ගැමියන්ගේ බෞද්ධ කමෙන් අලි මිනිස් ගැටලුවට සුපිරි පිළිතුරක්

 අපිට වැරදුණු තැන් 

ගිණි අව්ව නිසා හේබා ගිය හේනකි. බැලූ බැල්මට එළ බටු හා මෑ වැල් ඇතත් සියල්ල අතහැර දැමූ හැටියකි.අතරින් පතර බිම දිගේ ඇදුණු වට්ටක්කා වැල් ය. තැනින් තැන රූස්ස ගස් කිහිපයකි. හේන වටා ඇති දඬු වැටත් කැඩී බිඳී ගිය සෙයකි. ඒ අතරින් ඉදිරියට ඇදෙන්නේ සුදු වූ කෙසින් ගහණ වැහැරී ගිය මිනිසෙකි.
. මහත්තයලා.. බැහැරක ද මේ…ල
.වැව පැත්තට යනව මාමා. අලි බලන්න ල
. මේ වෙලාවෙ අලි නෑ මහත්තයා .. තව හැන්දැ වෙලා යන්න. අලිය වතුරට බහින්නෙ තව හවස් වෙලා. දැං අකුලකට වෙලා නිදි ඇති. ල
වැව පේන දුර. වටේම අලුත් පරණ අලි වසුරු. හේන අතඇරල ඇත්තෙ අලි නිසා වෙන්න ඇති. හේනට කොහොමත් අලි එනව ඇති. ගහක් උඩ පැලකුත් තියෙන එකේ රෑ ඉන්නමයි හිත. ඒත් අනුන්ගෙ හේන් වල අපිට ඉන්න දෙයිද..? දහසක් ප්‍රශ්න හිතේ.
. අලි හේනට පාඩු කරල නේද මාමා..? ල හේනේ රෑ ගෙවන චේතනාවෙන් මම .
. හේන අතඇරල දැම්ම මහත්තයා .පලදාව අරං ඉවරයි දැං ල
.දැං අලුතෙන් මොකුත් හදන්නෙ නැද්ද ? වැට එහෙම බිඳිලනෙ ල
. මාස් කන්නෙ වැහි එනකං හේන අලින්ට ඇරල තියෙන්නේ මහත්තයා ල
. අලි පාඩු කරනවනේ ඉතිං. කොහොමද ආයෙ හදන්නෙ ල
. මහත්තයා , යල් කන්නෙට වැස්ස වැඩියි. ඒ කාලෙ අලින්ට කැලේ කන්න තියෙනවා . යල් වැහි නවතිනකොට කැලේ කෑම ඉවරයි. එතකොට අලි රංචු පිටිං අපේ හේන් තියෙන දෙණි වලට එනව. එතකොට අපිත් හේන් පලදාව අරං ඉවරයි . ඉතුරු උන බෝග ටික අලි කනව මාස් වැහි එනකං. මහේ වැස්ස අඩුයි මහත්තයා . තල තමයි ගොඩක් ගොයියෝ ඉහින්නෙ. එන අලි හේන කාලා, පඳුරු ,ඔක්කොම තලල මහේ අපිට තල ඉහින්න පොළව හදල දෙනව මහත්තයෝ . ඔය අලි ටික හේනට එවන්නෙ පුල්ලෙයාර දෙයියෝ. උන්නාන්සේ යලේ අපි පොළව එක්ක ඔට්ටු උන දුකට පිහිට වෙන්නෙ අලි එවල. අලි පොඩිකරල කාල ගියාම මාස් කන්නෙ මුල් වැහි වලට පොළව තෙමිලා තණකොළ මැරෙනව. අපි ඊටපස්සෙ තල ඉහිනව.
වහින වැහි වලට ආයෙත් කැලේ අලින්ට කන්ඩ තණකොළ හැදෙනව. ඒ ඇත්තො ආයෙ හේනට එන්නැ මහත්තයා .ආවත් අපිට බය නෑ මොකෝ..අලි තල කන්නැ..


. ඉතිං පොල් එහෙම හදන්න බෑනෙ මාමා..අලි කනවනේ ල
. මොකටද මහත්තයා මේ කැලේ පොල් හදන්නෙ. ගේ තියෙන වත්තෙ පොල් තියෙනවා .ඒ ඇති. මේවයෙ පොල් හැදුවම කොහොමත් අලි කනව. මේව උන්ගෙ ඉඩං මහත්තයා . අපි කාලෙකට ඉල්ලගන්නව. ඒකට හිලව් වෙන්න ඒ ඇත්තන්ට කන්ඩ ඉතුරු කරල යනව..
———————————————————
ලංකාවේ ජාතික උද්‍යාන තුල ආහාර සුපෝෂණ ව්‍යාපෘති වලින් කිරීමට උත්සාහ කරන්නේත් මේ සරළ ගැමි මිනිසා ඉගැන්වූ දෙය නොවේද..? පාරම්පරික හේන් වගාව තුල මේ අව්‍යාජ ගැමියන් ඉගෙනගෙන ප්‍රත්‍යක්ෂ කලේ නිවැරැදි ඉඩම් පරිභෝජනය නොවේද..?
———————————————————
අපිට ශ්‍රීලංකා ආසියාතික අලියා හෙවත් ැකැචය්ි ප්ංසපමි ප්ංසපමි වූ , ඒ වයෝවෘධ ගැමියාට ඃඒ_ඇත්තන් වූ ඃලොවෙත් අපිට විතරක් ඉන්න ඃඅපේ_අලින්ට තියෙන ප්‍රශ්න වලට ඃලොවෙත් උත්තර නෑ.. තියෙන්නේ උත්තර අපි ලඟ විතරයි .
අනුන්ගෙ මී මැහි පෙට්ටියයි, අනුන්ගෙ වැටයි, අනුන්ගෙ අගලටයි වඩා අපේ ලඟ තියෙන උත්තර නිවැරැදියි..

මේ සබැ බුද්ධ දර්මයෙන් පෝෂණය උණු ජාතියක් වන සත්ව ගැටලුවකට පිළිතුරු සෙවූ ආකාරයයි. උපුටා ගැනීම පරිසරවේදී  සශිකලන රත්වත්ත ගේ  ෆේස් බුක් ගිනුමෙනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *