ගංජා ගහනවනම් හම්බෙන වාසි – මනොවෛද්‍ය වරයකුගේ අත්දැකීමක්

ගංජා ගැන ඉස්සර සමාජේ තිබ්බේ එච්චරම හොඳ පිළිගැනීමක් නෙමෙයි. අපි කියන්නේ මෑත කාලීනව අවු 15 කට විතර ඉස්සර. බොහෝ විට ගංජා සැලකුනේ ගොඩාක් හානිකර එකක් විදිහට. එත් මෑත කාලය තුල බොහෝ ගම් වල ගංජා භාවිතය සමාජයේ තරුණ පිරිස් අතර උපරිම තැනට ඇවිත්. එය දැන් කඩේ විකිනෙන සිගරට් එක තරමටම සුලබ  වෙලා. ඔබට ගමේ ගොඩේ ඇවිදලා බැලුවොත් හොයා ගන්න පුළුවන් ග්‍රාමීය පෙදෙස් වල පවා අවු 13 14 සිට ඉහලට බොහෝ තරුණ පිරිස් ගංජා භාවිතාවය සඳහා  තදින් ආසක්ත වී ඇති බව..

මෙසේ වුයේ අයි කියන කාරණය පරික්ෂා කිරීමේදී ගංජා භාවිතාව අනෙක් සිගරට් සහ මත්පැන් වැනි දේ සමග සල්ල්කිමේදී සාපේක්ෂ වශයෙන් හානිකර බැවින් අඩු බවට යම් මතයක් ප්‍රබල ලෙස සමාජ ගත වී තිබෙනවා. අනෙක් අතට කලාව හෝ සියුම් කටයුතු වගේම අවධානම් කටයුතු සඳහා මෙන්ම ලිංගිකත්වය මහන්සි වෙන වැඩ සඳහා ගංජා දිව ඔසුවක් බවට ප්‍රබල මතයක් සමාජ ගත වී තිබෙනවා. එසේම මෙහි වඩාත් වැදගත්ම කාරණය වන්නේ ගංජා භාවිතාව තුලින් වඩාත් හොඳ බුද්ධි මය හැකියාවක් ලබා ගත හැකි බවට බොහෝ පාසල් සිසුන් අතර පවා විශ්වාශයක් පවතින බවට අපි කල යම් යම් සොයා බැලීම් වලදී අනාවරණය වුවා. මෙම .නමුත් මේ පිළිබඳව අපේ විද්‍යාත්මක සාක්ෂි හා අත්දැකීම් මෙන්නම කියන දේ කෙසේවෙතත් අපි අත්දැකීම් ලබා ගත ආකාරය හා දුටු දෙය පදනම්ව එම සිදුවීම් හා තත්වයන් පෙළගැස්වූ විට මෙම මතයන් බොහෝ විට සාවධ්‍ය විය හැකි බවට අපට ඒත්තු ගිය බැවින් අපි මේ පිළිබඳව සොයා බැලුවා.

මේ අතර තුර ශ්‍රී ලංකා යුධ හමුදා සේවය්ය් ඩ දී සිටි කීර්තිමත් වෛද්‍ය වරයකු වන දැනට ඔස්ට්‍ර්ලියාවේ විද්‍යා වරයකු වශයෙන් කටයුතු කරන තම දැනුම සම විටම කිසිදු බේදයකින් තොරව බෙදා ගන්නා මුහුණු පොතේ ජනප්‍රිය නමක් වන වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ ෆේස් බුක් සටහනක් අපි මෙම ලිපිය සඳහා ඉතා වැදගත් බැවින් යුතු බවට විශ්වාශ කෙරු බැවින් එම සටහන මෙතැන් පටන් ඔබට කියවීම සඳහා  දමන්නම්. ඔඅබ මේ සටහන ඉතා හොදින් කියවන්න. ඔබ මෙතෙක් විශ්වාශ කරන ලද යම් කරුණු හා මේවා සසදෙන්නේද?

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කරන ලද සිසුවා ගංජා ප්‍රේරිත සයිකෝසීය තත්වයන් හෙවත් Cannabis Induced Psychosis සලකුණු පෙන්වීය​.ඔහු කොලඹ ප්‍රදේශයේ පාසලකින් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට ගියේය​. එහිදී ඔහුට ජැමෙයිකානු සිසුන් පිරිසක් හමු වෙයි. ඔවුනද එම විශ්ව විද්‍යාලයේ සිසුන් වෙති. ලාංකික සිසුවා ජැමෙයිකානු මිතුරන් සමග විශ්ව විද්‍යාලය ආසන්නයේ නිවසක් කුලියට ගෙන ජීවත් වේ. නිතරම කායා හෙවත් ගංජා පානය කරන ජැමෙයිකානු මිතුරන් ගේ ආශ්‍රයට වැටෙන එකී සිසුවා වරක් ගංජා අත්හදා බලයි. මේ අත්දැකීමෙන් පසු ලාංකික සිසුවා ගංජා පානයට පුරුදු වෙයි. ඔහු දිනපතා ගංජා පානය කරයි.

මෙසේ වසරක් දෙකක් පමණ ගත වන විට ලාංකික සිසුවා තුල ස්මෘතියේ දෝෂ , අඩු අභිප්‍රේරණය​, නෑමේ සහ ශරීරය පිරිසුදු කර ගැනීමේ අඩු අවශ්‍යතාව , සියල්ල එපාවූ ස්වභාවය , අධ්‍යාපනික ගැටළු මතුවේ. ඔහු දෙවන වාර්ශික පරීක්‍ෂණයේදී අසමත් වේ. තම පුතා විභාගයෙන් අසමත් වීම නිසා කළබල වන දෙමාපියන් ඔහුව නිවාඩුවකට ලංකාවට ගෙන්වා ගනිති. ඔහු තුල යම් යම් වෙනස්කම් දෙමාපියන් ද නිරීක්‍ෂණය කරති. පෙරදා විනෝදයෙන් දෙමාපිය සොහොයුරු සොහොයුරියන් සමග කාලය ගත කල ඔහු නිතරම තම කාමරයට වී නිදාගත්තේය​. විනෝදාශ්වාද කෙරෙහි ඔහු උකටලී විය​. එසේම නිරන්තරයෙන්ම ඔහු තුල කිපුණු ස්වභාවයක් ද මානසික අවපාතනයක් ද නිරීක්‍ෂණය විය​.

බලෙන්ම මෙන් දෙමාපියන් ඔහුව වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලද අතර වෛද්‍යවරයා මෙම සිසුවා තුල විශාදයේ ලක්‍ෂණ දැක විශාදයට ප්‍රතිකාර කලේය​. නමුත් ඔහු ඖෂධ ගත්තේ කඩින් කඩය​. දෙමාපියන් ගේ බලපෑම මතය​. මේ හැර ඔහු ජීවත් වූ වීථියේ ත්‍රීවීල් රියැදුරෙක් මිත්‍ර කරවාගෙන ඔහුගෙන් ගංජා මිලට ගෙන දිනපතාම රහසින් පානය කලේය​.

මෙසේ මාස හයක් පමණ ගත විය​. දෙමාපියන් උපාධිය නිම කිරීම සඳහා එංගලන්තයට යා යුතු බව කීවද ඔහු ඒ සඳහා සූදානම් නොවීය​. මේ අතරවාරයේ ඔහු ප්‍රථම වරට මනෝව්‍යාධික රෝග ලක්‍ෂණයක් අත් වින්දේය​. ඔහුට ශ්‍රෝතේන්ඳ්‍රික මනෝ භ්‍රාන්තියක් හෙවත් auditory hallucination නොහොත් මායාකාරී ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය​. මේ නිසා ඔහුගේ චර්‍යාව අසාමාන්‍ය විය​. තම පුතාගේ අසාමාන්‍ය චර්‍යාවන් නිසා දෙමාපියන් ඔහුව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා වෙත ගෙන යන ලදි. එහිදී ඔහුගේ කංසා භාවිතය ගැන ඉතිහාසය හෙලි විය​.

නොකඩවා ලබා දුන් ප්‍රති මනෝව්‍යාධික ඖෂධ මෙන්ම විශාදය යාමනය කරන ඖෂධ නිසා ඔහුගේ තත්වය මඳක් යහපත් විය​. ඊට සමගාමීව මනෝ ප්‍රතිකාරයන් ඇරඹිනි. මෙම සංයුක්ත ප්‍රතිකාර හමුවේ ඔහුගේ තත්වය යහපත් විය​. මේ නිසා යළිත් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔහු එංගලන්තයට ගියේය​. එංගලන්තයේදී මාස හයක් පමණ නියමිත පරිදි අධ්‍යාපනයේ යෙදුනු මුත් යළිත් පැරණි මිතුරන් ගේ සමාගමට එක්වී ඔහු ගංජා පානය ආරම්භ කලේය​. මෙසේ ක්‍රමක් ක්‍රමයෙන් ඔහුගේ මානසික තත්වය අසතුටුදායක වූයෙන් දෙමාපියන් ඔහුව විශ්ව විද්‍යාලයෙන් අස් කරගෙන ලංකාවට ගෙන ආවේය​. දෙවන වරටද අප වෙත ආ මෙම සිසුවා තුල බරපතල ලෙසින් වර්ධනය වූ සයිකෝසීය තත්වය දැක ගන්නට හැකි විය​.

ගංජා පානය සහ මානසික සෞඛ්‍ය ගැන පත්‍රිකාවක් මම Dr. Monday Igwe – Lecturer/Head of Department in Department of Psychological Medicine Faculty of Medicine College of Health Sciences Ebonyi State University, Abakaliki Nigeria සහ Dr M.U.P.K.Peris MBBS, MD(Psych), FSLCPsych, MRCPsych Head and Senior Lecturer in Psychiatry – Faculty of Medicine, University of Kelaniya Sri Lanka Consultant Psychiatrist – North Colombo Teaching Hospital, Ragama Sri Lanka සමග ලියුවෙමි. මේ ගැන ඔබලාගේ අදහස් මොනවාද ? ගංජා විනාශකාරීද ? තහනම් කල යුතුද ?”

අපගේ ගංජා පත්‍රිකාව Read : 
http://transyl2014.blogspot.ca/2017/06/blog-post_24.html

ඔත්තුකරුවා අපි මේ සටහන මෙතනට අදාළ කරගත්තේ කීර්තිමත් වෛද්‍ය වරයකු වශයෙන් මේ වෛද්‍ය වරයාගේ අදහසට යම් පිළිගැනීමක් විද්‍යාත්මකව කරුණු අධ්‍යනය කරන්නෙකුට ලබා ගත හැකි බැවිනි. ඔත්තුකරුවා අපි මෙසේ ගංජා පිළිබඳව එම අවපිඩක ගනයේ ඖෂ්ද වඩාත් හොඳ හා සෞක්‍ය සම්පන්න භාවිතාවක් බවට සාවද්‍ය ලෙස සමාජ ගත වීම සඳහා බලපෑ පහත කරුණු හඳුනාගෙන තිබෙන අතර බලධාරීන් මේ සඳහා වඩාත් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු අතරම යම් යම් මට්ටම් වල සමාජ ක්‍රියාධරයන් වඩාත් ක්රියාශිලිව මේ උවදුර ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු බව මතක් කරන්නෙමු .

තරුණයන් අතර ඉතා ජනප්‍රිය කලාකරුවන් ගංජා භාවිතා කරන හෝ එසේ කරන බවට ප්‍රසිද්ධියේ අඟවන තත්වයක් ඇත. ලංකාවේ කලාකරුවන් මේ පිළිබඳව සැලකිලිමත් වී මෙම මතය සමාජගත වීම වැළැක්වීම සනදහා යම් වැඩ පිළිවෙලක් යෙදිය යුතුය.

මහන්සි වීම සඳහා ගනජා භාවිතාව ඉතා හොඳ පිටුවහලක් වෙන බව බොහෝ දෙනා කල්පනා කරයි. නමුත් භාවිතා කරන ඕනෑම අයෙක් ගංජා භාවිතාවය මුලින්ම සිදු කරන අවධියේදී මහන්සි වීම හෝ ගංජා භාවිතා කර හිටගෙන ඉදිමටවත් අපහසු වූ බව පිගත යුතුමය. කලින් කලට ගංජා වලට ශරීරය ඔරොත්තු දීම නිසා යම් වැඩ ප්‍රමාණයක යෙදිය හැකි වුවත් ගංජා වැනි අවපිඩක ගනයේ රසයනිකායක් හරහා ක්‍රියාශීලි බවක්නම් කිසිවිටකත් ඇති විය නොහැකි බවට පැහැදිලි කර දිය යුතුය.

සමාජ මාධ්‍ය ජාලා වලින් ගංජා භාවිතය දිරිගන්වන පොස්ට් හා ක්‍රියාකාරකම් වැඩි පුර සංසරණය වීම. මෙහිදී ඉහත ලිපියෙන් අනවරනය් වන සිද්දීය වැනි තවත් සිද්දි අපේ සමාජය තුල සිදුවීම කිසිවිටකත් ඉඩ නොතැබිය යුතු බව අවිවාදිතය. එහෙයින් විශේෂයෙන්ම ප්‍රධාන පෙලේ පෙස් බුක් පිටු ඇඩ්මින් වරු මේ පිළිබඳව යම් සැලකිල්ලක් දැක්විය යුතුය. මන්ද යත් අද සිංහල ජාතිය ආගම ගැන බොහෝ සංවේදීව කතා කරන ෆේස් බුක් පිටු ක්‍රියාධරයන් මෙලෙස සමාජය ඉදිඉරියේ ඇති ප්‍රබල විනාශකාරී උවදුරක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රවර්ධනය කිරීම ඉතා ශෝචනීය වේ .

ලිංගික කටයුතු සඳහා ගංජා භාවිතා කිරීම තුලින් යම් වාසියක් අත් වේ යයි පවතින ප්‍රබල දුර්දාන්ත මතය. අවපිඩක නිසා තමාට කාලය බොහෝ සේ දැනෙන නිසා තමන් වැඩි වෙලාවක් සිටි බව සිතන අසරණ කංසා ලෝලිය ගැන කාන්තාව බොහෝ විට අනුකම්පා කරනු ඇත,

තවත් බොහෝ කාරනා මෙහිදී කාරනාවට අදාලව සාකච්චා කල යුතු අතර මේ හරහා ඔත්තුකරුවා අපි විද්වත් සංවාදයක් ඇති කිරීමට අපේක්ෂා කරමු . ඔබ ගංජා ගැන දක්වන මතය අපේ මතයට පක්ෂ හෝ විරුද්ධ වුවත් ඔත්තුකරුවා අපේ වෙබ් අඩවිය ඔබේ අදහස් වෙනුවෙන් විවෘත්තයි.. ලියන්න අපිට oththukaruva@gmail.com

ඔබේ අදහස් අපේ පිටුවේ පොස්ට් එකට පහලින් කොමන්ට් කරන්න.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *