ඒඩ්ස් වලට පිලියමක් ලංකාවේ සිසුවෙක්ගෙන් – එරටට එන්න බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අරාධනා

අපට ජීවිතයක් ලැබී තිඛෙන්නේ දිනන්නටයි. එසේ නොමැතිව පරාජයන් හමුවේ පසුබසින්නට නොවේ. ගොඩක් මිනිසුන් තමන්ට ලැබී ඇති ජීවිතය සම්පූර්ණයෙන්ම දිය කර හරින්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු, අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට පමණයි. ඒ අතර එකී සාමාන්‍ය මිනිසුන්ගේ සිතීමේ පරිමාවෙන් එපිටට ගොස් සාමූහික අරමුණක් වෙනුවෙන්, මානව සංහතිය වඩා සුවදායී තත්ත්වයකට පත් කරලීම වෙනුවෙන් සිය ජීවිතය කැප කරන විරල මිනිසුන් ද මෙලොව ජීවත් වේ. ඔවුන් වේදනාවට පත් වී සිටින මිනිසුන් ඉන් මුදවා ගනිමින් මිහිපිට පාරාදීසයක් බවට පත් කරලීමට නිරන්තර සතතාභ්‍යාසයන් සිදු කරයි. එවැනි වූ ශ‍්‍රී ලාංකේය පුත් රුවනක් පසුගිය දා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර පැවැති තරුණ විද්‍යාඥයන්ගේ පරිසරය හා තිරසර සංවර්ධනය සඳහා වූ ඔලිම්පියාඞ් තරගාවලියේ රන් පදක්කමක් හා තරගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් වුණේ ලොවක් පුදුම කරමිනි. ඒ කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත ඩිල්ෂාන් මාලේවන ශිෂ්‍යයායි.
පසුගිය දා මැලේසියාවේ පැවැති තරුණ විද්‍යාඥයන්ගේ ඔලිම්පියාඞ් තරගාවලිය සඳහා AIDS වෛරසය ආසාදනය වීම මැඩ පැවැත්විය හැකි ව්‍යාපෘතියක් ඉදිරිපත් කළ රඛිත ඩිල්ෂාන් සිය ව්‍යාපෘති යෝජනාව සඳහා රන් පදක්කමක් දිනා ගැනීමට හැකි විය. එම රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව ඔහුට ලන්ඩනයේ පැවැත්වෙන තරුණ විද්‍යාඥයන්ගේ විශේෂ සමුළුවකට සහභාගී වන මෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගෙන් ආරාධනාවක් ලැබී තිබේ.
හතළිස් එකකට අධික රටවල් නියෝජනය කරමින් තරුණ පර්යේෂකයෝ 183 දෙනෙක් එම තර`ගය සඳහා සිය ව්‍යාපෘති ඉදිරිපත් කර තිබිණ. එහිදී රඛිත ඩිල්ෂාන් සිය පර්යේෂණ ව්‍යාපෘති හරහා යෝජනා කර තිබුණේ AIDS වෛරසය ධාරක ෙසෙල හා සම්බන්ධ වීම වැළැක්වීම සඳහා වන ප‍්‍රතිකර්මයකි. ඔහු මෙම Aids ඒඞ්ස් සඳහා කරන ලද පර්යේෂණයේ පදනම වූයේ ශාක හෝර්මෝන වර්ගයක් දියුණු කර ඒ හා සම්බන්ධව නැනෝ තාක්‍ෂණය ඔස්සේ ඉලක්කගත ඖෂධයක් නිපදවීමයි. එමෙන්ම ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ AIDS ආසාදනය තුරන් කිරීම සඳහා සම්පූර්ණ ප‍්‍රතිකර්මයක් ඉදිරිපත් කිරීමයි. ශ‍්‍රී ලාංකික තරුණයෙකුගේ හදවතින් නැගෙන මෙකී විශිෂ්ට අරමුණ සැබැවින්ම අප රටක් වශයෙන් අනිවාර්යයෙන් අගය කළ යුතුමය. අප ආඩම්බර විය යුතුය.
එහි විශේෂත්වය වන්නේ දකුණු ආසියාවට ලැබුණු ප‍්‍රථම රන් පදක්කම හා දකුණු ආසියාවේ රටක් විසින් මෙතෙක් කාලයකට ඔලිම්පියාඞ් තරගාවලියේ දිනාගත් ප‍්‍රථම රන් පදක්කම ලෙස වාර්තා පොතට එක් වීමයි. උසස් පෙළ නිම කළ ඔබ ඔහුගේ ජීවිතයෙන් ගත යුතු ආදර්ශය වන්නේ ඔබටත් කළ නොහැක්කක් නොමැති බවයි. අද සිටම ඔබත් උත්සාහ කරන්න.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.