අධිකරණයෙන් තහනම් කරත් බදුර්දීන් හදන දීඝවාපියේ මුස්ලිම් නගරය

මේ කතාව ලියන්නත් හිරිකිතය. ඒ නීතියට පිටින් යන පාදඩ දේශපාලනකරණය විසින් යටත් කරන්නට වසර ගණනක්‌ තිස්‌සේ වලිකන සිදුවීමක්‌ ගැනය. මේ ගැන අපිට තුක්‌ නොදකින් කියා හිතෙන්නේ ද යහපාලනය ගැන ටොන් ගණනක්‌ වේදිකාවේ කයිවාරු ගැසූ රට කරවන යහපාලන ලොක්‌කෝ ද නීතියේ කුමරියට පිටුපා කැලෑ නීතියත් සමඟ යහන්ගත වීම නිසාවෙනි.

මේ කතාව කරලියට එන්නේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දීඝවාපිය පුදබිමට නුදුරින් නොරොච්චෝලේ ප්‍රදේශයෙනි. ඒ සුනාමියෙන් අවතැන්වූ අයට බව පවසා අංගසම්පුර්ණ නිවාස පන්සියකින් යුත් නිවාස සංකිර්ණයක්‌ මුස්‌ලිම් ජනයා වෙනුවෙන් පමණක්‌ හදන්නට යැම නිසාය. සවුදි රජයේ වරත්හි ආධාර මත රෝහලක්‌, පාසල් ක්‍රීඩා පිටි ඇතුළු නිවාස සංකිර්ණය 2007 අප්‍රේල් 02 වැනිදා වැඩ ආරම්භ කරන්නට විය. ඒ සුනාමි අවතැන් වූවන්ට බව පවසමිනි. දීඝවාපි බෞද්ධ ජනපදය ආසන්නයේ අංගසම්පුර්ණ මුස්‌ලිම් නගරයක්‌ හිඟුරාණ සීිනි කර්මාන්ත ශාලාව සතු ඉඩමක ඉදිකිරීමට එරෙහිව එදින ප්‍රබල විරෝධතාවයක්‌ ප්‍රදේශවාසීන්ගෙන් ඇතිවන්නට වුහ.

මේ නගරය වට කරමින් වැටක්‌ ඉදිවෙමින් දිනෙන් දින නිවාස ගොඩනැඟෙන්නට විය. මේ තත්ත්වය මත මෙම ස්‌ථානයේ ඉදිකරන නිවාස එක්‌ ජන කොට්‌ඨාශයකට පමණක්‌ නොව සිංහල, දෙමළ, මුස්‌ලිම් යන ජන කොට්‌ඨාශ තුනටම ලබා දෙන ලෙස පවසමින් ප්‍රදේශයේ භික්‌ෂූන් වහන්සේලා ඇතුළු ජනතාව දිගින් දිගටම බළධාරීන්හට දැඩි විරෝධතාවයක්‌ ගෙන එන්නට වූහ.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු 07 දෙනකු විසින් 2008 වසරේ ජුනි 01 වැනිදා ශ්‍රෝෂ්ඨාධිකරණයේ නඩුවක්‌ ගොනු කරන්නට වූහ. ඒ අනුව 2009 වසරේ ජුනි 01 වැනිදා මෙම නොරොච්චෝලේ නිවාස පන්සීයට අධිකරණ තීන්දුව ලැඛෙන්නට විය. ඒ අනුව කියවුනේ ජන අනුපාතය අනුව මෙම නිවාස පන්සීය සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් ඛෙදා දෙන ලෙසය.

එලෙස අධිකරණ තීන්දුවක්‌ ලැබුණු මෙම නිවාස පන්සීයේ වැඩ කටයුතු 2012 වසරේ ඔක්‌තෝබර් මාසයේ දී නිමාවන ලදි. නමුත් එම නිවාස අධිකරණ තීන්දුවට අනුව ඛෙදා දීමට කිසිදු බළධාරියෙක්‌ කිසිදා පියවරක්‌ නොගන්නා ලදි. ඒ සමයේ සිට මේ දක්‌වා අම්පාරේ රාජකාරි කරන ලද මහා දිසාපතිවරුන් මේ පිළිබඳව කිසිදු පියවරක්‌ නොගත් අතර ඒ් නිසා දිනෙන් දින මෙම නිවාස 500 න් යුත් අංගසම්පුර්ණ නගරය වනයට යට වෙමින් තිඛෙන්නට වූහ. එම නගරයේ උපාංග හොරුන් විසින් ගලවා ගන්නට විය. මේ ආකාරයේ මහා අපරාධයක්‌ සිදුවෙද්දී දිනෙන් දින මෙම නගරය අධිකරණ නියෝග ලෙස ජන අනුපාතය අනුව ඛෙදා දෙන්නට කිසිදු බළධාරියෙක්‌ කටයුතු නොකරන ලදි.

මුස්‌ලිම් දේශපාලන නායකයන්ට බියවූ බළධාරීන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්නට කිසිදු පියවරක්‌ නොගෙන දිනෙන් දින පමා කරන්නට වූහ. මේ ආකාරයෙන් දිස්‌ත්‍රික්‌කයක වගකිව යුතු නිලධාරීන් පිරිවර ශ්‍රෝෂ්ඨාධිකරණ තීන්දුවට අමු අමුවේම පිටුපා කටයුතු කරනන්ට වූහ. අංගසම්පුර්ණ නගරයක්‌ වනන්තරයට යටවෙමින් දිනෙන් දින විනාශ වෙමින් තියෙන ආකාරය ගැන මාධ්‍යයෙන්ද විටින් විට අනාවරණය කළත් බළධාරීන් සියලු දෙනා මුස්‌ලිම් දේශපාලන නායකයන්ට යටව කොඳු නාරටිය රබර් කරගෙන අධිකරණ තීන්දුවට පිටුපා සිටින්නට වූහ.

මේ වන විට අලුත්ම තත්ත්වය වන්නේ රිෂාඩ් බදියුදීන් වැනි දේශපාලන නායකයන් කිහිප දෙනකු විසින් සුනාමියෙන් අවතැන් මුස්‌ලිම් පවුල් 303 ක්‌ සිටින බව පවසා අධිකරණ නියෝගවලට පිටුපා මෙම නිවාස 502 න් නිවාස 303 ක්‌ මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් ලබා ගන්නට උත්සාහ දරමින් සිටීමය. ඒ අනුව දෙමළ සහ සිංහල ජනතාව වෙනුවෙන් හිමිවන්නේ නිවාස 197ක්‌ පමණි.

වසර ගණනාවක්‌ මෙම නිවාස සඳහා අධිකරණයේ නියෝග අනුව ඛෙදන්නට ඉඩ නොදුන් මෙම දේශපාලකයෝ ඊට පසුගැසුවේ අමුතුම තුරුම්පුවකි. නිවාස වෙන් කිරීම – නොරච්චෝලේ නිවාස යෝජනා ක්‍රමය යනුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා 2017 මාර්තු 13 වැනිදා දිනැති සන්දේශය ජනාධිපතිතුමා ප්‍ර්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන්න ලදි. ඒ අනුව මහවැලි සංවර්ධන හා පරිසර ඇමැති මෛත්‍රිපාල සිරිසේන සහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බංඩාර ආදී ඇමැතිවරු රැසක්‌ සමගින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සන්දේශයට අත්සන් කරමින් එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව මුස්‌ලිම් දේශපාලන නායකයන් වසර ගණනක්‌ තිස්‌සේ තිරය පිටුපස සිට අධිකරණ තීන්දුවට එරෙහිව නැටූ නාඩගමට යහපාලන රජයේ ලොක්‌කෝ එක්‌වී අධිකරණ තීන්දුව බල්ලට දමා මේ ආකාරයෙන් බදියුදීන්්ලාගේ අන්තවාදී සිහිනය යථාර්ථයක්‌ බවට පත් කර ඇත.

මේ සම්බන්ධව උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමියන් මෙසේ අදහස්‌ දැක්‌වූහ.

2016 ජනවාරි 21 අම්පාර දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් විසින් ඒකමතිකව තීරණය කරනු ලැබුවේ දිස්‌ත්‍රික්‌කයේ සියලුම දෙමළ, සිංහල සහ මුස්‌ලිම් ජන අනුපාතය අනුව මෙම නිවාස ඛෙදා දිය යුතු බවයි. සුනාමියෙන් අවතැන් වූ අයට 2014 වසර වන විට මුළුමනිින්ම නිවාස ලබාදී අවසන්. නමුත් අසාධාරණ ආකාරයෙන් මෙම නිවාස ව්‍යාපෘතියේ හදලා තියෙන නිවාස ඛෙදන්න හදපු නිසා අපි දැඩිසේ විරුද්ධ වෙලා අධිකරණයට ගියා. ඒ අනුව දිස්‌ත්‍රික්‌ ජන අනුපාතය අනුව මෙම නිවාස පන්සිය ඛෙදලා දෙන්න කියලා අධිකරණයෙන් නියෝග ලැබුණා. බදියුදීන් අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් නිවාස 303 ක්‌ ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ජනාධිපති එය පිළිගත්තා. ඒ වෙනුවෙන් 2017 අප්‍රේල් මස 21 වැනි දින අමාත්‍ය මණ්‌ඩල සන්දේශයක්‌ අංක 17/0615/723/014 යටතේ බදියුදීන් ඇමැතිවරයා ඉදිරිපත් කළ විට ජනාධිපතිතුමාගේ අත්සනින් එකඟතාවය පළකර තිඛෙනවා. අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට මෙය ක්‍රියාත්මක කිරීමේ වගකීම පවරා තිඛෙනවා.

මේ සියලු තත්ත්වයන් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත්, රජයේ ඉඩම් පවරා දිය හැකි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ නියම කර ඇති ප්‍රතිපාදනත්, ඉඩම් ආඥා පනත හා ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව බලවත්සේ උල්ලංඝනයවී තිඛෙනවා. මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවත් අපහාසයට හා හෑල්ලුවට ලක්‌වෙලා තිඛෙනවා.

ලඅපි කියන්නේ අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන්න කියලා. රටේ අධිකරණ තීන්දු හිතු මනාපේ වෙනස්‌ කරලා කටයුතු කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලබනවා. ඒ අනුව එක්‌ ජනවර්ගයට පමණක්‌ වැඩිපුර නිවාස දෙන්න කටයුතු කරන්න එපා. එහෙම කරන්න වෙන්නේ අපේ මළ කඳන් උඩින් තමයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරන්න. ඒ අනුව කටයුතු කරන්න. එසේ නොවුනහොත් ඊට එරෙහිව උතුර නැගෙනහිර සිංහල සංවිධානයත් මහා සඟරුවනත් දිගාමඬුල්ල ජනතාවත් එක්‌ක අධිකරණ තීන්දුව රැකගන්නට දිවි හිමියෙන් කටයුතු කරනවාල යෑයි ද සේනාපතියේ ආනන්ද හිමියෝ පවසා සිටියහ.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන දිගාමඬුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායන මහතා මෙසේ  අදහස්‌ දැක්‌වුවේය.

ලමෙම නිවාස පන්සීය වසර ගණනක්‌ තිස්‌සේ විනාශ වෙමින් තිඛෙනවා. ඒ නිසා මෙම නිවාස පන්සීය අධිකරණ තීන්්දුව අනුව සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව අතරේ ඛෙදලා දෙන්න. එහෙම නොවී විවිධ අයට දේශපාලන වාසි ගන්න මේක වැඩි වශයෙන් එක්‌ කොටසකට ඛෙදන්න ගියොත් මේ ජාතීන් අතරේ තියෙන සහෝදරත්වය බිඳවැටිලා ගැටුම්කාරි තත්ත්වයක්‌ උදාවේවි. එක්‌ එක්‌කෙනාගේ දේශපාලන මනාපය අනුව ප්‍රයෝජන ගන්න එපා. ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරන්න යනුවෙන් විමලවීර දිසානායක මහතා පවසා සිටියේය.ල

අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති අම්පාර පුළුකුනාව රජමහා විහාරාධිපති පුජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියන් මෙසේ අදහස්‌ දක්‌වන ලදි.

ලමෙම නිවාස පන්සීයට ආරම්භයේ සිටම විරෝධතාවයක්‌ ඇතිවුණා. එක්‌ ජන කොට්‌ඨාශයකට පමණක්‌ නොව සිංහල, දෙමළ, මුස්‌ලිම් යන ජන කොට්‌ඨාශ තුනටම මෙම නිවාස ඛෙදලා දෙන්න කියලා ජනතාව හඬනැගුවා. අන්තිමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීින්දුවක්‌ ආවා ජන අනුපාතය අනුව මෙම නිවාස පන්සීය ඛෙදලා දෙන්න කියලා. නමුත් අධිකරණ තීින්දුව ලැබුණේ 2009 වසරේ. නමුත් මේ වනතෙක්‌ ඒ දේ බළධාරීන් විසින් සිදුකළේ නැහැ. ඔවුන් මේ දක්‌වාම වසර ගණනක්‌ යනකම් මෙම කාර්ය සිදුකරන්නේ නැතිව සිටිනවා. අපි කියන්නෙ මේ අධිකරණ තීන්දුවට අනුව දැන්වත් ජන අනුපාතය අනුව මෙම නිවාස ඛෙදලා දීලා ජන කොට්‌ඨාශ තුනම සහජීවනයෙන් සිටින ආදර්ශවත් ගම්මානයක්‌ හදන්න.ල

ලමෙම සිදුවීම නිසා ජාතින් අතර බලවත් ගැටලුවක්‌ ඇති වෙන්න පුළුවන්. මේ වෙද්දීත් සිවිල් ජනතාව අතර මහත් කැළඹීමක්‌ නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව කරන මේ වැඩේට අපි දැඩි විරෝධය පාමින් මහා සඟරුවන සහ ජනතාව සමගින් අපි ඊට එරෙහිව කටයුතු කරනවා. ඒ නිසා අපි වගකිව යුත්තන්ගෙන් ඉතා වගකීමෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ජාතීන් අතර විරසකයක්‌ ඇති කරන්න එපා. ඒ අනුව කරුණාකරලා අධිකරණ තීන්දු අනුව නිවාස ඛෙදා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යනුවෙන් සෝමරතන හිමියෝ අදහස්‌ දක්‌වමින් පවසා සිටියහ.ල

දීඝවාපිය විහාරාධිපති මහඔය සෝභිත හිමියන් මෙසේ අදහස්‌ දක්‌වා සිටියේය.

මේ අය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටුපාල වෙනත් ආකාරයකින් නිවාස 303 ක්‌ මුස්‌ලිම් අය වෙනුවෙන් ලබා ගන්නයි හදන්නේ. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ මුස්‌ලිම් 44%, සිංහල අය 38.4% යි, දෙමළ අය 17.6%යි ලෙසයි සිටින්නේ. ඒ අනුව තමයි මෙම නිවාස ඛෙදලා දිය යුත්තේ. නමුත් සිදුකරන්න හදන්නේ වෙනත් දෙයක්‌. මුස්‌ලිම් දේශපාලකයන් තමන්ට අභිමත ආකාරයෙන් මෙම නිවාස 502 ඛෙදාගන්න උත්සාහ කරනවා. අපි මේ ගැන සාකච්ඡාවක්‌ කරන්න ජනාධිපතිතුමාගෙන් අවස්‌ථාවක්‌ ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව කරුණු දක්‌වලා ලිපි ජනාධිපතිතුමාටත්, අපි අම්පාර මහා දිසාපතිවරයාටත් යොමු කරලා තියෙනවා. ඒ නිසා අධිකරණ නීතියට අවනත වෙමින් මෙම නිවාස ජන අනුපාතය අනුව ඛෙදලා දෙන්න කියලා අපි ඉතා වගකීමෙන් අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකරන්නේ නම් සාධාරණය වෙනුවෙන් නැඟී සිටින බව සෝභිත හිමියෝ පවසා සිටියහ.

මේ දීඝවාපිය නිවාස ගැටලුව අළුයට ගිනි පුපුරු බවට පත්ව ඇත. එය ජාතීන් අතර අසමගියක්‌ ඇතිව මහා ගිනි ජාලාවක්‌ බවට පත් කිරීමට අවශ්‍ය තත්ත්වයක්‌ පාලකයන් විසින් නිර්මාණය කර ඇත. රථ වාහන නීතියක්‌ කඩකිරීම හෝ වෙනත් සුළු වැරැද්දක්‌ වෙනුවෙන් අධිකරණ තීන්දුවට පටහැනිව සිටින අසරණයන් පොලිසිය මහා රෑ නිවෙස්‌වලට පැන කුදලාගෙන ගොස්‌ අධිකරණයට භාර දෙති. නමුත් මහා ගැටුමක්‌ බවට පත්විය හැකි මෙවන් ගැටලු විසඳා ගන්නට කටයුතු නොකරන දිසාපතිවරයා ඇතුළු බළධාරීන් අධිකරණ තීන්දු ක්‍රියාත්මක නොකර සිටින විට ඊට එරෙහිව නීතිය කරන්නට කොන්ද පණ ඇති එකෙක්‌ නැත. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි මේ අමාරුව යෑයි පැරැන්නෝ කීවේ මේවාට විය යුතුය. ඒ සමයේ සිට මේ දක්‌වා අම්පාරේ රාජකාරි කරන ලද මහා දිසාපතිවරුන් මේ පිළිබඳව කිසිදු පියවරක්‌ නොගත් අතර ඒ නිසා දිනෙන් දින මෙම නිවාස 500 න් යුත් අංගසම්පුර්ණ නගරය වනයට යට වෙමින් තිඛෙන්නට වූහ. එම නගරයේ උපාංග හොරුන් විසින් ගලවා ගන්නට විය. මේ ආකාරයේ මහා අපරාධයක්‌ සිදුවෙද්දී දිනෙන් දින මෙම නගරය අධිකරණ නියෝග අනුව ජන අනුපාතය අනුව ඛෙදා දෙන්නට කිසිදු බළධාරියෙක්‌ කටයුතු නොකරන ලදි.

සුනාමියෙන් අවතැන් බව පවසමින් පවුල් 303 ක නාම ලේඛණයක්‌ තිබුණත් ආතාවුල්ලා ඇමැතිවරයා පසුගිය සමයේ එම නිවාස වෙනුවට ලක්‌ෂ දෙකහමාරක්‌ ලබා දෙන බව පැවසීමෙන් පසුව නිවාස ලබාගන්නට සිටි 262 නිවාස වෙනුවට මුදල් ලබා ගන්න කැමැත්ත පළ කළහ. ඒ අනුව ඔවුන්ට ලක්‌ෂ එකහමාර බැගින් ලබා දෙන්නට විය. ඉතිරි මුදල් ලබා ගන්නට එම පිරිස උද්ඝෝෂණයක්‌ පවා සිදු කරන්නට වූහ. එම ඉතිරි මුදල් ඉදිරියේදී ලබා දෙන බව බළධාරීන් පවසන්නට විය. ඒ අනුව මුදල් ලබා ගෙන නිවාස එපා කියූ පිරිසෙන් එම අවතැන්වූ ලැයිස්‌තුව අනුව නිවාස ලබා ගැනීමට ඇත්තේ තවත් අඩු පිරිසක්‌ පමණි. නමුත් මේ ආකාරයෙන් ඇතැම් මුස්‌ලිම් දේශපාලන නායකයන්ට අධිකරණ තීන්දුව වලංගු නැද්දැයි අපිට දැනෙන්නේ මේ නරිනාටක දුටු විටය.

උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ සභාපති සේනාපතියේ ආනන්ද හිමියෝ මෙසේ අදහස්‌ දැක්‌වූහ.

අසාධාරණ ආකාරයෙන් මෙම නිවාස ව්‍යාපෘතියේ හදලා තියෙන නිවාස ඛෙදන්න හදපු නිසා අපි දැඩිසේ විරුද්ධ වෙලා අධිකරණයට ගියා. අපි කියන්නේ අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන්න කියලා. රටේ අධිකරණ තීන්දු හිතු මනාපේ වෙනස්‌ කරලා කටයුතු කරන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලබනවා. ඒ අනුව එක්‌ ජනවර්ගයට පමණක්‌ වැඩිපුර නිවාස දෙන්න කටයුතු කරන්න එපා. එහෙම කරන්න වෙන්නේ අපේ මළ කඳන් උඩින් තමයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරන්න. ඒ අනුව කටයුතු කරන්න. එසේ නොවුනහොත් ඊට එරෙහිව උතුර නැගෙනහිර සිංහල සංවිධානයත් මහා සඟරුවනත් දිගාමඩුල්ල ජනතාවත් එක්‌ක අධිකරණ තීන්දුව රැකගන්නට දිවි හිමියෙන් කටයුතු කරනවා යෑයි ද සේනාපතියේ ආනන්ද හිමියෝ පවසා සිටියහ.

සුසන්ත අමර බන්දු දිවයින පුවත්පත වෙනුවෙන් රචිත ලිපියක් ඇසුරෙනි

Comments

අදහස් ලියන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.