මෛත්‍රී -රනිල්- රිෂාඩ් එකතුව සම්මාන දිනයි. වනාන්තර විනාශයෙන් ලොව ඉහලම තැනට

ස්වීඩනයේ ගෝතන්බර්ග් (Gothanburg Campus -Sweeden) විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකට අනුව වන විනාශය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව තිඛෙන බව පරිසර ක්‍රියාකාරී වෛද්‍ය ප්‍රසන්න කුරේ සඳහන් කරයි.
අද වනවිට ලෝකයේ ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට බලපාන දෙවැනි ප්‍රධානතම සාධකය වන්නේ ලෝකය පුරා සිදුවන දැවැන්ත වනාන්තර විනාශය බවත්, එම විනාශය සිදුකරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙරට සිදුවන වනාන්තර විනාශය නිසා රටේ වන ගහනය මෙරට භූමි ප්‍රමාණයෙන් 16%කට අඩුවී තිඛෙන බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් ආණ්ඩුව සංඛ්‍යා දත්ත පෙන්වමින් රටේ වන ගහනය 26%ක් පමණ බව පුන පුනා පවසමින් රටේ ජනතාවට වැරැදි චිත්‍රයක් මවාපාන බවද හෙතෙම සඳහන් කරයි.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *