මෙන්න සුපිරි අපේක්ෂකයෝ – චන්දෙ වෙනකන් කසිප්පු පෙරන්න අවසර ඉල්ලයි

මැතිවරණය අවසන් වන තුරු පමණක් තම කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් පෙරා ගැනීමට අවසර දෙන්නැයි මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන පෙළේ පක්ෂයක අපෙක්ෂකයෙකු ගලෙන්බිදුණුවැව පොලිසියෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

ඔහු මෙම ඉල්ලීම කර තිඛෙන්නේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීති විරෝධී මත්පැන් පෙරීමක් සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම ස්ථානය වැටලීමට පොලීසිය ගිය අවස්ථාවේදීයි.

රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව් උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බවද අපෙක්ෂකයා පොලිසිය සමග පවසා තිබේ.මේ දිනවල කසිප්පුවලට තිඛෙන අධික ඉල්ලම හේතුවෙන් මැතිවරණ අපෙක්ෂකයන් කුලීකරුවන් යොදවා කසිප්පු පෙරණ බව පොලිසිය පවසයි. පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලවා කසිප්පු පෙරණ බවත්, මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බවද පොලිස් නිලධාරීන් පවසති.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.