හිටපු ෆේස් බුක් විධායක නිලධාරි ලාංකිකයා ෆේස් බුක් කළබවයි

චමත් පලිහවඩන හා මාර්ක් සකබර්ග්

ෆෙස්බුක් , ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය මේ වන විට ලෝකයේ ජනප‍්‍රියතම සන්නිවේදන මාධ්‍යය බවට පත්වෙමින් ඇත. මෙම ජනප‍්‍රියතාව නිසාවෙන්ම විවිධ පිරිස් මෙම සමාජ මාධ්‍ය අවභාවිතාවේ යොදවන අවස්ථාද මේ වන විට බහුලව දක්නට ඇත . මෙම අවභාවිතාවන් හේතුවෙන් අද වනවිට ලොව පුරා මෙම සමාජ මාධ්‍යට එරෙහි හා සමාජ මාධ්‍ය විරෝධී මතවාදයක්ද මතුවෙමින් පවතී.
මුහුණු පොත හෙවත් ෆෙස් බුක් සමාගමේ හිටපු විධායක නිලධාරියකුද පසුගියදා මෙම සමාජ මාධ්‍යයට එරෙහි දැඩි විවේචනයක් එල්ල කළ අතර එය ලොව පුරා ජනමාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද මහත්වූ ආන්දෝලනයක් ඇතිකිරීමට සමත්විය.
මෙම සිදුවීම ශ‍්‍රී ලංකාවේ අපට වඩාත් වැදගත් වන්නේ අදාළ විධායක නිලධාරිවරයා, ශ‍්‍රී ලාංකිකයකුද වීම නිසාවෙනි . ඒ අන් කිසිවකු නොව , කලක් ෆෙස්බුක් සමාගමේ පරිශීලක වර්ධන අංශයේ උප සභාපතිව කටයුතු කළ හා මේ වනවිට ලොව ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන චමත් පළිහපිටියයි.
සමාජ මාධ්‍ය ජාල සහ ඒ හා සමාන සේවාවන් ”‍සමාජය කැබලිවලට ඉරා දමන”‍ බව පළිහපිටිය මෙහිදී එල්ල කළ ප‍්‍රධානතම චෝදනාව විය ,
ෆෙස්බුක් සමාගමේ හිටපු විධායක පළිහපිටිය මේ බව පැවැසුවේ පසුගියදා ”ස්ටැන්ෆොර්ඞ් ග‍්‍රැජුවෙට් ස්කූල් ඔෆ් බිස්නස්” හිදී (ීඒබදෙරා ඨර්ාම්එැ ීජයදදක දෙ ඊමිසබැිි) පැවැති වැඩසටහනකදීය.
චමත් පළිහපිටිය විසින් ඉහත කී අදහස පසුගිය මාසයේ දී පළ කරනු ලැබ තිබූ නමුත් එය සමාජ ජාල තුළ විශාල වශයෙන් සංසරණය වීම ආරම්භවූයේ පසුගිය සඳුදා දින සිටය. මේ වනවිට එම ප‍්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද සුවිශාල ප‍්‍රසිද්ධියක් හිමිවෙම්න් ඇත.
”‍අපි සමාජය කැබලිවලට ඉරා දමන මෙවලම් නිර්මාණය කර ඇතැයි,”‍ පළිහපිටිය මහතා පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබිණ, මෙම ප‍්‍රකාශය සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් පවතින ජනප‍්‍රියතම ”‍පාඨයක්”‍ බවට පත්ව ඇත. පළිහපිටිය මහතා මෙම ප‍්‍රකාශය කර ඇත්තේ පාපොච්චාරණයක ආකාරයකින් බව මේ වනවිට බොහෝ දෙනකුගේ මතය වී ඇත.
සමාජ මාධ්‍ය විසින් ඔබ ආකෘතියකට හිරකෙරෙමින් පවතිනවා,”‍ යනුවෙන්ද මෙහිදී ඔහු අනතුරු ඇඟවීමක් කළේය. ෆෙස් බුක් සමාගමේම හිටපු විධායක නිලධාරියකු එල්ල කරන මෙම විවේචනයන්ට සමාජ මාධ්‍ය තුළ ලැබී තිබුණේ මහත් වූ අවධානයකි.
බිලියන දෙකක පිරිසක් ෆෙස් බුක් වෙත ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම ”‍අතිවිශාල වරදක්”‍ යයි තමාට හැඟෙන බවයි මෙහිදී පළිහපිටිය මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේ.
සමාජ මාධ්‍ය භාවිතයේ ”‍දැඩි වේගය අවම කිරීමක්”‍ කරන ලෙස ඔහු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට අවවාදයක් ද කළේය.
කෙසේ වෙතත් මෙලෙස ෆෙස් බුක් සමාගමේ හිටපු නිලධාරියෙකු එය විවේචනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. චමත් පළිහපිටිය හුදෙකලා නොකරමින්, ෆෙස්බුක් සමාගමේ පළමු සභාපති සහ එහි වාණිජ වර්ධනයේ මූලික ආකෘතිය සකස් කළ ෂෝන් පාකර් (ීැ්බ ඡ්රනැර) ද, මෑතකදී ෆෙස්බුක් සමාජ භූමිකාවේ ඉතිහාසය පිළිබඳව කනගාටුව පළ කර තිබිණ.
මෙම ප‍්‍රකාශයන් හා විවේචනයන් හරහා ෆෙස් බුක් සමාගමට දැඩි අහිතකර බලපෑමක් එල්ලවෙමින් පවතින බව ලොව පුරා සමාජ මාධ්‍ය විශේෂඥයින් පෙන්වා දෙති. සමාජ මාධ්‍යයට එරෙහිව මතුවෙමින් ඇති, මතවාදය ශක්තිමත් කරලීමට මෙම ප‍්‍රකාශයන් හේතුසාධක වී ඇති බව ඔවුන් පෙන්වාදේ.
විශේෂයෙන්ම චමත් පළිහපිටිය මහතාගේ ප‍්‍රකාශය හේතුවෙන් ෆෙස් බුක් සමාගම මේ වනවිට වඩාත් කලබලයට පත්ව ඇති බවක් පැහැදිලිවම දක්නට ඇත.
පළිහපිටිය මහතාගේ ප‍්‍රකාශයට ෆෙස්බුක් සමාගම විසින් වහාම ප‍්‍රතිචාර දක්වනු ලැබුවේ ඒ අනුවය.
ෆෙස් බුක් සමාගම මීට පෙර කිසිදු අවස්ථාවක මෙසේ එල්ලවන විවේචනයන්ට ප‍්‍රතිචාර දක්වන්නට ගොස් නැත. නමුත් පලිහපිටිය මහතාගේ ප‍්‍රකාශයත් සමග ෆෙස්බුක් සමාගම අසාමාන්‍ය පියවරක් තබමින් තම ආයතනය ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්ව ඇත.
ෆෙස් බුක් සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවැසුවේ චමත් පළිහපිටිය වසර හයකට වඩා තම සමාගමේ සේවය නොකළ බවය.
”‍චමත් සේවය කරන විට අප ෆෙස්බුක් ලොව පුරා ප‍්‍රවර්ධනය කිරීමේ සහ නව සමාජ මාධ්‍ය අත්දැකීමක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළා. එවිට ෆෙස්බුක් බොහෝ වෙනස් සමාගමක්. කාලයත් සමග වූ වර්ධනය වීම අනුව අපගේ වගකීම් වර්ධනය විය යුතු ආකාරයත් අපට වැටහුණා,”‍ යනුවෙන් සමාගමේ ප‍්‍රකාශකයා සඳහන් කළේය.
ෆෙස් බුක් ආයතනය, පළිහපිටිය චෝදනා ඉදිරියේ අසරණ වී ඇති බවක් එම ප‍්‍රකාශයන් හරහා දක්නට ඇති බව සමාජ මාධ්‍ය විශ්ලේෂකයින්ගේ මතය වී ඇත.
එසේම, ”‍අපි, අපේ භූමිකාව ඉතා බරපතළ ලෙස සැලකිල්ලට ගන්නවා සහ එය වර්ධනය කිරීමට උත්සාහයෙන් කටයුතු කරනවා,”‍ යනුවෙන් එම ෆෙස් බුක් සමාගමේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබීම මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයේ පවා විශේෂ අවධානයට පාත‍්‍රවී ඇත.

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.