අපේ වැරදි මාධ්යේ දාන එක තහනම් කරන්න – එජාපය මැකොගෙන් ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි දෙයක්‌ සිදුවීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවනවා සේම තවත් පක්‍ෂ කිහිපයකට ඉන් වාසි අත්වන බවද එජාපය දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

මෙම වාර්තාව පදනම් කරගෙන විවිධ විවේචන මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වන බවද තම පක්‍ෂය ඉලක්‌ක කර ඇතැම් පක්‍ෂ චෝදනා ඉදිරිපත් කරන බවද ඔවුන් විසින් පෙන්වාදී තිබේ.මෙමගින් මැතිවරණ ව්‍යාපාරය තුළදී තම පක්‍ෂයට අගතියක්‌ බවද ඔවුන් පෙන්වාදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව බැඳුම්කර ගනුදෙනුවේදී තමන්ගේ පක්ෂයේ සාමාජිකයන් විසින් බරපතල මුල්‍ය වංචා සිදු කර ඇති බවට එජාපය නිල වශයෙන් පිලිගත්තාය්යි අපට පිළිගත හැක

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.