ජනාධිපති චන්දෙට දාන බබා පාට් කතා වලට සාධාරණ පිළිතුරු මෙන්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෑත කාලය පුරාවට  මැතිවරණ ඉලක්ක කරගන්මිමින් විවිධ වූ මතිමතාන්තර රැසක් රටේ පරධාන පුරවැසියා වශයෙන් පෙනිසිටිමින් වේදිකාවේදී තලු මරමින් සිටින අයුරු අපි නිරීක්ෂණය කරන්නෙමු. ඔහු විසින් පවතී පාලනයට මෙන්ම තමා යටතේ සිටින අගමැති ප්‍රමුක එජාප කණ්ඩායමටද චෝදනා කරමින් තමන් ප්‍රමුක මේ සන්ධානය සුද්දෝදන වරුන් බව පුන පුනා පවසමින් සිටි. එහිදී ඔහු විසින් පවසන කාරනා සහ ඒවාට පිළිතුරු වශයෙන් අපි පෙලගස්සන්නේ මෙසේයි .

1. පසුගිය රජය සමයේ බොහෝ දුෂණ වංචා රැසක් සිදුවූ බවත්, විශේෂයෙන්ම එම රජය පෙරලා දැමීම සඳහා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ නොමනා හැසිරීම වඩාත්ම බලපෑ බවත් පවසයි .

“ගිය ආණ්ඩුවේ පරදෙසිය සභා සහ නගර සභා සභාපතිවරුන්ගේ හැසිරීම හොඳ නැති නිසා අපි එයාලව ගෙනවලා රැස්වීමක් තිබ්බා. එම රැස්වීමට මමයි හුට්පු ජනාධිපති තුමයි පමණයි කතා කලේ. මම පය බාගයකට වඩා කතා කරලා එම සභාපතිවරුන් දැනුවත් කරා මේ දුෂණ හා නොමනා ක්‍රියා නවත්ත්වන්න කියලා. නමුත් අපේ හාමුදුරුවනේ හිටපු ජනාධිපති තුමා ඉතා කෙටියෙන් ඒ සභාපතිවරුන්ට කතා කරලා කිවුවා කරන දෙයක් හිමිට අහුනොවෙන්න කරගන්නවා කියලා. ඒ සභාපතිවරු මගේ අම්මට බනිමින් යන්න ගියා “ මේ බොහෝ හැගීම්බරව ජනාධිපති වරයා පැවසූ කතාවකින් කොටසකි. පසුගිය සමයේ සභාපතිවරුන්ගේ හා නගරාධිපතිවරුන්ගේ වැරදි ගැන කතා කරද්දී හම්බන්තොට පිස්තෝල එරාන් , සාරුවා සුනිල් වැනි අය අමතක කල නොහැකිමය . පිස්තෝලයෙන් එළිපිට සෙල්ලම් දාපු හම්බන්තොට එරාන් වගේම කන්යවියන් සියයක් දුෂණය කර පාටියක් දුන් සරුවා සුනිල් ගේ ක්‍රියා කලාපය නිසා එදා මෛත්‍රී බොහෝ කලකිරීමට ලක්වන්නට ඇති. එහෙත් ජනාධිපතිතුමාට අමතක වුනු තවත් එක කාරණයක් තිබේ. ඒ එකී අමන දෙස් පාලකයන්ගේ වැඩ නිසා අපකීර්තියට පත්වුණු ආණ්ඩුව ජනතාව පෙරලා මේ ආණ්ඩුව ගෙන ආ විට අද ඒ එරාන් , ඒ සාරුවා සුනිල් විලිලජ්ජා නැතිව මේ ජනදිපතිතුමාගේ පක්ෂයෙන් චන්දය ඉල්ලන වගයි . ජනපති තුමනි රෙදි ඇඳගෙන මේ කතාව කියන්න ලජ්ජ්වාක් කියලා එකක පිහිටලාම නැද්ද?

2.”මගේ කඩුවට කවුරු කපෙයිද දන්නේ නැ , මට පක්ෂ පාට මොනවත් වැඩක් නැ වැරදි කරනවානම් කවුරුත් එකයි

.මේ තවත් ජනදිප්තිතුමාගේ සුරංගනා කතාවක කොටසකි. ඔය කියන කඩුව හොදටම මොට්ට වුනු මලකඩ කඩුවක් බව මේ රටේ පොඩ් එකාගේ ඉඳ පැහැදිලිව දැන් දන්නා කරුණකි. ඔය කඩුවෙන් කපෙනවානම් කපනට තවත් කල් බැලිය යුතු නැත. කඩුව අරන් ලොකු පොඩි හැම හොරෙක්ම කපනවා කියමින් බලයට ඇවිත් දන් අවුරුදු 3ක් සම්පුර්න වූ වග ජනපතිට අමතක වුවාට ජනතාවට අමතක වී නැත. බැඳුම්කර වංචාව මේ රට හතරගාතෙන් වට්ටනට සමත් වෙද්දී තවමත් මහා බැංකුව තමන් තට ගන්නට තරම් වත් පිටකොන්දක් නැති ඔබ වැනි රාජ්‍ය නායකයකුට කඩුවක් නොවේ ලෝකේ බරපතලම ආයුධය තිබ්බත් වැඩකට නැති වග නොකියාම බැරි සත්‍ය කතාවකි, අඩුම තරමින් පාර්ලිමේන්තුවේ කතා කරන්නට එකී වාර්තාවේ පොටෝ කොපියක් ගහගන්න බැරි නිලධාරීන් ඉන්න ජනාධිපති තුමා ඔබ බව අපි හොඳා කාරවම දන ගෙන ඉන්නෙමු.

3. එජාපය හොරකම් කරාට අපි කරන්නේ නැ ..

මේ ජනාධිපති ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්සේ ඉන්න හැම එකෙක්ම මේ දවස් වල වාදනය කරන ජනප්‍රියම තැටියයි. ජනාදිපති වේදිකාවල හොරුන්ට පලු යන්න බනින කොට හුරේ දාන මිනිස්සු පොඩ්ඩක් හිතලා බලාපියව් දන් රටේ ප්‍රධානියා වේදිකාවේ බැනලා පලු යන්න කැ ගහනවා. උබලත් හුරේ දනවා.. දන් කවුද වැරදි. ජනාධිපති ඉස්සල්ලම දැනගන්න ඕනේ තමන් මේ රටේ ජනාධිපති මිසක පොළොන්නරුවේ ග්‍රාමසේවක කෙනෙක් නොවන වග. මයිලොවේ සිනි වැඩියි කියලා රට වටේ යන ජනාදිපති කෙනෙක් වෙච්ච ඔබතුමා පොඩ්ඩක් හිතලා බලන්නකෝ දන් ඔබතුමා රට වටේ යන්නේ කාව අහරවන්න්ද? කාවද මේ රවට්ටන්න හදන්නේ. මේ ආණ්ඩුව බලයට ආවෙම මේ රට කෑලි කඩලා එක එක පරයට බෙදලා දෙන්නත්, උබලාට කාලයකින් බැරිවුණු හොරකම කරලා ඇරියස් කවර කරගන්නත් කියලා අපි දන් දන්නවා. මහබැංකුව සුද්ද කරලම දානකම් බලාගෙන ඉන්න ජනදිපති කියලා තනතුරක් මොකටද? ලංකාවම විකුණුවාට පස්සේ බොරුවට ස්ට්ජ් වල නැගලා ගිරිය කඩාගෙන කගහන්නේ නැතුව ඔය දීලා තියෙන පට්ටමෙන් වැඩක් ගත්තනම් හොඳ නැද්ද? මොකද රවී රනිල් ඇතුළු බැඳුම්කර නඩේ ඔක්කොම ජනාධිපති යටතේ තමයි වැඩකරේ.. ඒ කට්ටිය ඔබතුමාටත් ගානක් දීලා කට වැහුවේ නැත්නම් මොකටද මෙච්චර වෙනකම් බලාගෙන හිටියේ . අපිටනම් හිතෙන්නේ ඔයාට ජනාධිපතිවෙන්න මැතිවරණ ව්‍යාපාරයේ ණය ටික පියවන මෙහ්හෙයුමත් මේ අස්සේ තිබ්බා කියලයි. නැත්නම් ලංකාවේ පුරවැසියෙක් නොවන මොකෙක්ද එකෙක් ගෙනත් රටේ සල්ලි ඔක්කොම සුද්ද කරන යනකම් ඔබතුමා ජනාධිපති මන්දිරේ පොල් ගාවද ? 

4.දුම්වැටි හා මත්පැන් පාලනය පිලිබඳ පසුගිය රජය දැක්වූ ඇල්මැරුණු ස්වභාය පිළබඳ විවේචනය .

“දුම්කොළ සමගම වල නියෝජිතයන් අරලියගහ මන්දිරයට ගෙනවලා මාව හිට්ටෝලා තියලා ඒ අයව ඉන්දවලා තියලා මගෙන් ප්‍රශ්න කළා . මම සිගරට් පෙට්ටියේ රූපමය අවවාද දාන්න තීරණය කරපුවහම .” මෙයත් ජනාධිපතිතුමා දන් මැතිවරණ වේදිකාවේ පවසන ජනප්‍රිය කතාවකි. මේ කතාව සත්‍ය විය හැක. බොහෝ ආණ්ඩු සමයන්හි දුම්කොළ , විෂ රසායන. හා ඖෂධ සමාගම් වල පදයට නටන අයුරු ශ්‍රී ලාංකික අපිට්‍ය කිසිදු අරුමයක් නොවන්නේ මේ රටේ බොහෝ විනාස එකී බහුජාතික සමාගම් වල උවමනාවට දන දැනම කෙරුණු අසික්කිත දේශපාලන තීන්දු නිසා වූ බවට සාක්ෂි අපි හොඳා කාරවම අදුනන නිසාවෙනි. එකී ප්‍රතිපත්ති එදා එළිපිට සිරිසේන මහතා විවෙචය කිරීම නිසා බොහෝ ප්‍රගතශීලි චන්ද සිරිසේන මහතා ට ලැබෙන්නේ ඒ වටා ඉන්න රනිල්, සම්බන්ධන්, බදුර්දීන් වැනි එවුන් ගැන යම් විවේචනතිබුනත් ජනාධිපති වරයා ලෙස විධායක බලතල ලබාගන්නේ මෛත්‍රී පාල සිරිසේන බැවිනි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ එකී විධායක බලතල රැගෙන කොන්ද කෙලින් තබාගෙන එකී සමගම වලට විරුද්ධව හා රනිල්ලාගේ මේ රටේ සංස්කෘතිය විනාශ කරන , එමෙන්ම මංගල සමරවීර වැනි මෝඩ පහත ලිංගික චුන් වලට දේශපාලන තීරණ ගන්නා වුන්ගේ වැඩ පාලනය කරන ජනාධිපති කෙනෙකි. එසේ නැතිව මයිලොවේ සිනි වැඩියි කියමින් වේදිකාවේ විපක්ෂයේ භූමිකාව රංගන රංගන ශිල්පී ජනපති කෙනෙක් නොවේ. ඉදින් ඒ ජනාධිපති එම වැඩය නියමාකාරයට කරානම් අද ඉස්කෝලෙට කලින් ලංකාවේ බාර් ඇරෙන්නේ නැත, අම්මලාට බාර් එකේ රස්සාවට යන්න පුළුවන් වෙන ඇමරිකන් නීති සම්පාදනය වන්නේ නැත. පැණි බිම ගණන් වැඩි කර වතුර බෝතලේට වඩා අඩුවෙන් බියර බොන්නට දෙන්න ප්‍රතිපත්ති හැදෙන්නේ නැත. ඒ සියල්ල වෙද්දී රෙදි ඇඳගෙන පහුගිය ආණ්ඩුවේ වැරදි කතා කරන්නට එන ජනපතිතුමනි අපි අහන්නේ ලැජ්ජාව කියලා එකක ගැන අම්ම්මා ත්තාතා කවදාවත් කියලා දීලම නැද්ද?

5.පරිසරය සුරකින බවට පුන පුනා පැවසීම

මෙයත් ජනාධිපතිතුමාගේ පිටකොන්ද රහිත බවට තවත් එක් උදාහරණයකි. මේ රටේ වැදගත්ම සම්පතක වන විල්පත්තුව එළිපිට වනසෙනකොට ජනාධිපතිතුමා ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නට තරම් හයියක් නැති එහෙයියෙක් බව ඕනෑවටත් වඩා දන් ඔප්පු වී හමාරය, විල්පත්ටුවෙන් නොනැවතුණු වන වින්ශය කුලමරිප්පු, අන්දරවැව ගලායය, යාල, රිටිගල, සිගිරිය, පුලමරිප්පු, පමණක් නොවේ සිංහරාජයේ පවා වෙද්දී ජනාධිපති නිදි වැදී ඉන්න හැටි ජනතාව බලා සිරින්නේ අප්පිරියාවෙන් බව එලියට බැහැලා බැලුවොත් ඔබතුමාටම පැහැදිලිව දැනගත හැකි බව ජනපතිතුමාටම අපි මතක් කරමින් සිටින්නෙමු.

මෙම ලිපියේ තවත් කොටස් කිහිපයක් අපි පලකිරීමට සුදානම්. අදහස් සඳහා විවුර්තයි. අපේ පිටුවේ පොස්ට් එකට යටින් කොමන්ට් කරන්න . තවත් කතා කිහිපයකට පිළිතුරු ඊළඟ ලිපියෙන්

 

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *