රනිල් ජනාධිපති උනානම් ප්‍රභාකරන් මැරෙන්නේ නැ – එජාප ඇමතිනි දුක් වෙයි

සැමියා මරපු මිනීමරුවෝ වෙනුවෙන් කිබුල් කඳුළු හෙලන චපල භාරිය 

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරිය විජයකලා මහේෂ්වරන් මෙම මස 22 දා යාපනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක්‌ කළේය. දෙමළ ජනතාව 2005 නොවැම්බර් මස එවකට එක්‌සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ පරාජය නොකළේ නම් දෙමළ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔවුන්හට අහිමි නොවන බවය. එලෙසම එම තීරණය හේතුවෙන් 2009 දී දමිළ වැසියන් 200,000 මුල්ලිවයික්‌කාල් භූමියේදී අහිමි වූ බවය. යාපනයේ පළාත් පාලන ආයතනවල නාමයෝජනා භාරදීමෙන් පසුව කළ මෙම ප්‍රකාශයට යාපනයේ පළවන කලේයිකතීර් ණ්ක්සනන්එයසර පුවත්පතේ පළමුවැනි පිටුවේ මෙම මස 23 දා පළවිය. දමිළ මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක කිසිදු දිනක තම ජනතාව වික්‍රමසිංහ පරාජය කළ හේතුවෙන් තම නායකයා තමන්හට අහිමිවූ බව ප්‍රකාශ කර නැත. එලෙසම මුල්ලිවයික්‌කාල් සටනේදී 200,000 ක්‌ දමිළයන් මියගිය බව පවසා නැත.

2011 මැයි මස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආරක්‍ෂක හමුදා විසින් සාමාන්‍ය වැසියන් 40,000 ක්‌ මරණයට පත්කළ බැව් පැවැසුවාට පසු මරණ සංඛ්‍යාව 200,000 ක්‌ ලෙස ප්‍රකාශ කළ පළමු අවස්‌ථාව මෙය බව සිහි තබා ගත යුතුය.

මහේෂ්වරන් මෙම ප්‍රකාශය කිරීම හුදු දේශපාලන අරමුණු මත කළ දෙයක්‌ ලෙස සැලකිය යුතු නැත. යාපන දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය සුළුවෙන් තැකිය යුතු නොවේ. යම් දමිළ දේශපාලනඥයන් සිතා මතා ශ්‍රී ලංකාවට එරෙහිව දුෂ්ට ප්‍රකාශ කරන බව පැහැදිලිය. තම ස්‌වාමිපුරුෂයා ටී. මහේෂ්වරන් කොටහේනේ පිහිටි කෝවිලේ 2008 ජනවාරි 1 වෙඩි තබා මරා දැමූ පසුව ක්‍රියාකාරී දේශපාලනයට එක්‌වූ විජයකලා කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් දේශපාලන වාසි තකා එළිපිට පෙනීසිටින බව රහසක්‌ නොවේ. තම ස්‌වාමියාගේ ඝාතනය කොටි ත්‍රස්‌තවාදියකු කළ බව ඇය දැන සිටියත්, අදටත් එතුමිය ප්‍රභාකරන් වෙනුවෙන් කඳුළු හෙළයි. ටී. මහේෂ්වරන්ගේ ඝාතකයා පොලිස්‌ වෙඩි පහරකින් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා විට අත්අඩංගුවට පත්වන්නේ ඔහුට වෙඩි තැබූ නිලධාරියා ඔහුව හඳුනා ගැනීමෙන් පසුවය. එම වෙඩි තැබීම ඝාතකයා මන්ත්‍රීවරයාට වෙඩි තැබූ සැණින් සිදුවූ බව සිද්ධිය දුටුවෝ පවසති.

විජයකලාට පාර්ලිමේන්තුවට ඒමට අවශ්‍ය ඉඩකඩ ලබාදුන්නේ කොටි ත්‍රස්‌තවාදීන් බව පැහැදිලිය. දමිළ ජනතාවගේ නායක ප්‍රභාකරන් 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණයේදී දමිළ ජනතාව විසින් වික්‍රමසිංහ පරාජය කිරීම නිසා ඔවුන්හට අහිමිවූ බව කියන ප්‍රකාශය ගැඹුරින් විග්‍රහ කළ යුතුව ඇත. 2005 නොවැම්බරයේ සිදු වූයේ කුමක්‌ද? එම සිදුවීම් මාලාවේ පසුබිම විමසා බැලිය යුතුව ඇත. දි අයිලන්ඩ් පුවත්පතේ 2005 නොවැම්බර් මස වික්‍රමසිංහ පැරදවීමේ සිදුවීම් මාලාව පිළිබඳව ලිපි ගණනාවක්‌ පළ කළත් සිංහල මාධ්‍ය තුළ මෙම තත්ත්වය සාකච්ඡාවට භාජන වී නැත. එසේනම් ඒ පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත. මීට කාලයකට පෙර විජයකලා උතුරේ පැවැති උත්සවයකදී ප්‍රභාකරන් කොන්ද ඇති නායකයකු බව පවසා තිබිණි. කොන්ද ඇති ප්‍රභාකරන් 2009 මැයි මස 19 දින පෙරවරුවේ නන්දිකඩාල් කලපු ප්‍රදේශයේදී අවසන් ගමන් යෑවීය.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.