කරන්න එපා



 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.