දීඝවාපියේ පුරාවස්තු වසමින් කුණු ගොඩ ගහන අම්පාර පල්ලෙකාඩු කුණු කන්ද

යුරෝපා සංගමයේ ආධාර මත මෙම පල්ලේකාඩු ප්‍රදේශයේ කූණු දැමීමේ ස්‌ථානයක්‌ සකස්‌ කර ආරම්භ කරන්නේ මීට වසර 09 කට කලින්. සමන්තුරය, කල්මුණේ, ඔළුවිල්, අක්‌කරපත්තුව, සයින්දමරුදු, නින්දවුර්, කාර්තිව් ආදී ප්‍රදේශ රැසකින් මෙම ස්‌ථානයට දිනකට කූණු ටොන් 40 කට අධික ප්‍රමාණයක්‌ ගෙන එනවා වසර 04 ක්‌ පමණ මෙම ස්‌ථානයේ නිසි ආකරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් මෙහි වැඩ කටයුතු අඩාල වන්නේ මීට වසර පහක සිටයි. ඒ මෙය අඩ්ඩාලෙච්න ප්‍රාදේශීය සභාවට භාර දුන්නයින් පසුව. මෙම ස්‌ථානයට වන සතුන් ඇතුළුවීම වැළැක්‌වීම සදහා ඉදිකර තිබු මෙම කූණු කන්ද ආරක්‌ෂාවට සකස්‌ කර තිබු විදුලි වැට අක්‍රීයවීමත් සමග මෙම ස්‌ථානයේ වැට කඩාගෙන වන අලි සේනාවන් ඇතුළු වන සතුන් දිනපතාම ඇදී එන්නට වුණා.

මේ පිළිබඳව දීඝවාපිය රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියෝ මෙසේ අදහස්‌ දැක්‌වුවා.

මේ කූණු එකතු කිිිරීමේ මධ්‍යස්‌ථානය හදලා තියෙන්නේ දීඝවාපිය රජමහා විහාරයට මදක්‌ දුරින් පල්ලේකාඩු පුරාවිද්‍යා භූමියට යාබද ඉඩමේ. මෙම කූණු එකතු කිරීමේ මධ්‍යස්‌ථානය හදන අවස්‌ථාවේදී ඉපැරණි පුරා විද්‍යා ස්‌්මාරකයන් රැසක්‌ හමුවෙලා තියෙනවා. ඒවා එහෙමම යට කරලා තමයි මෙම ස්‌ථානයේ කුණු එකතු කරන මධ්‍යස්‌ථානය ගොඩනගල තියෙන්නේ. මේ වෙද්දී මෙම ස්‌ථානයේ කූණු කාලා, කුණු වතුර බීලා අලින් සහ සිය ගණන් ගවයින් සහ වන සතුන් මිය ගිහින් තියෙනවා. පන්සල් ඉඩම පුරාවටම අලි වසුරුවල තියෙන්නේ පොලිතින්, බියර් ටින් ඇතුළු ප්ලාස්‌ටික්‌ කැබලි ඇතුළු විවිධ අපද්‍රව්‍ය. මෙම ස්‌ථානය වට කරලා විදුලි වැටක්‌ ගහලා තියෙනවා නම් වන සතුන්ට කුණු කන්න මෙතෙන්ට එන්න බැරි වෙනවා. මෙතන කූණු කිසිම වර්ගීකරණයක්‌ කරන්නේ් නැතිව නිකන් එක ගොඩට තමයි ගොඩ ගහන්නේ. ඒවා මේ අවට ප්‍රදේශවල පවා විසිරිලා තියෙනවා. සමහර අවස්‌ථාවල මැස්‌සෝ බෝ වෙලා අවට ප්‍රදේශවලට ජනතාවට ඉන්න බැරි වෙනවා. මේ කුණු එකතු කරන මධ්‍යස්‌ථානය මෙම ස්‌ථානයේ ඉදිකරන්නේ නැතිව කුණු ගේන ප්‍රදේශ ආසන්නයේ හිස්‌ ඉඩම්වල මෙම කුණු දැමිමට කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒ්වා එහෙම කරේ නැහැ.

මෙම කූණු එකතු කිරීමේ මධ්‍යස්‌ථානය ඉදිකරලා තියෙන්නේ පුරා වස්‌තු මතින්. ඒ හින්දා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ බළධාරීන්ගෙන් මම ඉතා වගකීමෙන් ඉල්ලා සිටිනවා මෙම ස්‌ථානයේ පුරා විද්‍යා පර්යේෂණ කැ”මක්‌ කරන්න. අපේ ඉතිහාසය වටිනා තොරතුරු කුණු වලට යටවෙන්න දෙන්න එපා කියලා, ඒ නිසා මෙම ස්‌ථානයේ මෙම කුණු දැමීම නතර කර වෙනත් ස්‌ථානයකට ගොස්‌ මේවා ප්‍රතිචක්‍රීයකරණය කර නිසි ආකාරයෙන් කටයුතු කරන ලෙසට. හැමදාම සවස කළුවර වැටෙද්දීම අලින් විශාල අලින් පිරිසක්‌ කූණු කන්න එනවා. මෙය හදලා තියෙන්නේ යාලෙන් එන අලි ගල්ඔයට අම්පාර සහ අවට වනන්ත ර ප්‍රදේශවලට යන අලි එකතු වෙන ස්‌ථානයක යෑයි ද දීඝවාපිය රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියෝ පවසා සිටියහ.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.