නිවසේ ආරවුලක් අතරතුර අවුරුදු තුනේ දැරිය සියා ලිඳට විසිකරලා -කුලියාපිටිය

නිවසේ ආරවුලක් මත සීයා විසින් යාබද ඉඩමේ ළි`දට විසිකළැයි සැකකෙරෙන වයස අවුරුදු 3යි මාස 8ක් වියැති බිලි`දියකගේ මල සිරුර බිළි`දියගේ පියා විසින් ගොඩට ගන්නා විටත් මියගොස් සිට ඇති බව කුලියාපිටිය පොලිසිය කියයි.

එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය පහළ බෝහිංගමුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි අලගියවන්න මොහොට්ටාලලාගේ ලකීශා ලක්දුලී අලගියවන්න නමැති වයස අවුරුදු 3 මාස 8ක සි`ගිත්තියකි.

සැකකාර බිලි`දියගේ සීයා සිය බිරි`ද විදෙස් ගතවීමේ සූදානමක් සම්බන්ධයෙන් විරෝධය පාමින් බීමතින් ඉකුත්දා(21ෆ රාත‍්‍රියේ දිගින් දිගට බහින්බස් වීමක් සිදුවූ බවත් මවට බැණවැදීම නවතාලීමට මියගිය බිලි`දියගේ මව ඇයගේ පියා වූ සැකකාර සීයාට බැණවැදී ඇති බවත් එහිදී බීමතින් සිටි බව කියන සැකකාර සීයා පවුලටම හොද පාඩමක් උගන්වන බව කී බවත් එම වචන හුවමාරුව සිදුවන අතරතුර තමන් තම පුතුගේ දියණිය වූ මියගිය බිලි`දිය යහන මත නිදිකරවා පස්වරු 7.30 ට පමණ පිටත්ව ගිය බවත් පාඨශාලාචාරිනී හැරියට් පේ‍්‍රමලතා මහත්මිය පැවසීය.
මියගිය බිලිි`දියගේ පියා මවගේ නිවසට ගොස් පැමිණෙන විට බිරිදත් බිරිදගේ මව කරුණාවතී යන අයත් දැරිය නිවසේ නොමැති බව පවසමින් සොයා ඇත. වෙනදාට වෙනමම කාමරයක නිදාගන්නා බිරි`දගේ පියා වූ සැකකරු නිවසේ පිටුපස මුළුතැන්ගේ ඉදිරියේ වැලි පොළවේ නිදාසිට ඇත.

දැරිය පිළිබ`දව බිරි`දගේ පියාගෙන් විමසීමක් කළ ද සැලකිල්ලට නොගෙන නිදා හුන් තැනම සිට ඇත. දැරියගේ පියා ජංගම දුරකථනයේ ආලෝකයෙන් දැරිය සෙවීමේදී යාබද ඉඩමේ වගා ළිදෙහි මුහුණ යටට සිටින සේ පාවෙමින් සිටි දියණිය දැක අසල්වාසීන්ගේද උපකාර සහිතව වහා ළිදට පැන දැරිය ගොඩගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්තත් ඒ වනවිටත් ඇය මියගොස් තිබිණ.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *