මුස්ලිම් සමාජය පිනවන්න ගොස් බිලියන ගණනක් පාඩු වෙන හැටි ඇමරිකානු GSP අහෝසියි

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහන මෙම දෙසැම්බර් මස 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදුකර ඇත්තේ ඇමරිකාවට වන අතර, GSP සහනය මගින් එම අපනයන නිෂ්පාදනවලට කිසිදු තීරුබදු අය කිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට අවස්ථාව ලබා දී තිබිණි. මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් ලැඛෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)

රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන අතර එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක ආදායමක් ලැබේ. එය හම්බන්තොට වරාය චීනයට ලබා දී ගත් මුදල මෙන් දෙගුණයකටවත් වැඩිය. 2016 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8ක භාණ්ඩ අපනයනය කර තිබේ.

GSP බදු සහනය අහිමිවීමත් සමග තීරුබදු ගෙවමින් සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙළදපොලට භාණ්ඩ අපනයනය කිරීමට මින් පසුව ශ්‍රී ලංකාවට සිදුවේ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ ප්‍රකාශයට එරෙහිව එක්සත්ජාතීන්ගේ සංවිධානය වෙන ගෙන ආ යෝජනාවට පක්ෂය ඡන්දය ලබා දුන් රටවල් පිළිබදව අවධානයෙන් සිටින බවත් එම රටවලට ලබා දී තිබූ ආධාර කපා දමන බවට ඇමරිකාව විසින් නිවේදනය කර තිබිණි. ශ්‍රී ලංකාවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

මේ ආණ්ඩුවේ මෙවන් අදුරදර්ශී ක්‍රියා නිසා සමස්ත රටටම සිදුවන්නේ ඉතා ප්‍රබල පාඩුවකි. මෙම ලිපිය සේයාර් කර හැමෝම දැනුවත් කරන්න අමතක කරන්න එපා

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.