කොළබ ට්‍රැපික් නැත්තටම නැති කරන රාජගිරියේ අහසේ හැදෙන පාර

වාහන තදබදය~ දිවයිනේ නාගරික ප්‍රදේශවල නිරන්තරයෙන් දකින්නට ලැඛෙන සුළභ දර්ශනයක්‌ වී ඇත්තේ බොහෝ කලක පටන්ය. වසරකට ලක්‌ෂ හතක පමණ වාහන සංඛ්‍යාවක්‌ රටේ මහා මාර්ග පද්ධතියට එක්‌වීම, අවිධිමත් රිය ධාවනය සහ ප්‍රමාණවත් මාර්ග පද්ධතියක්‌ නොමැතිවීම ඉහත සඳහන් ලවාහන තදබදයල පිණිස මූලික හේතුවක්‌ වන අතර රථවාහන ධාවනය සඳහා විවිධ සැළසුම් ක්‍රියාත්මක කළ ද ඒ එකකින්වත් ගැටලුවට සාර්ථක විසඳුම් ලබාදීමට තවමත් සමත්වී නැත.

සඳහා විසඳුමක්‌ ලෙස රටේ ප්‍රධාන නගර කීපයක්‌ මුල්කර ගනිමින් මහා මාර්ග අමාත්‍යාංශය විසින් ගුවන් පාලම් ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව රාජගිරිය, ගනේමුල්ල පොල්ගහවෙල නගර මුල්කර ගනිමින් ගුවන් පාලම් තුනක්‌ ඉදිකිරීමට රජය විසින් කටයුතු කරනු ලබන්නේය. ඒ අතරින් රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර එය සුවිශේෂී ඉදිකිරීමක්‌ බවට පත්ව ඇත්තේ කරුණු කාරණා කීපයක්‌ මුල්කර ගනිමින්ය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු පරිපාලන නගරයට පිවිසෙන ප්‍රධානතම දොරටුව ලෙස රාජගිරියට හිමිවන්නේ සුවිශේෂී තැනක්‌ය. රජයේ පාරිපාලන අයතන රැසක්‌ පිහිටා ඇති බත්තරමුල්ල නගරය, කොල්ලුපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, වැලිකඩ, නාවල බොරැල්ල, ඇතුළු ප්‍රදේශ රැසකට පිවිසීමට ඇති ප්‍රධානතම පිවිසීමක්‌ වන රාජගිරිය නගරය යනු නිරන්තරයෙන් වාහන තදබදය විසින් හෙම්බත් කරවන ලද නගරයක්‌ය.
ඊට විසඳුමක්‌ ලෙස මේ වනවිට වැඩ නිමවෙමින් පවතින රාජගිරිය ගුවන් පාලම වැඩ ආරම්භ කරන ලද්දේ වර්ෂ 2016 වු අප්‍රේල් මස 19 වන දිනය. ස්‌පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතියක්‌ යටතේ එරට රජයෙන් ලබාදුන් ආධාර මගින් ක්‍රියාත්මක එම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල රු. මිලියන 4514. 77 කි. ලොව දියුණුම රටවල පවතින ඉදිකිරීම් තාක්‌ෂණය අනුව යමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන අතර මෙම ගුවන් පාලම කෙටි කලක්‌ තුළ ඉහළම ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීමට හැකිවීම සුවිශේෂී කරුණක්‌ය. මේ වනවිට එහි ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අතර ඉදිවෙමින් පවතින රාජගිරිය ගුවන් පාලම මංතීරු හතරකින් සමන්විතය. පාලමේ සමස්‌ත දිග ප්‍රමාණය මීටර් 533.2 ක්‌ වන අතර ඒ සඳහා මිටර් 180 කින් සමන්විත පිවිසුම් මාර්ගයක්‌ද එක්‌කොට ඇත. ගුවන් පාලමට සමාන්තර අයුරින් පදික වේදිකා දෙකක්‌ ද ඊට ඇතුළත් වන අතර එහි වැඩ කටයුතු නිමාවට පත් වෙමින් ඇත්තේ අනාගත ලෝකයට ගැලපෙන අයුරින් දේශීය මාර්ග පද්ධතිය නවීකරණය කිරීමේ මූලික අරමුණින් යුතුවය.

නුදුරේදී ජනතා අයිතියට පැවරීමට නියමිත රාජගිරිය ගුවන් පාලම ඉදිවීම තුළ කාර්යාලීය වේලාවන් තුළදී සහ ඉන් අනතුරුවත් රාජගිරිය ප්‍රදේශයේදී දකින්නට ලැඛෙන අධික වාහන තදබදය බොහෝදුරට නිමාවට පත්වීමට ඉඩ කඩ විවරවනු ඇත.

රටක්‌ සංවර්ධනය කරා ගමන් කිරීමේදී ~කාලය~ වැදගත්ම සාධකයක්‌ බව අවිවාදිතය. එදිනෙදාට ගමන් පහසුව ලබා ගැනීමේදී කොළඹ නගරය තුළදී මුහුණපෑමට සිදුවන මාර්ග තදබදය හේතුවෙන් සිදුවන ලකාල නාස්‌තියල ට විසඳුමක්‌ ලැබීම යනු ආර්ථිකයට මෙන්ම රටේ සංවර්ධනයට ද යම් වටිනාකමක්‌ හිමිවීමක්‌ය. ලොව දියුණුතම ගුවන් පාලම් තාක්‌ෂණය සහිතව ඉදිවන රාජගිරිය ගුවන් පාලම ඉදිවීම තුළ මෙතෙක්‌ කලක්‌ කොළඹ නගරය තුළ පැවැති මාර්ග තදබදය සඳහා සාර්ථක විසඳුම් ලැඛෙනු ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *