පොස්ට් එකක් ෂෙයාර් කරන්න දන්වනම් ආණ්ඩුවේ ඔන්ලයින් ජොබ්

එළබෙන මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විසින් ෆේස් බුක් කැම්පේන් ගෙන යාම සනදහා දීප ව්‍යාප්තව ෆේස් බුක් ක්‍රියා ධරයන් බඳවා ගැනීමට වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා. පසුගියදා කොලබ සුගතදාස ක්‍රීඩාංගනයේ පවතී අපේක්ෂක රැස්වීමේදී මේ සඳහා අදාළ අයවලුන් බඳවා ගැනීම සනදහා අවශ්‍ය පත්‍රිකා පවා බෙදා දී තිබුනා . මේ හේතුව නිසා බොහෝ විට ඉදිරි කාලය තුල ෆේස් බුක් එක තුල වැඩි වශයෙන් ආණ්ඩු පක්ෂයට හිතවාදී පොස්ට් පළවීමට හැකිය. මන්ද යත් යම්තමින් කොමන්ට් එකක් දැමීමට, නැතිනම් ෆෝස්ට් එකක් සේයාර් කිරීමට තරම් දැනුමක් ඇති අයවලුන්ට පවා කියක් හෝ හොයා ගැනීමට මේ ව්‍යාපාරයට එකතු විය හැකි නිසයි. රටේ කිසිදු ගැටලුවක් ගැන සංවේදී නොවී රට විකුණුවත් තමන්ගේ බඩට කියක් හෝ වැටෙනවානම් ඔහේ බකන් නිලාගෙන ඉන්න පුළුවන්, මුදලට කඩේ යන්න ඕනෑම දෙයක් කිරීමට සුදානම් ෆේස් බුක් පිටු ගිණුම් ඉදිරි කාලය තුල වැඩි වැඩියෙන් ඇතිවිය හැකි බව පැහැදිලිව පෙනේ.

ඔබටත් රට ජාතිය ආගම පිලිබඳ කිසිදු සංවේදී භාවයක් නතිනම් යන්තමින් පොස්ට් එකක් ෂෙයාර් කරන්නට දැනුමක් ඇතිනම් එකතු වන්න ආණ්ඩුවේ ෆේස් බුක් බලකායට .. මේ තිබෙන්නේ එසේ මෙවර පළාත් පාලන අපේක්ෂකයන් හට බෙදා දුන් පත්‍රිකාවකි

ඉදිරි කාලය තුල ෆේස් බුක් තුල සොච්චමකටකහින ෆේස් බුක් ක්රියාධාරින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන වැඩ ටික බලාගන්නට හැකිය. ඊට කලින් හැමෝම දැනුවත් වෙන්න මේ පොස්ට් එක ෂෙයාර් කරන්න

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *