ලොව හැමෝටම කලින් ගුවන් යානා හැදු හෙළයන් ගැන පුරාවිදු සාක්ෂි හමුවෙයි

අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා වෙහෙස වෙයි. අපට ආගන්තුක, මේ නව ක්ෂේත්‍රය ගැන ඒ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්නට අප අදහස් කළේ එය රසවත් කරුණුවලින් පිරිපුන්වූ බැවිනි. එමෙන්ම එය ඔබට නව දැනුමක් ලබාදෙන්නට සමත් විෂය ධාරාවක් ලෙසින්ද හඳුන්වා දිය හැකිය.

ප්‍රශ්නය• අපට ආගන්තුක ගුවන් පුරාවිද්‍යා ක්ෂේත්‍රයක් ගැන ඔබ කතා කරනවා. ඒ පිළිබඳ පර්යේෂණයක නියැලී සිටිනවා. ගුවන් යානා තාක්ෂණය කොහොමද පුරාවිද්‍යාව සමඟ සම්බන්ධ වෙන්නේ?
පිළිතුර• පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ අතීතයේ ජීවත් වුණු මිනිසුන්ගේ වෙනස්වීම් අධ්‍යයනය කිරීමක්. මිනිසුන්ගේ සිතුම් පැතුම් විවිධ හේතු නිසා කලින් කලට වෙනස් වෙනවා. අධ්‍යයනයන් කරන විට අපට පෙනෙනවා∙ ශිෂ්ටාචාර ඇති වෙනවා. කලක් පවතිනවා. පසුව නැතිවෙනවා. ඒ ශිෂ්ටාචාරවල ජීවත්වුණු මිනිස්සු දියෙන්, ගොඩබිමෙන් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගත්තා. ඔවුන් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගනිද්දී උඩු ගුවන භාවිතයට ගත්තේ නැහැ කියලා කාටවත්ම කියන්න බැහැ. අතීතයේ ජීවත්වුණු මිනිසා අත්පත් කරගෙන තිබුණු ගුවන් යානා තාක්ෂණය කෙබඳුද කියන ගැටලුව මතුවන්නේ මෙතැනදී.
ප්‍රශ්නය• අතීතයේ ජීවත් වුණු මිනිසුන්ට ගුවන් යානා තාක්ෂණය පිළිබඳ දැනුමක් තිබුණා කියලා තහවුරුවෙලා තිඛෙනවාද?
පිළිතුර• ඔව්∙ පැහැදිලිවම එය තහවුරුවෙලා තිඛෙනවා.
ප්‍රශ්නය• එවැනි තහවුරුවක් ලැබී තිඛෙන්නේ කවර සාක්ෂි පදනම් කරගෙනද?
පිළිතුර• ගුවන් යානා තාක්ෂණයට සම්බන්ධ රූප සටහන් ඊජිප්තුවේ ගීසාහි පිරමිඩ්වල සටහන්ව තිඛෙනවා. අජන්තා එල්ලෝරා ගුහාවල රාවණාගේ ගුවන් යානා තාක්ෂණය ගැන සඳහන් සිතුවම් දක්නට ලැඛෙනවා. ලෝකයේ ඇතැම් ස්ථානවල කෙරුණු කැ”ම්වලදී ගුවන් යානා ආකෘති සොයා ගන්න විද්‍යාඥයන් සමත්වෙලා තිඛෙනවා. අඩු වැඩි වශයෙන් ලොව සෑම ශිෂ්ටාචාරයක් සම්බන්ධයෙන්ම ගුවන් යානා තාක්ෂණයට සම්බන්ධ කිසියම් දෙයක් සොයාගන්න විද්‍යාඥයන් සමත්ව තිඛෙනවා කිව්වොත් නිවැරදියි.
ප්‍රශ්නය• ගුවන් පුරාවිද්‍යාවට සම්බන්ධ ලිඛිත සාක්ෂි කිසිවක් ලොව කිසිම තැනෙක නැද්ද?
පිළිතුර• මා දන්නා තරමට ගුවන් පුරාවිද්‍යාවට සම්බන්ධ හොඳම ලිඛිත සාක්ෂි තිඛෙන්නේ ආසියාවේ. එහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, ටිඛෙටය වැනි රටවලට විශේෂ තැනක් හිමිවෙනවා.
ප්‍රශ්නය• ඒ කියන්නේ අතීත ශ්‍රී ලංකාවේ ගුවන් යානා තාක්ෂණය තිබුණු බවට ලිඛිත සාක්ෂි පවතිනවා කියන කාරණයද?
පිළිතුර• ඔව්. එම ලේඛන ලංකාව පාදක කරගෙනම ලියැවුණු ඒවා නොවෙයි. නමුත් ගුවන් යානා තාක්ෂණය පුරාණ ශ්‍රී ලංකාවේ පැවැති බව ඒවායෙහි සඳහන් වෙනවා.
ප්‍රශ්නය• ගුවන් පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂණයක නියැලෙන්නෙකු හැටියට ඒ ලිඛිත සාක්ෂි පරිහරණය කරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවාද?
පිළිතුර• ඔව්, එවැනි ලිඛිත සාක්ෂි රැසක් මා සතුව පවතිනවා.
ප්‍රශ්නය• එම ලේඛන මොනවාද?
පිළිතුර• එකක් තමයි∙ ~වාල්මිකීගේ රාමායනය~. ප්‍රේම වෘත්තාන්තයක්, රාමායණයෙහි සඳහන් වුවත් ලංකාවේ පැවැති ගුවන් යානා තාක්ෂණය පිළිබඳ තොරතුරු එහි අඩංගු වෙනවා. ~විමාන ශාස්ත්‍රම්~ කියන කෘතිය තව එකක්. විමාන ශාස්ත්‍රම් යන්නෙහි අර්ථය ගුවන් යානා තාක්ෂණය යන්නයි. සංස්කෘතයෙන් ලියැවුණු ~ලංකා තරණ~, මහායානා බුද්ධාගමට සම්බන්ධවූත්, ද්‍රවිඩ බසින් රචනා වී තිඛෙන්නාවූත් ~මාමල්ගෛ~ මෙන්ම ද්‍රවිඩ බසින් ලියැවී ඇති ~මනිමේකලායි~ යන කෘති. ඒ හැරුණු විට මහාභාරත්හි ඇතැම් තැනකත්, භගවත් ගීතාවෙහිත්, අල් කුරාණයෙහිත් (ලයිලාටුල් පරිච්ඡේදයේ), බුදු දහමෙහි එන විවිධ සූත්‍ර පිටකවලත් ගුවන් යානා පිළිබඳව තොරතුරු සඳහන්වෙලා තිඛෙනවා. උපනිෂද්, මනුස්මෘති සහ ෂිව්පුරාණ් යනු ඒ පිළිබඳ තොරතුරු සඳහන් තවත් කෘති කිහිපයක්.
ප්‍රශ්නය• පුරාණ ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ගැන මේ කෘතිවලින් කිසිවක ඍජුවම කරුණු සඳහන් වෙනවාද?
පිළිතුර• ඔව්, මෙහිදී නිදසුනක් හැටියට රාමායනය ගන්න පුළුවන්. රාමායනයේ හත්වන පරිච්ඡේදයේ 11 වැනි කව ~සුන්දර් කන්ද~ වශයෙන් දැක්වෙනවා. එහි සඳහන් වෙනවා∙ හනුමා ලංකාවට එනවිට ලංකාවේ ගුවන් තොටුපොළ තිබුණු හැටි, ඒවායේ ගුවන් යානා නවත්වලා තිබුණු අන්දම, එම යානාවල තටුවල ශක්තිමත් භාවය, දිස්නය ආදිය ගැන. එයට කලින් හනුමා එවැනි විශාල යානා දැක නොතිබුණු බවත් සඳහන් වෙනවා. මේ රටේ ගුවන් යානා, ගුවන් තොටුපොළ නොතිබුණා නම් වාල්මිකී ඒ දැනුම රාමායනයට ඇතුළත් කරන්නේ කොහොමද කියලා තර්ක කරන්න පුළුවන්.
ප්‍රශ්නය• හනුමා දුටු ඒ ගුවන් යානා නවතා තිබුණේ ලංකාවේ කවර ස්ථානවල ද කියලා අනුමාන කරන්න පුළුවන්ද?
පිළිතුර• හනුමා ලංකාවට පැමිණෙන්නේ තලෙයි මන්නාරම හරහා. හනුමන් පාලම, ආදම්ගේ පාලම හැටියට හැඳින්වෙන්නේ එම ස්ථානය. එතැනින් හනුමා, තල් අඩිවලට ළඟා වෙනවා. තල් අඩි කියන්නේ හනුමාගේ තාවකාලික නැවතුම් පොළක්. ජනශ්‍රැතියේ සඳහන් වෙන්නේ හනුමා රූමස්සල කන්ද දෙසට ඉන්පසුව පැමිණෙන බවක්. මෙරට තිබුණු ගුවන් තොටුපළ හනුමා දකින්නේ ඒ අවස්ථාවේදී. අනෙක් පැත්තේ අශෝක කඳු වැටිය තිබුණු බව විස්තර කෙරෙනවා. හනුමා දුටු ඒ ගුවන් තොටුපොළ කිහිපය තිබුණේ කවර ස්ථානවල ද කියලා∙ මා හඳුනාගෙන තිඛෙනවා. එකල මෙරට ස්ථාන හයක ගුවන් තොටුපළ තිඛෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. කුරුණෑගල – වාරියපොළ, මාතලේ – වාරියපොළ, ගුරුළුපොත, වේරගංතොට, තොටුපොල කන්ද සහ උස්සන්ගොඩ යනු ඒ ස්ථාන හයයි. එකී ස්ථානවල ගුවන් තොටුපොළ තිඛෙන්න ඇත්තේ මන්ද කියා තවදුරටත් තහවුරු කරගත හැකි වන්නේ අතීතයේදී මෙරටට බලපෑ සුළං ධාරා පිළිබඳව අධ්‍යයනය කිරීමකින් පසුවයි.
ප්‍රශ්නය• අතීත ශ්‍රී ලංකාවේ ගුවන් තාක්ෂණය ගැන කතා කරන්න මෙවැනි ලිඛිත සාක්ෂි පමණක් ප්‍රමාණවත්ද?
පිළිතුර• නැහැ. ඒ හැරුණු විට අපේ ජනශ්‍රැතියේ එන කාරණාත් මෙහිදී වැදගත් වෙනවා. එපමණක් නොවෙයි∙ කැ”ම් කටයුතු හරහා කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ මාර්ගයෙන් ගන්න තොරතුරුත් මේ විෂය ගොඩනැඟීම සඳහා ඈඳා ගත යුතුයි.
ප්‍රශ්නය• අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණයට සම්බන්ධ දෑ අපේ ජනශ්‍රැතියේ ද අන්තර්ගත වී තියෙනවා කියන කාරණය ද ඔබ කියන්නේ?
පිළිතුර• ඔව්, එවැනි තොරතුරු අපේ ජනශ්‍රැතියේත් තියෙන්න පුළුවන්. අපි ඒවා එකතු කරගෙන පර්යේෂණයට ලක් කළ යුතුයි. ජන කොටසකගේ සිතුම් පැතුම් ඒ ජන කොටසට අයත් ජනශ්‍රැතිය තුළ තිඛෙනවා. විශ්වය තුළ තිඛෙන දැනුමට එහා ගිය දැනුමක් ජනශ්‍රැතියට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා යම් පුද්ගලයකු ඔහුගේ සමාජය තුළ ජීවත්වන විට ලබාගන්නා දැනුම ඒ සමාජයේ මුල් බැසගත් මූලාශ්‍රවලට සම්බන්ධයි. උදාහරණයක් හැටියට සීගිරියේ ජීවත්වන කෙනෙකු ගැන හිතන්න. ඔහු දන්නා තරම් සීගිරිය සම්බන්ධ ජනකතා, ජනප්‍රවාද, සම්ප්‍රදායන් අපි දන්නේ නැහැ. පුරාණ ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය පිළිබඳවත් ජනශ්‍රැතිය තුළ කරුණු තිඛෙන්න පුළුවන්. අපි ඒවා එකතු කරලා සංරක්ෂණය කළ යුතු වෙනවා.
ප්‍රශ්නය• ජනශ්‍රැතිය තුළ තිඛෙන එවැනි කාරණා වත්මන් ජනයාගෙන් අද එළි දැක්වෙන්නේ කොහොමද?
පිළිතුර• කිසියම් ප්‍රදේශයක භාවිතයට ගැනෙන සංකේතයක, පුද පූජා විධියක අන්තර්ගත වෙන්න පුළුවන්. කිසියම් තැනෙක තිඛෙන චිත්‍රයක, සටහනක එවැන්නක් පවතින්න ඉඩකඩ තිඛෙනවා. ජන කතාවක, ජන කවියක වුණත් පුරාණ ගුවන් යානා තාක්ෂණයට සම්බන්ධ කාරණා ඇතුළත් වෙලා තිඛෙන්න පුළුවන්. එවැනි කාරණා ගැන කිසිවක් දන්නවා නම් මා වෙත යොමුකරන්න කියලත් මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මා ආරම්භ කර තිඛෙන අඅඅ.්්ිරසක්බන්.ජදප වෙබ් අඩවියට එවැනි තොරතුරු සිංහල හෝ ද්‍රවිඩ හෝ භාෂාවලින් යොමු කරන්න පුළුවන්. Aඩස්එසදබ Aරජය්ැදකදටහ ීරස ඛ්බන් – ෆෙස් බුක් ෆෑන් පේජ් එකටත් ඒ තොරතුරු යොමු කළ හැකිය. එහෙම නැත්නම්, ර්‍ණසිරිපති” නිවෙස, අංක 404, වනවාසල, කැලණිය යන ලිපිනයට ලියා දන්වන්නත්, 0712501063 යන දුරකතන අංකයට කතා කර දන්වන්නත් ඔබට ඉඩකඩ තිඛෙනවා.
ප්‍රශ්නය• මෙරට ගුවන් තොටුපොළ තිබුණායැයි කියන ඒ ස්ථාන ආශ්‍රිතව එවැනි පර්යේෂණයන් කිසිවක් මේ දක්වා සිදු වී නැද්ද?
පිළිතුර• අමෙරිකා ජාතික පර්යේෂකයන් කණ්ඩායමක් වරක් එවැනි පර්යේෂණයක නියැළුණු බව මට දැනගන්න ලැබුණා. ඒ අනුව ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ රසදිය සම්බන්ධ කර තනාගත් ඇන්ජිමක් සහිත යානයක් රාවණා භාවිතයට ගෙන තිඛෙන බවක්. එය ඉතා වැදගත් පර්යේෂණයක් හැටියට මා දකිනවා.
ප්‍රශ්නය• ඔබ මේ විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමේ සහ පෝෂණය කිරීමේ අවසාන බලාපොරොත්තුව කුමක්ද?.
පිළිතුර• රට සංවර්ධනය කරන්න අපට තාක්ෂණය, ප්‍රාග්ධනය නැහැ කියලා අපි මැසිවිලි නඟනවා. අපි හැමකෙනෙකුම හීන මවන්නේ අපේ රට දියුණු තත්ත්වයකට රැගෙන එන්න. පසුගිය දශක අටක නවයක කාලය පුරාම අපෙන් එය පිළිබිඹු වුණා. ඉතින් නව විෂය ක්ෂේත්‍රය අප කාටත් හොඳ ප්‍රවෘත්තියක්. අපට තාක්ෂණය තියෙනවා. එය අප අනාවරණය කරගත යුතුයි. අනෙක් වැදගත් කාරණය, සමාජ මාධ්‍යය භාවිතය තුළ අපේ ජනශ්‍රැතියේ තිඛෙන බොහෝ දෑ අපෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යනවා. අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ගැන ජනශ්‍රැතියෙන් කරුණු මතු කරගන්න හැකි අවසාන අදියරේ දැන් අපි ඉන්නේ. ඒ නිසා ඒ අවස්ථාව මඟ හරින්න පුළුවන්කමකුත් නැහැ. පුරාණ ලංකාවේ ගුවන් තාක්ෂණය ගැන කරුණු මතු කරගෙන ප්‍රචලිත කිරීම හරහා අපේ රටේ ගුවන් සේවාවන්ට වැඩි වටිනාකමක් ලැඛෙනවාට කිසිම සැකයක් නැහැ. එය අපේ රටේ ආර්ථික දියුණුවට රුකුලක්. ඒ වගේම අපේ අතීත ගුවන් තාක්ෂණය නරඹන්නට ඉඩ සලසමින් සංචාරක ක්ෂේත්‍රය නංවන්න විශාල ඉඩක් තිඛෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන් පුරාවිද්‍යාව කියන විෂය ක්ෂේත්‍රය ගොඩනැංවීමෙන් සහ ඊට අදාළ පර්යේෂණ සිදු කිරීමෙන් ලබන දැනුම මෙරට ආර්ථික සංවර්ධනයට සහ ජාතීන් අතර සමගිය, සුහදතාව වර්ධනයට පමණක් යොදාගන්නා බව මා මෙහිදී අවධාරණය කළ යුතුමයි.

මෙය සිළුමිණ පුවත් පත සමග හර්ෂ ගොමින්ද මහතා කල සාකච්චාවක් ඇසුරෙන් බව කරුණාවෙන් සලකන්න 
සංවාද සටහන
මංජුලා විජයරත්න

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *