මහින්ද – මෛත්‍රී ජාත්‍යන්තරය සහ අපේ රටේ අභිමානය – අපූරු සංසන්දනයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකම්ම නිකම් සිරිසේන නොවේ. ග්‍රාම නිලධාරි සිරිසේන ද නොවේ . ඒ ශ්‍රී ලංකා ප්‍රජාත්රන්තික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා වේ. කුමන විවේචන තිබුනත්, එකී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු අතරින් ඉතාමත් සරල සහ නිහතමානි ජනපතිවරයකු වන බව නොකියාම බැරි කරුණක් බවද සත්‍ය වේ.  මෙම නිහතමානි සරල ජනපතිතුමා මේ රටේ මහපුටුවේ වාඩිවෙන විටත් මේ රට බොහෝ ගැටළු ගණනාවක ගිලි තිබු බවද සත්‍ය කාරනාවකි. එහෙත් එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වය භාර ගන්නා විට මෙරට පවතී තත්වය හා සසඳා සැලකීමේදී නොගිනිය යුතු තරම් ගැටළු බවට ඕනෑම පොඩි එක්කකුට උවද තේරුම් ගත හැකි බව ඩ සත්‍යකි. මහා මිලේච්ච දරුණු ත්‍රස්ත්‍රවාදී සංවිධානයක් මෙරට භූමියෙන් කොටසක් පවා පාලනයට නතු කරගෙන සිටි, එකී ත්‍රස්ත්‍රවාදීන්ගේ මුදල් හා වෙනත් බලවේග වලට නතුවූ විදේශීය බලවතුන්ගේ බලපෑම් රාශියක් නිතරම අතපෙවීම් කරන ලද, යුද්ධයක් කළහොත් එය ජය පරාජය, පමණක් නොවේ විනාශය කඳුළු, ලේ මේ සියල්ලට ත් වඩා ඇතිවන සිත් තැවුල් වල බලපෑම් මේ සියල්ල ගණනය කරන විට මහින්ද මහතා හමුවේ තිබු ගැටලුකාරී මතුපිටාවෙන් අංශුවක් තරම් මෛත්‍රී පාල සිරිසේන ජනපති තුමාට හිමිවුවායයි කිසිවකුටත් තර්ක කරන්නට තරම් හැකියාවක් තිබේදැයි සක සහිතය.

මේ කතාව අපිට ආයෙත් මතක් කරන්නට සිතුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී මෙරට ජාත්‍යන්තරයෙන් කොන් වී තිබු බවත් තමා සහ අගමැති රනිල් ගේ පාලන සාමය තුල මෙරටට ජාත්‍යන්තරය දිනා ගැනීමට හැකියාව ලැබුණු බවත් මෛත්‍රී පාල සිරිසේන මහතා සැම මැතිවරණ වෙදිකාවකම පුන පුනා පවසමින් යන බැවිනි.එකී කතාව නැතිනම් ජාත්‍යන්තර සබඳතා ජයගත් බව කියන්නට මෙරට විධායක ජනපතිවවරයා අපූරු උදාහරණ කිහිපයක් යොදා ගනිමින් සිටියි.

අපේ රටේ තේ තහනම සිදු වූ අවස්ථාවේ මම රුසියානු ජනාධිපති පුටින් ට ලියුමක් ලිවුවා. ඒ ලියුම ලැබිලා පැය 48 ක යන්නට මත්තෙන් අපේ රටේ තේ තහනම ඉවත් කරගන්න පුළුවන් උනා. අපි එහෙමයි ජාත්‍යන්තරය ජයගන්නේ.

මේ ජනපතිතුමාගේ කතාවෙන් කොටසකි. එහෙත් මෙකි කතාව එතුමා කෙසේ කිව්වත් රටම දන්නා පිළිකාකාරකයක් ලෙස තහවුරුව තිබු නිසාජනපතිගේම නියෝගයෙන්  තහනම් කරන ලද රුසියාවෙන් ගෙන්වනු ලබන  සුදු ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීම , වගේම තවත් තහවුරු නොකරූ ප්‍රබල රුසියානු ඔත්තුකරුවෙක් (ඇමරිකාවට අවශ්‍යව තිබු ) අත්අඩංගුවට ගෙන නැවත පලා යාම වැනි සිද්දීන් මේ සිදුවීම සමග එකට බැඳී තිබෙන්නට ඇත. අපේ රටේ තේ ටික විකුණාගන්න පිලික කාරක කියලා ඔප්පු කරපු සුදු ඇස්බැස්ටෝස් ගොඩවල් ගෙන්න දෙන්න වගේ දෙකයි පනහේ තිරන ගන්නවාට ජනපති කියන්නේ ජාත්‍යන්තරය ජයගන්නවා කියලානම් එතුමා වටා ඉන්න රාජ්‍ය ඉහල නිලධාරී පැලැන්තිය මේ පිළිබඳව එතුමාව ඉතා ඉක්මනින් දැනුවත් කිරීමක කල යුතු නොවේද?

අපිට පොහොර ගැටලුවක් ඇතිවුනා. ඒ පෞද්ගලික් අංශයේ වැරැද්දෙන්. මම පාකිස්තානේ අගමැතිට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. අපිට දන් පොහොර නැවක් එනවා. එතුමා මට කිවුවා ඕනෙම වෙලාවක ටෙලිෆෝන් කෝල් එකක් ගන්න කියලා 

මේ පොහොර සංචිත නොමැතිවීම නිසා කෘෂිකරිමිකයන් අමාරුවේ වැටෙන විට එතුමාගේ පිළිතුරයි. මේ කතාවේ පොහොර ආනයනය ගැන හෝ වෙනත් කාරණා ගැන අපි කතා කරන්නේ නැ . අපි කතා කරන්නේ මේ ජනපති වරයාගේ හීනමානය පිලිබඳවයි මන්ද යත් එතුමා සම වෙදිකාවකම තමන් රජ්‍ය නායකයන්ට ටැලිෆෝන් කෝල් කරන ලද බව , එකී රාජ්‍ය නායකයන් සමග එකට හිඳ ආහාර ගත් බව පුන පුනා මහා ආඩම්බරයෙන් මෙරට ජනතාවට පරකාශ කරන්නේ එය ජාත්‍යන්තරය ජයගැනීමක් බවටද පුරසාරමක් දොඩවමිනි. අපේ මතයනම් මේ පිටුපස සිටින එජාප නායකයා පවා ජනපතිවරයා මෙවන් දේවල් පවසන විට එතුමාගේ පිළිගැනුම අඩු වී එතුමා මේ රටේ ජෝකර් ජනපති කෙනකු වෙනු දැක හිත යටින් සතුටු වනවා වන්නට පුළුවන. මන්ද රටේ රාජ්ය නායකයා වෙනත් රටක සංචාරය කල විට එරට රාජ්‍ය නායකයා පැමිණ පිළිගනිම, එකට ආහාර ගැනීම. දුරකථන සංවාද පැවැත්වීම, නැවත එන්න අරාධනා කිරීම, බවැනි දේවල් සාමාන්‍ය සිදුවීම් වන බැවිනි. එහෙත් මේ සියල්ල මහා ලොකු තමනට පමණක් ලැබෙන දේවල් යයි සිතා අතිශෝක්තියෙන් වර්ණනා කිරීම හරහා ඒවා විදේශ මාධ්‍ය වල පලවන්න විට අපේ රටේ අභිමානය කුමන මට්ටමකට පත්වනවාදයි සිතා බැලීම ඔබට භාරය.

තුර්කි විදේශ ඇමතිවරයා සමග ලංකා විධායක ජනපති

මෛත්‍රී රජයට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන උනාද? 

මේ රජය අද මාහ ලොකුවට ටෙලිෆෝන් කෝල් එකෙන් ජාත්‍යන්තරය ජයගත්තා යයි ක ගැසුවද අද බ්ලුම්බර්ග් දර්ශකයේ ලෝකයේ අන්ත දුෂිත රටවල් අතර එක රටක් හැටියට කප් එක උස්සාගෙන සිටින බව ජනපති අමතක කලාට මේ රටට එන්න හිතන් හිටපු ව්‍යාපාරිකයෝ කවදාවත් අමතක කරන්නේ නැත. ඒ නිසා ජනපතිට කරේ අතදාගෙන කන්න දුන්න්නා කියා හෝ උදේ හවා ටැලිෆෝන් කෝල් කර සුභ පැතුවාට මේ රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නැත. ඔය ඉලව් කෝල් එකෙන් හෝ දත් තිස්දෙක පෙන්නා රාජ්‍ය නායකයන් සමග එකට හිඳ ගැසූ ෆොටෝ වලින් එවිට පලක් වන්නේද නැත.

මහින්දගේ කාලේ අපි කොන් වෙලාද තිබුණේ ?

මහින්දගේ කාලයේ රටේ තිබුණු ගැටළු ගැන අපි ලිපියේ මුලින්ම පොඩි හැඳින්වීමක් කරේ මේ බව කියන්නටය. මහින්දගේ කාලයේ මෙරටට බොහෝ විදේශ නියෝජිතයන් ආවේ අපේ රටට උදව් කරන්නට නොව අපිට කෙලවා කොටින්ගේ පුල්ලි වැහෙන්න සුදු හුණු ගන්නට බව අපිට වඩා හොඳින් එවකට ආණ්ඩුවේ සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා නොදන්නවා විය නොහැකිය. ඒ මහින්දගේ වැරැද්දක් නොව බටහිරට අපි වගේ රටවල් වල නැති ප්‍රශ්න ඇතිකරන්නට හෝ තියෙන පරශ්නෙන කල දුටු කල වල ඉහගෙන උන්ගේ රුකඩ මේවායේ රජකරන්නට හදන අමන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ උවමනාව නිසා සිදුවන්නක් බව ඕනෑම කනකුට සිතා ගැනීමට අපහසුවක් නැත. එදා උන්ගේ පදය්යට නටන්නේ නැතිව අවුරුදු 30 කට වඩා මේ රටේ අම්මලාට , මේ රටේ බිරින්දෑවරුන්ට, දරුවනට ත්තලාට කඳුළු ටොන් ගන්න උරුම කර දීපු යුද්ධය ඉවර කරපු එකම ජාත්‍යන්තර බලවේග ජයගැනීමක් බව අද ජනපතිට මතක උනාට අපිට මතක වන්නේ නැත. එයයි නියම ජාත්‍යන්තරය ජයගැනීම බව අපි හොඳාකාරවම දන්නේය. එසේ නැතිව උන්ගේ පදයට නටමින් උන්ගේ කකුල් ඉස්සරහා දෙකට නමෙන්මින් උන්ගෙන් භෝජන වේලාක් කාලා, උන් එක්ක ලව් කරන්න කෝල් කරලා ජාත්‍යන්තරය ජයගත්තා යයි තප්පු ලන්නට අවශ්‍ය නැත. එවකට බ්‍රිතාන්‍ය අගමැති වරයා ලංකාවේ යුද්ධය ගන යම් යම් අතපෙවීම් කරන්නට සුදානම් වන විට මහින්ද රජයේ ප්‍රකාශකයා වශයෙන් ගොටභය රාජපක්ෂ මහතා කිසිදු පැකිලීමකින් තොරව ” ඔබ හිතන්නේ අපි තාමත් ඔබේ යටත් විජිතයක් කියලද? අපි ස්වාධින රාජ්‍යක්. අපේ අභ්‍යන්තර ගැටළු අපි විසන්දගන්නම්. ඒවාට ඔබේ රජයේ මැදිහත් වීම අවශ්‍ය නැ . ඒවා තනිකරම අපේ තීරණ. ”

මෙකි වාක්‍ය අද අඩුම තරමින් ඇස්බැස්ටෝස් එකක තහනම් කරගනන නැතිනම් කිරි පැකට් එකක් තහනම් කරගන්න බැරි ජනපති කෙනකු අතින් කියවේද යන්න ඉතාමත් සක සහිතය. ජනපතිතුමෝ මේ තමයි ජාත්‍යන්තරය ජයගැනීම. එදා අවසාන මොහොතේ පවා අසල්වැසි ප්‍රබල රාජ්‍ය ඉන්දියාව පවා ප්‍රභාකරන්ගේ ගැලවීමේ හමුදාව නොවී  පසුබට වන්නට තරම් ජාත්‍යන්තරය ජයගන්නට මහින්දට හැකියාව තිබුණු බව ඔබට අදද මතක් කල හැකි වනු ඇත.

මහින්දගේ කාලයේ ජාත්‍යන්තරයෙන් කොන් වුවා යයි වේදිකාවේ මරහඬ දුන්නාට පලක් නැත. මහින්දගේ කාලයේ ජාත්‍යන්තරයෙන් නය දුන්නේ නැ . අපිට සල්ලි ඕනේ තරම් හම්බෙනවා කියලා ජනපතිත් අගමැති රනිල් පුන පුනා පවසුවව්ත් මේ රටේ ජනතාවට තේරුම් යන එක කාරණයක් සක්සුදක් සේ පැහැදිලිය . එනම් ජාත්‍යන්තරයෙන් කොන් වෙච්ච මහින්දගේ කාලයේ මේ රටේ ප්‍රථම වතාවට අධිවේග හැදෙනකොට, වරායවල් ගුවන් තොටුපළවල්, වරාය නගරවල්, මහා නිවස සංකීර්ණ, මංමාවත්, ක්‍රීඩා පිටි, මෙකි නොකී සියල්ල ඉදි වෙමින් ජනතාව හිටි තැනින් උඩට එන විට, ජාත්‍යන්තරය ජයගෙන රාජ්‍ය නායකයන් සමග එකට කෑම කන ජනපතිගේ කාලයේ උන් හිටි තැන නැතිවෙන, එක බෝක්කුවක් අලුතෙන් ඉදි නොවෙන, බඩුමිල අහස උසට ගිය, පෙට්‍රල් ටික ගන්න ඉන්දියානු රජයටවත් අඩුම නොවේ ඉන්දියානු සමාගමකට වඳින්න ඕනේ වෙන, පොහොර ටිඅක් ගන්න කෝල් එකක් අරගෙන වදින්න වෙන තැනකට රට තල්ලු වීම හරහා මේ රටේ මිනිසුන් මේ පාලනයන් දෙකේ වෙනස පැහැදිලිව අදුරගෙන සිටින බව .

අවසාන වශයෙන් ජනපති තුමා ප්‍රමුක රාජ්‍ය පරිපාලකයන් සියල්ලෝම දැනගත යුතු එක කාරණයක් ඇත. ජාත්‍යන්තර ජයගැනීම යනු ජාත්‍යන්තරයට ඕනේ විදිහට අපේ ජංගිය තද කරගැනීම නොව, අපේ විදිහට ජාත්‍යන්තරය කැමති කරවා ගැනීම ජාත්‍යන්තරය ජයගැනීම නම් වේ .

එසේ ජාත්‍යන්තරයට ඕනේ විදිහට අපේ ජංගිය තද කරගැනීම ජාත්‍යන්තරය ජයගැනීම නොව ජාත්‍යන්තරයට යට වීම ලෙස නම් තැබීම වඩාත් වැදගත් බව අපේ මතයයි.

මේ ලිපි පෙළ තවත් ඉදිරියට පවත්වාගෙන යාමට අපි සුදානම්. ඔබත් ඔබේ අදහස් අපේ පිටුවේ මේ පොස්ට් එකට පහලින් කොමන්ට් කරන්න. නැතිනම් අදහස් අපිට ලියන්න . oththukaruva@gamil.com අපේ ඊමේල් ලිපිනයට. මේ ලිපිය තවත් කෙනකුට දැකගන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා

 

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.