හෙළුවෙන් ඉන්න ආස හිතෙන ඉක්මනින් මරණය ගේන බිහිසුනු මත් පෙත්තක්

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මත්ද්‍රව්‍ය වැඩිපුරම භාවිතා කරන රටවල් අතරින් අපට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. ඒ තරමටම වර්තමානයේ ජීවත් වන ජනතාව ජාති, කුල, ආගම් භේදයකින් තොරව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටිති. මෙහි ඇති බරපතළම කරුණ වනුයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වන හෙරොයින්, හසීස්‌, කොකේන්, ටැබ්ලට්‌ වැනි අති භයානක මත්ද්‍රව්‍ය භාවිත කරන තරුණ තරුණියන් වැඩි වී සිටීමයි. ඒ අතර පාසල් සිසුහු ද සිටිති.

දිනපතාම පාහේ රටේ සිව් දෙසින් ඉහත සඳහන් කළ ආකාරයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සිරගත වන තරුණ තරුණියන් ගැන අසන්නට ලැබේ. එසේ නොමැති වුවහොත් එවැනි මත්ද්‍රව්‍ය තොග පිටින් ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් සිද්ධීන් ගැන වාර්තාවේ. වර්තමානය වන විට රටේ තත්ත්වය එලෙසය.

පසුගිය දිනක මෙරටට ගෙන්වූ තවත් අලුත්ම ආකාරයේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්‌ ගැන අපට අසන්නට ලැබිණි. එය හඳුන්වන්නේ යබා (yaba) යන නාමයෙනි. දැනට ලැඛෙන තොරතුරුවලට අනුව එම නීති විරෝධී මත් පෙති වැඩිපුරම භාවිතා කරන්නේ තායිලන්තය, මැලේසියාව සහ බංගලාදේශය යන රටවල්වලයි. ඇමරිකාව තුළින් ද යබා නමැති නීති විරෝධී මත් පෙති සොයාගත හැකිය. එයින් හැඟවෙන්නේ ඇමරිකන් තරුණ තරුණියන් මෙයට ඇබ්බැහි වී ඇති බවයි.

යබා (yaba) හෙරොයින්වලටත් වඩා අති භයානක මත් පෙත්තකි. මෙම එක මත් පෙත්තක්‌ කිසිදු අපහසුතාවකින් තොරව දස දෙනකුට පමණ භාවිත කළ හැකිය. මෙයින් ඇතිවන මත් ගතිය පැය 8 ක 10 ක පමණ කාලයක්‌ ශරීරය තුළ තිබේ. නිල් සහ රතු පාටවලින් යුක්‌ත මෙම මත් පෙති භාවිත කරන සමහරු නිර්වස්‌ත්‍රව සිටීමට ද කැමැත්තක්‌ දක්‌වති.

මාස කිහිපයක්‌ පමණ මෙම අති භයානක මත් පෙත්ත භාවිත කළහොත් අනිවාර්යයෙන්ම ඔහුගේ අක්‌මාව ඉදිමී වකුගඩු සුව කළ නොහැකි ආකාරයට විනාශ වෙයි. එයට අමතරව තව අතුරු රෝග රැසක්‌ ද ඉතා කෙටි කලක්‌ තුළදී වැළඳේ. එයට හේතුව වන්නේ මෙම මත් පෙත්ත නිපදවීම සඳහා යොදාගන්නේ මිනිස්‌ ශරීරයට ඉතාමත් අහිතකර ද්‍රව්‍යයන් නිසාය.

මෙතරම් අති භයානක මත් පෙත්ත ලංකාව තුළට ද වර්තමානය වන විට ගෙන්වා තිබේ. එය දැනගැනීමට හැකි වුණේ බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාස නිලධාරියකුගේ දක්‍ෂතාව මතයි.

බස්‌නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරියකු වන මොහුට යබා (yaba) නමැති මෙම මත් පෙති පිළිබඳ තොරතුරු ලැඛෙන්නේ දැනට මාස කිහිපයකට ඉහතදීය. මෙම නිලධාරියාගේ තොරතුරුවලට අනුව මීට පෙර අවස්‌ථා කිහිපයකදීම නීති විරෝධී මත්ද්‍රව්‍ය තොග පිටින් අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශවලට හැකි වූහ. දැනට මසකට පමණ ඉහතදී කොටහේන ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 26 ක්‌ අත්අඩංගුවට ගත්තේ ද මෙම නිලධාරියාගේ තොරතුරකට අනුවයි.

රංග පිරිස්‌ මෙරටට නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වන්නෙකි. පාතාලය සමඟ ඍජුවම සම්බන්ධතා ඇති මොහු මෙරට අංක එකේ දාමරිකයෙකි. දැනට මාස කිහිපයකට ඉහතදී ගණේමුල්ල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 220 ක්‌ අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒවා මෙරටට ගෙන්වා ඇත්තේ ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින්ය.

රංග නමැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට තවත් එවැනිම ආකාරයේ ජාවාරම්කරුවකු හඳුනා ගැනීමට හැකි වූයේ එක්‌තරා තැනකදීය. ඒ ඔහු විදේශ රටවල් වලින් විවිධ වර්ගයේ නීති විරෝධී මත් පෙති මෙරටට ගෙන්වා විකුණන්නෙකි. එම මිත්‍රත්වය මත රංග ද ඔහු හරහා එවැනි මත් පෙති මෙරටට ගෙන්වා තම ගෝල බාලයන් දමා විකුණුවේය.

අකලංක පීරිස්‌ මෙරට අධිකරණයක ලිපිකරුවකු වශයෙන් රැකියාව කරයි. එලෙසම ඔහු රංගගේ ඥති සහෝදරයෙකි. අධිකරණයේ සේවය කළත් ඔහු ද තම සහෝදරයා මෙන් අපතයෙකි. ඔහු තම සහෝදරයා සමඟ එකතු වී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණයි.

චාමර පීරිස්‌ රංගගේ එක කුස උපන් සහෝදරයාය. හරි හමන් රැකියාවක්‌ නොකළ ඔහු ජීවත් වුණේ ද තම සහෝදරයා සමඟ එකතු වී නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණමින්ය. පෑලියගොඩ නගර සභාව පිටුපස ඇති කොටපටවන වත්තේ මොහු තාවකාලිකව පදිංචි වී සිටී.

යබා (yaba) නමැති මාරක මත් පෙත්ත ගැන ද මොහුට දැනගන්න ලැබුණේ මිතුරකු මාර්ගයෙනි. ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී ඔහු හට දැන ගන්නට ලැබුණේ එම මත් පෙත්ත මෙරට නොමැති බවයි. ඒ අනුව මෙම අපතයෝ යබා නමැති මාරක මත් පෙත්ත මෙරටට ගෙන්වීමට සැලසුම් කළහ.

පළමුව සාම්පල් ලෙස යබා මත් පෙති කිහිපයක්‌ රංග ගෙන්වා ගත්තේය. ඉන් පසු ඔහු ඒවා මෙරට ප්‍රචලිත කිරීම සඳහා හිත මිතුරන් කිහිපදෙනකුට නොමිලයේ ඛෙදා දුන්නේය. පාතාලයේ සම්බන්ධතා ඇති කොහිලවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියෑදුරකුට ද මොහු මෙම මාරක මත් පෙති කිහිපයක්‌ ලබා දුන්නේය.

කොහිලවත්ත ප්‍රදේශයේ එවැනි මත් පෙති භාවිත කරන කිහිප දෙනකුට ඔහු යබා මත් පෙත්ත නොමිලයේ ලබා දුන්නේය. ඒ සමඟම ඉහත සඳහන් කළ බුද්ධි අංශ නිලධාරියාට මේ බව දැනගන්න ලැබිණි. ඒ පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙනි. ඉන් පසු එම නිලධාරියා දිවා රෑ නොබලා මාසයක්‌ පමණ මේ සම්බන්ධයෙන් තොරතුරු සෙව්වේය.

මෙම ජාවාරම්කරුවන්ගේ අරමුණ වී තිබුණේ රාත්‍රි සමාජ ශාලාවලට ද බීච් පාටි ආදී සාදවලට සහ පාසල් ළමුන් ඉලක්‌ක කර ගනිමින් මෙම මත් පෙති විකි”මටයි. ඉතා සූක්‍ෂම ලෙස ඒවා විකි”මට ද මොවුන් සැලසුම් කර තිබිණි. එහෙත් බුද්ධි අංශ නිලධාරියාගේ ඇසට වැලි ගසා මෙම ජාවාරම කරගෙන යැමට ඔවුනට නොහැකි විය. ඒ වන විටත් ඔහු මෙම මත් පෙති ජාවාරම ගැන බොහෝ තොරතුරු සොයාගෙන තම ඉහළ නිලධාරීන්වද දැනුවත් කර තිබිණි.

නීති විරෝධී ලෙස විකි”ම සඳහා රංග යබා(yaba) මත් පෙති 7500 කට අධික ප්‍රමාණයක්‌ ගෙන්වා තිබිණි. එම එක පෙත්තක්‌ විකුණන්නේ රුපියල් 3000 ක පමණ මුදලකටය. ඔහු එම පෙති තොගය චාමර සහ අකලංකට ලබා දුන්නේ විකි”ම සඳහාය. පසුව එම මත් පෙති තොගය පෑලියගොඩ කොටපටවන වත්තේ චාමරගේ නවාතැන් පළේ සඟවා තිබිණි.

ඉතා සූක්‍ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩ කළත් බුද්ධි අංශ නිලධාරියා ඊටත් වඩා සූක්‍ෂම අයුරින් කටයුතු කර මෙම සියලු තොරතුරු සොයාගෙන තිබිණි. වහාම ඉහළ නිලධාරීන් දැනුවත් කළ ඔහු තවත් නිලධාරීහු කිහිප දෙනෙක්‌ සමඟ ගොස්‌ අති භයානක මත් පෙති තොගය සමඟ චාමර සහ අකලංක අත්අඩංගුවට ගත්හ.

යබා (yaba) නමැති මෙම අති භයානක මත් පෙති වර්ගය මෙරටදී හමුවූ පළමු අවස්‌ථාව මෙයයි. ඉතා ඉක්‌මනින් මරණය කරා රැගෙන යන මෙම මත් පෙති 7564 ක්‌ එම නිලධාරීහු අත්අඩංගුවට ගෙන තිබුණහ. රටේ තරුණ පරම්පරාව විකෘති කර ඉක්‌මනින් මරා දැමීම සඳහා මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෙනෙන ජාවාරම්කරුවන්ට දැනට පවතින නීතිය වෙනස්‌ කර හෝ දැඩි දඬුවම් දිය යුතුය.

බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාස අධ්‍යක්‍ෂ රෝහාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත එම කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අරුණ චන්ද්‍රපාල, ප්‍ර.පො. පරීක්‍ෂක නිහාල් පෙරේරා, බුද්ධි නිලධාරීන් වන නිශ්ශංක ගාමි” කුමාරසිංහ, ළහිරු සහ සම්පත් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

දිවයින පුවත් පත වෙතිනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.